e news sri lanka

බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරවලට බදු ගෙවීම සඳහා සති 2ක සහන කාලයක් ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අදාල ආයතන රුපියල් කෝටි 600ක බදු මුදලක් ගෙවීම පැහැර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එම ආයතන බදු මුදල් ගෙවීමට කටයුතු නොකළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි.

 

e news sri lanka, dailyreporter

Similar Posts