school

අදින් ඇරඹෙන ප්‍රාථමික අංශවල ඉගැන්වීම් කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා අද පැහැදිලි කිරීමක් කළේය.

“පන්තියක ළමයි 20ක් නම් හැමදාම එන්න, 21- 40 කොටස් දෙකකට බෙදා දිනක් හැර දිනක් පවත්වන්න. මුල්ම දවස් තුනේ ක්‍රියාකාරකම් සිදුකරයි.

එසේම නිල ඇඳුම් භාවිත කළ නොහැකි තත්ත්වයෙන් පවතී නම් පාසලට ගැලපෙන සුදුසු ඇඳුමකින් සැරසී සිසුන්ට පාසලට පැමිණීමට හැකියි. ගුරුවරුන්ට පළාත් අතර මාරුවෙන්න බැරිනම් SMS එකක් එවන්නම්.”

එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් එල්. එම්. ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ පාසල් පැමිණීමේ දී සපත්තු පැළඳීම ද අනිවාර්යය නොවන බවය.

මීට අමතරව පසුගිය 21 වනදා සිට ළමුන් 200ට අඩු පාසල් විවෘත කිරීමට රජය පියවර ගනු ලැබීය.

ඒ අනුව, අද දිනයේ සිට දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එල්. එම්. ඩී ධර්මසේන මහතා සඳහන් කළේය.

Similar Posts