benthara

හලාවත – කොළඹ මාර්ගය මාදම්පේ සහ මහවැව යන ප්‍රදේශවලින් ජලයෙන් යට වී ඇති අතර තිනිපිටියවැව සහ කඩුපිටිඔයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමගම මේ වනවිට අවිත්තාව සිට වලල්ලාවිට දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ යගිරල ප්‍රදේශය ජලයෙන් යට වී තිබෙනවා.

අවිත්තාව පාලම හරහා ගලා බසින බෙන්තර ගඟ එම පාලම අසලදී ජලය ගලා බැසීම මන්දගාමී වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශවල පහත්බිම් රැසක් ද තවමත් ජලයෙන් යටව පවතින අතර, බෙන්තර ගඟ පිටාර ගැලීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙනවා.

මහනුව, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සහ මීට අමතරව බදුල්ල, කොළඹ, ගාල්ල, සහ කළුතර යන දිස්ත්‍රික්කවලට ද නිකුත් කර ඇති නාය යාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.

එමෙන්ම, මාතලේ, රත්නපුර, ගම්පහ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට ද නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

news papers sinhala

 

Similar Posts