ඩොලර් නෑ… බොරතෙල් නෑ… ඉදිරියේදී දැවැන්ත විදුලි කප්පාදුවක්

breaking news sri lanka tamil

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග අනිවාර්යෙන්ම දැවැන්ත විදුලි කප්පාදුවක් සිදු කිරීමට වනු ඇති සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ අදහස් පල කලේය.

අද ඩොලර් නෑ. ඩොලර් නැති විතරක් නෙවෙයි ලංකාවේ බැංකු විසින් නිකුත් කරන ණයවර ලිපි ගැන විශ්වාසය සම්පුර්ණයෙන්ම බිඳ වැටිලා. ඒ නිසා පසුගිය මාස කීපය තුල බොරතෙල් ලංකාවට ගෙන්නන්න නිකුත් කරපු ටෙන්ඩර් පහටම එකම සැපයුම්කරුවෙක්වත් ඉදිරිපත් වෙලා නෑ. අපේ පිරිපහදුව වහලා දාන්න වෙනවා.

පිරිපහදුව වැහුවොත් මතක තියාගන්න ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි බලාගාර ගණනාවක් තෙල් පිරිපහදුවේ ඒ පෙට් රල් ඩීසල් හැදුවට පස්සේ ඉතුරු වෙන වෙනත් තෙල් වර්ග වලින් හා තවත් බැර තෙල් වලින් දුවනවා. එතකොට ඒ බලාගාර ටික වැහෙනවා. ඒක තමයි ඇත්ත.

රටේ විදුලිය සැපයුමෙන් 45% ක් පමණ සපයන්නේ පුත්තලම ගල් අඟුරු බලාගාරය විසිනි. එතකොට ඒ ගල් අඟුරු ටෙන්ඩර් එකට කිසිම සැපයුම්කරුවෙක් ඇවිල්ල නෑ. ඇයි? විදේශීය බැංකු ලංකාවේ බැංකුවල ණයවර ලිපි එහෙම නැත්නම් භාරගන්නේ නෑ. එල්සී අරින්න බෑ.

අනාගතයේ අනිවාර්යෙන්ම ලෝක වෙළඳපොලේ මිල ගණන් වලට අනුව නෙමෙයි. අනාගතය අනිවාර්යයෙන්ම රටේ විදුලි කප්පාදුවක් හා බොරතෙල් හිඟයක් එනවා. ආණ්ඩුව මේ යථාර්තය තේරුම් අරගෙන වහ වහා කඩිනම්ව පියවර ගත යුතුයි.

වගාඩම්බර පොර කතා කියන්නේ නැතුව. කියනවා මේ හදනවා කියලා පිරිපහදුවක් ලෝකයේ තියෙන විශාලතම පිරිපහදුවක්, ලංකාවේ ලොකුම එක හදනවා කියලා කියනවා. හරි. ඔය පිරිපහදු කතා අපි දන්නවා. 2010-15 අතරෙත්, ඉරාන ජනාධිපතිතුමා ලංකාවට ඇවිල්ලා පිරිපහදුවකට මුල්ගල තිබ්බා. සපුගස්කන්දේ. ඒ ඒ මුල්ගල තාම පැලවෙනවා.

එහෙම තියාගෙන තමයි මේ අලුත් -පිරිපහදුවක් හදනවා කියලා කියන්නේ. පිරිපහදුව හදන්න කලින්, පිරිපහදුවට මේ තියෙන පිරිපහදුවට බොරතෙල් ටික ගෙන්න ගන්න බැරුව තව අවුරුදු පහකින් එන පිරිපහදුවක් ගැන කතා කරනවා. රටේ බලාගාර වලට අවශ්‍ය කරන ඒ ඉන්ධන ටික සපයා ගන්න බැරුව මන්නාරමේ තෙල් ගවේෂණය ගැන කතා කරනවා. මන්නාරමේ තෙල් ගවේෂණය 1961 දිත් ඉලංගරත්න මහත්තයා කිව්වා ලංකාවේ තෙල් හම්බෙනවා කියලා.

77 දිත් කිව්වා පේසාලෙන් තෙල් හම්බෙනවා කියලා. ලංකාවේ ගෑස් සම්පත තියෙනවා. හැබැයි ඔය කියන ඔය මායාකාරී ඔය මේ කතාවක් නෑ. ඉතාම පොඩි ගෑස් සම්පතක් දැනට හම්බෙලා තියෙනවා. ඒක හම්බුනෙත් මීට අවුරුදු දහයකට කලින්. 2011. එතකොට ඒක මේ රටේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් එකක්.”

ලංකා විදුලිබල මණ්ඩලය අද ඇමරිකානු සමාගමට විකුණලා තියෙනවා. මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ගෑස් සැපයුම කරන්න. එතකොට මන්නාරමේ ගෑස් තියෙනවා. ඒක හාරනවා කියලා ඛනිජ තෙල් ඇමති කියනවා.

හැබැයි ලංකාවට ගෑස් සැපයීම අප්‍රිකාවෙ සමාගමකට බදු දීලා තියෙනවා. ඉතින් මේ වගේ විකාර කතා තමයි අපිට හැමතැනින්ම ඇහෙන්නේ. ඇත්ත කතාව තමයි අර මං කිව්වා වගේ දෙසැම්බරය වෙනකොට බොරතෙල් ගෙනාවේ නැත්නම් පිරිපහදුව වැහෙනවා.

ඒ එක්කම ලංකා විදුලිබල මණ්ඩලයේ මෙගාවොට් 200 කට ආසන්න බලාගාර ටිකක් වැහිලා යනවා. ගල් අඟුරු ගෙනාවේ නැත්නම්, ලබන දෙසැම්බරයෙන් පස්සේ මේ රටේ විදුලි සැපයුමෙන් 45% ක් යනවා. අඩුම ගානේ පැය 12 ක විදුලි කප්පාදුවක් රටේ සිද්ධ වෙන්න නියමිතයි. මේ අභියෝගය දනගෙන ක්‍රියා කිරීම අතිශය අවශ්‍යයයි.”

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….