MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්නෙන් හානියට පත් වු ධීවරයින්ට අද සිට වන්දි මුදල්!

MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති රුපියල් මිලියන 720 ක වන්දි මුදලෙන් මිලියන 420 ක මුදලක් ධීවර ජනතාව වෙනුවෙන් වන්දි වශයෙන් ලබා දීම අද (13) දින සිට ආරම්භ කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

වන්දි මුදල් ලබාදීමේ ක්‍රියාවලියේදී ධීවර ජනතාවට ප්‍රමුඛත්වය ලබාදුන් බවත් විශේෂයෙන් සාගරය තුළ ගිලි තිබු නෞකාවේ තිබු කන්ටේනර් ඇති ස්ථාන හදුනා ගැනීම  පිළිබදව කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා ඉන්දීය නාවික හමුදාවේ සහාය ද ලැබී ඇති බවත්, එහෙත් පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එය ප්‍රමාද  විය හැකි බවත්, අමාත්‍යවරයා පවසයි.

විශේෂයෙන් වන්දි ලබා ගැනීමේ ක්‍රියාවයේ නීතිමය කටයුතු සිදු කිරීම  ජාත්‍යන්තර රක්ෂණ සමාගම් සමඟ සිදු කරන බැවින් සිදු වු හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලියේදී අපේ රටට හිමිවිය යුතු හිමිකම්පෑම සඳහා සඳහා ජාත්‍යන්තර නීතීඥ සමාගමක සහාය ලබා ගැනීමට තීරණය කර ඇති බවත්, නීතිපතිතුමාගේ උපදෙස් අනුව අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය ඇතිව එම නීතිඥ සමාගම තෝරා ගැනීම සිදු කරන බව ද ඔහු පවසයි.

සිදු වු හානිය වෙනුවෙන් රුපියල් මිලියන 720 ක වන්දි මුදලක් මහ බැංකුව වෙත මේ වන විට ලැබී ඇති අතර, ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ඉන් රුපියල් මිලියන 420 ක් පමණ වු මුදලක් ධීවර ජනතාව වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට වෙන් කර තිබෙන අතර තවදුරටත් මෙම සිදුවීමෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ද තමන්ට සිදුව ඇති හානිය පිළිබඳව අයදුම් කළ හැකි බවත්, හානිය තහවුරු කර ගැනීමෙන් පසුව ඔවුන්ට ද වන්දි මුදල් ලබාදීමට නියමිත බවද කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වන්දි ලබා ගැනීම පිළිබදව තවත් සාකච්ඡාවක් ඔහුගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ    හා   නීතිපති ජනාධිපති නීතීඥ  සංජය රාජරත්නම් මහතාගේ සහභාගිත්වයෙන් (2021.07.12) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වු සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එසේම මෙහිදි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා වැඩිදුරටත්  සඳහන් කළේ මේ වන විට ලැබී ඇති වන්දි මුදල් බෙදාදිම පිළිබඳව මෙන්ම ඉතිරි වන්දි මුදල් ලබා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරීයේ සභාපතිනි දර්ශනී ලහඳපුර ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර යන මහත්ම මහත්මීන් සාකච්ඡාවේදී අදහස් පළ කර ඇත.

ශානිකා

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….