dailyreporter

අගරපතන වැවිලි සමාගමට අයත් වැවර්ලී වතුයායේ තේ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමිමට විරෝධය දක්වමින් එම වතුයායේ වතු කම්කරුවන් වැඩ වර්ජනයක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත.

මෙම වතුයායෙන් දෛනිකව කඩන තේ දළු ප්‍රමාණය අඩුවිම හේතුවෙන් එම තේ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා එම වතුයායෙන්කඩනු ලබන තේ දළු බැරමෝල් වතුයායේ තේ කර්මාන්ත ශාලාව වෙත රැගෙන යාමට විරෝධය දක්වමින් මෙම වතු කම්කරුවන් මෙසේ වැඩ වර්ජනයක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත.

මෙම වර්ජනයට එක්ව සිටින වතු කම්කරුවන් පවසනුයේ තම වතුයායේ කඩනු ලබන තේ දළු වෙනත් වතුයායක තේ කර්මාන ශාලාවකට රැගෙන යාමට එරෙහිව තමන් වර්ජනය කල බවත් තම වතුයායේ කඩනු තේ දළු දින දෙකක් හෝ එකතු කර තම වතුයායේ තේ කර්මාන්ත ශාලාව තුලම තේ කුඩු නිස්පාදනය කිරිම සුදුසු බවත්ය.

මෙම තත්වයන් පිලිබදව විමසිමට එම වතුයායේ නිලධාරියකු සම්බන්ද කර ගැනිමට උත්සහා කලද එය ව්‍යර්ථ විය.

මනුර සුදත් සෙල්ලහේවා –  හැටන්

lanka hot news

Similar Posts