කුඩා තේ හිමියන්ට නිර්දේශිත කාබනික පොහොර නැහැ

තේ වගාවට සුදුසු කාබනික පොහොර වර්ගයක් මෙතෙක් රටේ කිසිදු ආයතනයක් නිෂ්පාදනය නොකිරිමෙන්  කුඩා තේ ඉඩම් හිමියන් බරපතල ගැටළුවකට මුහුණදි  සිටිති. රටම කාබනික වගාවට පරිවර්තනය වෙමින් තිබෙන මොහොතක තේ වගාවද කාබනික පොහොර යොදා වගා කිරිමට තමන් සුදානම් නමුත් තේ වගාවට සුදුසු කාබනික පොහොර වර්ගයක් මෙතෙක්  කාබනික පොහොර නිෂ්පාදන ආයතන  නිපදවා නැතැයි කළුතර දිස්ත්‍රික්කයේ කුඩා තේ ඉඩම් හිමියන් කියති.

රසායනික පොහොර වසංගතයෙන් අනිවාර්යෙන්ම මිදි ගහට කොළට සතා සිව්පාවාට,හිතකර කාබනික පොහොරට මාරුවිම සදහා මේ වනවිට තේ වගාවට සුදුසු කාබනික පෝර සෙවු නමුත් එවැනි පොහොරක් මෙතෙක්  හමුනොවු බව ගොවින් චෝදනා කරති.

තේ වගාවේ  පැළ සදහා  T – 65 “පළමු අවුරුද්ද හා දෙවන අවුරුද්ද  පැළ සදහා – T – 200 “ තුන, හතර හා පස් වන අවුරුද්දක් වයස  පැළ සදහා  T – 834 / 880 /  සහ 752 කියල රසායනික පෝර නිර්දේශ තුනක් තියෙනවා. වගාවෙ වයස අනුව තේ වගාවට යෙදිය යුතු පොහොර නිර්දේශ වෙනස් වෙනවා. දලු නෙළන  වගාවටත්  T –   709  / 750  හා 11 – 30 ආදි වශයෙන්තේ  රසායනික පෝර වර්ග, සංයුතින් වෙනස් වන බව ගොවින් පෙන්වා දෙති.මේ ආකාරයට  කලින් කලට වගාවේ වයස, පස, ප්‍රදේශ අනුව පොහොර නිර්දේශ  තේ පරික්ෂක  හා ව්‍යාප්ති නිළධාරින්ගේ  අධික්ෂණයෙන් සිදු වුවත් වර්තමානයේ තේ සදහා වෙනම  කාබනික  පොහොරක් නැතැයි ගොවි ජනතාව කියති.

මේ වනවිට කාබනික පොහොර නිදවන පෞද්ගලික කාබනික නිෂ්පාදකයින් සදහන් කරන්නේ තේ සදහා වෙනම  නිෂ්පාදනයක් නැති බවත් වී, එළවළු, රබර්,කුරුදු ආදි ඹ්නෑම වගාවකට කාබනික පොහොර යොග්‍ය බවයි.

කළුතර දිස්ත්‍රික්කයේ තේ වගා ව්‍යාප්ති හා තේ පරික්ෂක නිළධාරිණියක කිවේ මෙතෙක්  තමන් දන්නා තරමින් මේ රටේ තේ සදහා වෙනම කාබනික පෝර වර්ගයක් නිපදවා නැති බවයි.  මාසෙකට දින හතරක් තේ ගසේ දලු කඩනවා. ඒ කියන්නෙ විශාල නයිට්‍රිජන් ප්‍රමාණයක්  තේ ගසින් ඉවත්වෙනවා. ඒ නිසා ඉවත් වන නයිට්‍රිජන් ප්‍රමාණය ක්ණිකව  තේ ගසට, පොලවට ලබා දිය යුතුයි. එසේ නොවුනොත්  තේ වවන්න පුළුවන් හැබැයි තේ දලු නෙලන්න බැහැ.

අපි දැනට කරන්නෙ  තිබෙන සහ ලැබෙන රසායනික  පොහොර ටික තේ කර්මාන්ත ආයතන මගින් තේ දලු කිලෝ ගණන අනුව  බෙදල ගොවින්ට  දෙනව. නමුත් මේක ප්‍රමාණවත් නැහැ කියල ගොවින් චෝදනා කරනවා. වෙළදපලේ තිබෙන මේ කාබනික පොහොර බොහෝමයක් කිසිදු ප්‍රමිතියක් නැහැ.විශේෂයෙන්ම ඒවායේ තිබිය යුතු නයිට්‍රිජන් ප්‍රතිශතය නැහැ.

ඒ ගැන සදහනක්වත් නෑ.කාබනික පොහොර කියන්නෙ නිකම්ම කොළරොඩු, ගොම හෝ අලු මිශ්‍රණ නෙමෙයි. රජයේ නිළධාරියෙකු ලෙස විතරක්වෙමෙයි මේ රටට, ජනතාවට ආදරේ කෙවෙකු ලෙස මේ රටේ කාබනික වගාවට  මම කැමතියි. ඒක කළ යුතුමයි. නමුත්  ඒ සදහා ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. ( මෙම නිළධාරිනියගේ නම ඡායා රූප පළ නොකරන්නැයි ඉල්ලිමක් කලාය )

ඉත්තෑපාන – පී.කේ. පාලිත මහතා.

අපි ආණ්ඩුවට විරුද්ධ නෑ. මම දිගටම මහින්ද මහත්තයට ඡන්දෙ දුන්නා. නමුත්  එක පාරට මේක පොල්ලෙන් ගැහුව වගේ රසායනික පෝර නතර කලාම  අපි ජිවත්වෙච්ච තේ වගාවට මෙකෙද වෙන්නෙ. කාබනික  කියල තියෙන්නෙ කොළ රොඩු ටිකක් විතරයි. තේ වලටයි, වි වලටයි, කුරුදු වලටයි හැම එකටම දාන්න තියෙන්නෙඑකම කාබනාක පොර වර්ගයමයි. තේ වගාවට  නයිට්‍රජන් ඕන කියල තේ මහත්තය කියනව. නමුත් කාබනික පෝර කවරෙ එහෙම ජාතියක නම වත් නෑ.

පි.ඩි. ලිලත්  හැඩිගල්ල.

අපි කාබනික පෝර වලට කැමතියි. නමුත් ඒකට දලු නෑ. අනෙක රසායනික පෝ මිටියක් රුපියල් 1500 ගානෙ  මිටි හතරකට රුපියල් 6000 යි.මේ ඉඩමට කාබනික පෝර මිටි  10 ක් හෝ 15 ක් දාන්න ඕනා එතකොට ඒ සදහා 1300 ක් විතර යනවා. ඊට අමතර දියර පෝරත් ටැංකි අටක් ගහන්න ඕනා. එක ටැංකියකට රුපියල් 200 ක් යනවා. මේ සේරම කලත් සියයට පනහකින් දලු ප්‍රමාණයත් අඩුයි.

බුලත්සිංහල  සුමිත් කුමාර මහතා.

තේ වලට දාන්න ගෙනාව කාබනික පොරවල තනිකරම තියෙන්නෙ දහයියා අළුයි, වැලියි විතරයි. කිලො 40 රුපියල් 850 ක්වුණා. තේ ගස්වල දලු නැහැ. කොල මෝරනව විතරයි. තේ පරික්ෂක මහත්තයට කිව්වම එයා කියනව කරන්නදෙයක් නෑ කියල.තේ වලට දාපු කාබනික පෝර කවරයෙ තියෙන්නෙ ගොම, කොළ අතු, කුකුල් පෝර, බෝග අවශේෂ, ජලජ පැලෑටි, කොහුබත් සහ දහයියා අගුරු  විතරයි. මේ මිශ්‍රණයේ කිලෝ 40 රුපියල් 850 ක්වෙනවා.

පාලින්ද නුවර චන්ද්‍රකා මහත්මිය.

ඉඩමට තේ පැළ හිටවන එක නතර කළා . පැළවලට දාන්න පෝර නෑ. කාබනික පෝර දාල ටිකක් හිටෙව්වා. ඒක කහ ගැහැ ගැහි තියෙනවා.  හිටවල තියෙන පැළ වලට දාන්න දෙයක් නැතිව මේ “ලාඩප්ප“ කොළ දානවා.

මෝල්කාව  ගලහිටියේ – එස්.වි. මහේෂ් මහතා.

අක්කර දහයක්, පහලවක් තේ වගා කර තියෙනවා. බද්දටත් ඉඩම් අරගන තියෙනවා. කාබනික පෝර ක්‍රමයට අපි විරුද්ධනෑ. නමුත් තේ වලට ගැලපෙන කාබනික පෝර නිපදවලා මේක කලා නම් හරි. මේ විදිහට ගියෙත් තේ වගාව අතහැරල දාන්න වෙනවා.

එස්. පොද්දෙණිය – මීගහතැන්න

ada paththare, c news in sinhala, c news sinhala sri lanka, divaina epaper, e news in sinhala, epaper lankadeepa,
esana news, laankadeepa, lanka news paper,

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….