උත්සව ඇතුළු විෂය කේෂ්ත්‍ර රැසක් සඳහා නව මාර්ගෝපදේශ මාලාවක්

margapadesa

කොවිඩ් -19 වෛරසය සමග රට නව සාමාන්‍යකරණයට ලක් කිරිමට අදාලව අද(01) දිනයේ සිට ලබන 15 වෙනිදා දක්වා බලපැවැත්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

විවාහ මංගල්‍ය සඳහා උත්සව ශාලාවල ඉඩ ප්‍රමාණයෙන් 1/3ක ප්‍රමාණයක් හෝ උපරිම අමුත්තන් සංඛ්‍යාව 200 දෙනෙක්ට අවසර හිමිවන අතර එළිමහනේ පැවැත්වෙන විවාහ උත්සව සඳහා 250 දෙනෙකුට අවසර හිමිව ඇත. කෙසේ වුවත් විවාහ මංගල උත්සව සඳහා මත්පැන් ලබාදීම තහනම් වේ.

ඒ අනුව සිනමාශාලා සඳහා ආසන පහසුකම් අනුව සීයයට 75ක පිරිසකට ඇතුල්වීම අවසර හිමිව ඇත. ක්‍රීඩා කටයුතු සිදුකිරිමට අවසර ලබාදී ඇති අතර තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර නැත.

ශාලාවල පැවැත්වෙන පෞද්ගලික උත්සව සඳහා උපරිම 100 දෙනෙකුට සහභාගිවිය හැකි අතර නිවස තුල පැවැත්වෙන උත්සවයකට සහභාගිවිය හැකි සංඛ්‍යාව 10කට සිමා කර ඇත. කෙසේ වුවත් එළිමහන් සාද පැවැත්වීම තවදුරටත් තහනම් වේ.

ආපනශාලා තුල ආහාර ගැනීමේදී එකවර අසුන් පැනවිය හැකි උපරිම සංඛ්‍යාව 100 දෙනෙකු වන අතර එළිමහන් ස්ථානයක නම් පුද්ගලයින් 150 කට අවසර ලබාදී ඇත.

වෙළෙඳ සැල්, ෆාමසි සහ සුපිරි වෙළෙඳසැල් සඳහා එකවර ඇතුල්විය හැකි සංඛ්‍යාව එහි ඉඩ ප්‍රමාණයෙන් 1/3ක පිරිසකට පමණි.

කොණ්ඩා කපන ස්ථාන සඳහා පැමිණිය හැක්කේ පෙර වේලාවන් වෙන් කර ගන්නා පාරිභෝගිකයින්ට පමණයි.

ආර්ථික මධ්‍යස්ථාන, සති පොළවල්, ජංගම වෙළෙඳුන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව වැඩ කටයුතු පැවැත්වේ.

ආගමික ස්ථාන සඳහා බැතිමතුන් පැමිණීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුවේ.

සම්මන්ත්‍රණ ශාලා ආදිය පවත්වාගෙන යාමේදි නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු අතර උපරිම සංඛ්‍යාව 150 කට සීමා විය යුතුය.

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා පමණක් උපකාරක පංති පැවැත්විය හැකි අතර එකවර සහභාගිවිය හැකි ප්‍රමාණය ඉඩ ප්‍රමාණයෙන් 50% ක් වේ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….