gossip news today

ඖෂධ මිල ගණන් අඩු කිරිමට රජය විසින් පියවර ගත්තද  ප්‍රදේශ කිපයකම සමහර ඔසු සැල්වල එම ඖෂධ මිල ගනන් පහළ දමා නොමැති බව බොහෝ පිරිසක් පවසති.

මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ ඖෂධ මිල ගනන් ඉහල ගිය සැනින් ඖෂධ මිල ගනන් ඉහල දමන මෙකි ඔසු සැල් හිමියන් එම ඖෂධ මිල ගනන් පහාල දැමු විට එම මිල ගනන් පහල නොදැමිම දැඩි අසාධාරනයක් බවත්ය.

මෙම තත්වයන් පිලිබදව විමසිම් කරන විට වැඩි මිලට ගත් ඖෂධ වල නව මිල ගනන් මෙතෙක් ලැබි නොමැති බවක් පවසමින් මෙම ඔසු සැල් හිමියන් ජනතාව රවටන බවත් මෙම තත්වයන් පිලිබදව පාරිභෝගික අධිකාරියේ නිලධාරින් හෝ  මෙම ඖෂධ සම්බන්ද නිලධාරින් හෝ සොයා බලා අඩු කල මිලට ඖෂධ ලබා ගැනිමට ජනතාවට අවශ්‍ය සහාන ලබා දිමට පියවර ගත යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

 

gossip news today

Similar Posts