එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සාමාජිකයන් ඇතුළු සිරකරුවන් 93 දෙනෙකුට නිදහස

ශ්‍රී ලංකා රජයට ආරක්ෂක අංශ වලට එරෙහිව සටන් වැදි හිටපු එල්.ටී.ටී.ඊ ත්‍රස්ථ සංවිධානයේ සාමාජිකයන් ඇතුළු සිරකරුවන් 93 දෙනෙකු පොසොන් පුර පසලොස්වක පොහොය දිනය යෙදුනු ඊයේ  (24දා) දිනයේ දිවයින පුරා පිහිටි බන්ධනාගාර 28කින්  ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දුන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන්  කළේ ඊයේ (24දා) අනුරාධපුර බන්ධනාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.රැදවියන් 93 දෙනා අතරන් 16 දෙනෙකු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දඩුවම් ලබා සිටි රැදවියන් වන අතර අනෙක් රැදවියන් 77 දෙනා සාමාන්‍ය වැරදි සදහා අධිකරණය මගින් නියම කළ දඩුවම් හේතුවෙන් බන්ධනාගාර ගතකළ රැදවියන් වේ.

අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි ශ්‍රී ලංකා රජයට හා ආරක්ෂක අංශ වලට එරෙහිව සටන් වැදි එල්.ටී.ටී.ඊ ත්‍රස්ථ සංවිධානයේ සාමාජිකයන් 15 දෙනෙකු සදහා ඊයේ  (24)උදෑසන ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක යන මහත්වරුන් කියා සිටියේ ඉදිරියේදී මරණ දඬුවම නියමවූ රැදවියන්ගේ දඬුවම ලිහිල් ⁣කිරීමක් වශයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් බවට පත් කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම පිළිබද සොයාබලා එම අවස්ථාව ලබාදීමට කටයුතු කරනා ලෙස බන්ධනාගාර පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වතතේ මහතා විසින් ජනාධිපතිවරයාට සහ අධිකරණ අමාත්‍යවරයාට දන්වා ඇති බවයි.

නිදහස ලැබීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ හිටපු එල්ටීටීඊ සිරකරුවෙකුවූ කිලිනොච්චියේ පදිංචි සූරිය මුත්තු ජිවොසන්.අද දවස අපිට ඉතාමත් සතුටු දවසක් එය කියලා නිම කරන්න බැහැ.

එයට හේතුව තමයි මීට පෙර ජනාධිපතිතුමා මැගසින් බන්ධනාගාරයට ආපු වෙලාවේ අපේ සිරකරුවෝ  ජනාධිපතිතුමාට කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා එල්. ටී. ටී. ඊ රැඳවියන් විදිහට අපි  අපේ පවුල් වල අය ඉතා දුක්බර ජීවිතයක් ගත කරන්නේ  කියලා.

ඒ අනුව කෙටි කාලය තුළ ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව බන්ධනාගාරයේ නිලධාරීන්  ඒ ගැන සලකා බලා සම්මුඛ පරීක්ෂණයක් කරලා අපිට සමාව ලබා දෙන්න තීරණය කරලා අද ඒ ගැන අපිට ලොකු සතුටක් තියෙන්නේ.ඒ වගේම දීර්ඝ කාලයක සිට ඉන්න එල් .ටී.ටී ඊ සිරකරුවෝ තව ඉන්නවා ඒ අයටත් මේ වගේම මොකක් හරි සහනයක් ලබා දෙන්න කියලා අතිගරු ජනාධිපති තුමාගෙන් මම මේ වෙලාවේ ඉල්ලා සිටිනවා.

බන්ධනාගාර පුනරුත්ථාපන අංශය ලබාදුන් සහයෝගය නිසා හොද පුනරුත්ථාපනයක් ලබාගැනීමට හැකි වුනා එහිදී සිංහල භාෂාව හොදින් ඉගෙන ගෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය ඉහලින් සමත්වීමටත් හැකිවුණා .අපි බන්ධනාගාරගත වෙලා අවුරුදු 12 කට වැඩිය කාලයක් ඉඳල තමයි මේ අද ගෙවල් වලට යන්නේ.

අද අද දිනයේ නිදහස් වෙලා ගිහිල්ලා අපි සමාජයේ හොඳ පුරවැසියෝ විදිහට ජීවත් වෙන්න සියලු දෙනා කතා කර ගත්තා. සමාජයේ හොඳ විදියට ජීවත් වෙනවා.මම අනෙකුත් සිරගත වෙලා ඉන්න සිරකරුවන්ට කියන්න කැමතියි හොඳ කල් ක්‍රියාවෙන් ජීවත් වෙලා සමාවක් ලැබිලා එලියට ඇවිත් රටේ හොඳ පුරවැසියෝ විදියට ජීවත් වෙන්න කියලයි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….