මිහින්තලේ නිධන් සෙවු වනජීවි නිලධාරියා ඇතුලු පිරිසට ඇපත් නැති වෙයි!

mihinthale

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදි මිහින්තලය පූජා භූමියේ රාජගිරි ලෙන බිද නිදන් සෙවූ වනජීවි නිලධාරියෙකු ඇතුළු දොලොස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව තවදුරටත් මේ මස (29දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක සංජය ජයසුරීය මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කළුතර උතුර පදිංචි මිහින්තලය වනජීවි සංචාරක නිවාසය බාර නිලධාරිවරයා හා පෙරමියන්කුලම එප්පාවල පස්සර බදුල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22 හා 51 වියේ පසුවන්නන් දොළොස් දෙනෙකි.

සැකකරුවන් නිදන් හෑරීම සිදුකළ ස්ථානය නිරික්ෂණය කර එම ස්ථානය පුරාවිද්‍යා ස්ථානයක්ද යන්න තහවුරු කරන ලෙස විනිසුරුවරයා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට නියෝග කළේය.

එමෙන්ම අදාල කැනීම සිදුකළ ස්ථානය පරික්ෂණ වලින් පසුව වසා දමන ලෙස විනිසුරුවරයා පොලිසියට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට නියෝග කළ අතර කඩිනමින් පුරාවිද්‍යා වාර්ථාවන් අධිකරණයට ඉදිරිපත් කරනා ලෙස නියෝග කළේය.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලය පොලිසියේ නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ මිහින්තලය පුරාවිද්‍යා කළාප බාර නිලධාරි මංජුල රස්නායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ගොස් සැකකරුවන් 12 දෙනා අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් මිහින්තලය රාජගිරි ලෙන පිහිටි පුරාවිද්‍යා භූමියේ නිදන් සෙවිම සදහා ලෙන අසලින් අඩි 13ක් දිග අඩි නමයක් පළල හා අඩි නමයාහමාරක් ගැඹුරු කැනීමක් සිදුකර ඇති බව පොලිසිය මීට පෙර අධිකරණයට දැන්වූවේය.

සැකකරුවන් අදාල ස්ථානය හාරා විශාල ගල් කුට්ටි ඉවත්කර තිබෙනා බවත් වනජීවි නිලධාරියාගේ සංචාරක නිවාසය අදාල ස්ථානය ආසන්නයේම පිහිටා ඇති බවත් පොලිසිය මීට පෙර අධිකරණයට දැන්වූවේය.

සැකකරුවන් චේන් බොලොක්ක කුඩා දොඹකර යොදා ගෙන විශාල ගල් කුට්ටි ඉවත්කර තිබෙනා බව පොලිසිය අධිකරණයට දැන්වු අතර රාජගිරි ලෙන ආසන්නයේ රජසමයේ වැල දැමූ වටිනා වස්තු සම්භාරයක් තිබෙනා බවට පැවත එන ජනප්‍රවාදයන්ට අනුව සැකකරුවන් ස්ථානය හරා නිදන් සොයන්නට ඇති බව පොලිසිය මීට පෙර අධිකරණයට දන්වා තිබුණි.

සැකකරුවන් සන්තකයේ තිබි පිකස් උදළු අලවංගු දම්වැල් චේන් බොලොක්ක පූජා භාණ්ඩ ඇතුළු නඩු භාණ්ඩ තොගයක් පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් සිරිවර්ධන පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස් ඇල්ලේපොල පොලිස් සැරයන් 36446 සෙනරත් බණ්ඩාර වීරකෝන් පොලිස් කොස්තාපල් 23118 පෙරේරා ඇතුළු නිලධාරින් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරති.

අනුරාධපුර මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….