law college

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සියලු අධ්‍යාපන කටයුතුවල ගාස්තු 150% සිට 1,400% දක්වා අධික ලෙස ඉහළ දමා තිබේ.

ඒ අනුව, විභාගයට සාමාන්‍ය ඇතුළත් වීමේ ගාස්තුව රුපියල් 6,000 සිට 15,000 දක්වාත්, ආරම්භක වසරේ ගාස්තු ලෙස 18,900 සිට 67,500 දක්වා එනම් සියයට 257.14% කින් ද වැඩි කර ඇති බව සඳහන්.

එමෙන්ම විභාගයට ලියාපදිංචි වීමේ ප්‍රමාද ගාස්තු රුපියල් 1,000 සිට 15,000 දක්වා එනම් 1,500% කින් ද මෙලෙස වැඩි කර තිබේ.

ප්‍රායෝගික පුහුණු සඳහා රුපියල් 6,000 සිට 25,000 දක්වා එනම් 300.67%කින් ද ශිෂ්‍ය අනන්‍යතාව තහවුරු කිරීමේ ගාස්තු රුපියල් 500 සිට 7,500 දක්වා එනම් 1,400%කින් ද වැඩි වීමට නියමිතයි.

 

lanka gossip hot newslaw college

Similar Posts