කඳුරට දෙමළ ප්‍රජාව සමාජයට ඒකාබද්ධ කරීමට කමිටුවක්

kadurata

කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාව තවදුරටත් ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාවගෙන් ඇතැම් පිරිසක් සාර්ථක ලෙස ශ්‍රී ලාංකීය සමාජයට ඒකාබද්ධ වී ඇති නමුත්, තවත් පිරිසක් එහිදි අසාර්ථක වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ට සහාය වීමට කටයුතු කරන බව ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ලංකා කම්කරු කොංග්‍රසය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඉන්දියාවේ පොන්ඩිචෙරි යූනියන් බලප්‍රදේශය සහ ඉන්දීය ජනතාව විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ තොගයක් භාරගැනීමේ අවස්ථාවට ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.

වසර 23 කට පෙර අභාවප්‍රාප්ත වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා සිහිපත් කිරීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා විසින් මෙම ඖෂධ තොගය නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාර දුන් අතර ජනාධිපතිවරයා එම අවස්ථාවේදීම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත භාර දෙනු ලැබීය.

වතුකරයේ රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමට කටයුතු කරන අතරම වතුකරයේ පාසල්වල සංවර්ධනය සහතික කිරීමට තමන් කටයුතු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

කඳුකරයේ ජීවත්වන දෙමළ සම්භවයක් ඇති ජනතාවට ඉඩම් ලබාදීමට සහ ඒවායේ නිවාස ඉදිකිරීම් කටයුතු සාර්ථකව සිදුකරගෙන යාමට රජයේ සහාය ලබා දෙනුයේ අනෙකුත් ජන කණ්ඩායම්වලට මෙන්ම ඔවුන්ටද තමන්ගේම නිවසක ජීවත්වීමට අවස්ථාව ලැබිය යුතු නිසා බව ජනාධිපතිවරයා පැවසිය.

අධ්‍යාපන කටයුතු අවසන්විමෙන් පසු තරුණ තරුණියන් වතුකරය හැර යාමේ ප්‍රවණතාවයක් මතුව ඇති අතර ඉන් අවධානමට ලක්ව ඇති වතු ආර්ථිකය නැවත ගොඩගැනීමට පියවර ගන්නා බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතුකරයේ තරුණ තරුණියන්ට මෙන්ම රටේ සියලු තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකරදීමට රජය කටයුතු කරමින් සිටින බව ද පැවසීය.

වතුකරයේ ජීවත්වන ජනතාවගේ අනාගතය සහ වතු ආර්ථිකය නඟාසිටුවීම පිළිබඳ රජය තවදුරටත් සොයා බැලිය යුතු වන්නේ වතු ජනතාව දරිද්‍රතාවයෙන් මුදා ගනිමින් ආර්ථික වශයෙන් නඟා සිටුවීමට බව බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට අනුව කඳුකරයේ ජිවත්වන දෙමළ සම්භවයක් ඇති ජනතාවට රටේ අනෙකුත් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට හිමි වරප්‍රසාද ලබාදීමට රජය තවදුරටත් පියවර ගන්නා බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම වැඩපිළිවෙළ සමග එක්වන ලෙස කඳුකරයේ දෙමළ නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

අභාවප්‍රාප්ත සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා කදුකරයේ ජනතාව වෙනුවෙන් ඉටු කළ සේවය ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා ශ්‍රීමා-ශාස්ත්‍රී ගිවිසුමෙන් පසු නැවතී සිටි ඉන්දීය සම්භවයක් ඇති සියලුම ජනතාවට අවිහිංසාව තුළින් පුරවැසිභාවය ලබා දුන් නිසා එතුමා 20 වැනි සියවසේ ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ටතම නායකයකු බවට පත්ව ඇති බව ප්‍රකාශ කළේය. ශ්‍රීමා-ශාස්ත්‍රී ගිවිසුම යටතේ රටින් යා යුතුව තිබූ නමුත් ශ්‍රී ලංකාවේ නැවතී සිටීමට තීරණය කළ පුද්ගලයන්ටත් පුරවැසිභාවය ලැබුණු බව ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….