රූපවාහිනී විකාශ කටයුතු ඩිජිටල්කරණය වෙයි

television digital

මෙරට රූපවාහිනී විකාශ කටයුතු ලොව සුපිරිම තාක්ෂණය වෙත පරිවර්තනය කිරීමේ දැවැන්ත ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හෙට (28) කොළඹදී ආරම්භ කෙරේ.

යල්පිනූ තත්ත්වයෙන් යුතු තාක්ෂණයක් ඔස්සේ දැනට මෙරට පවත්වාගෙන යන රූපවාහිනී විකාශන ක්‍රමවේදය (Analog) ඉන් මුදාගෙන නව ලොව සුපිරිතම තාක්ෂණය වෙත පරිවර්තනය කිරීමේ දැවැන්ත මහා පෙරළිය රූපවාහිනී විකාශ ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය (Digital) ඇරඹීම කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමකි.

“සුපැහැදිලි දසුනින් අනාගතය දකින්නට සුවහසක් ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රේක්ෂක ජනතාවට මංපෙත් විවර කරමින්” මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හෙට ප.ව. 7ට කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේදී ඇරැඹෙන අභිමානවත් අවස්ථාවට ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වේ.

ජපාන රජයෙන් ශ්‍රී ලංකාවට දෙන සුවිශේෂ මූල්‍ය පහසුකමක් යටතේ නව ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන අතර, මෙයින් මෙරට රූපවාහිනී නාලිකා විකාශකයන්ට, ප්‍රේක්ෂකයන්ට හා පොදුවේ මුළුමහත් ජනතාවටම සුවිශාල වරප්‍රසාද සහ ප්‍රතිලාභ අත් වෙයි.

දැනට මෙරට ක්‍රියාත්මක විකාශන ක්‍රමවේදය යටතේ එක් එක් නාලිකාවකට තනි තනි සංඛ්‍යාත පරාස භාවිතා කිරීමට සිදුවෙයි. එනමුත් නව ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ඔස්සේ මෙරට සංඛ්‍යාත පරාසය (Frequncy Spectrum) සුවිශල් ධාරිතා වර්ධනයක් සිදුවීමත් සමඟ තනි සංඛ්‍යාතයකට ධාරිතාව අට ගුණයකින් නොඑසේ නම් සියයට 800කින් ඉහළ යාමක් සිදුවේ.

මේ නිසාම දැනට මෙරට ක්‍රියාත්මක රූපවාහිනී නාලිකාවලට අමතරව තවත් රූපවාහිනී නාලිකා 200ක්, වැඩසටහන් රාශියක් අලුතින් විකාශය කිරීමට ඉඩ ලැබේ.

එය කොවිඩ් වසංගතය වැනි තත්ත්වයක් තුළ ඇහිරී සිටින ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ජනයාට තම ජනමනස දැනුමින් හා රසාස්වාදයෙන් මුසපත් කර ගැනීමට හොඳ විසඳුමක්ද වනු ඇත.

සංඛ්‍යාත පරාසය භාවිතා කිරීමේදී රූපවාහිනී නාලිකාවලට ලබා දෙන ප්‍රමාණය ඵලදායි හා කාර්යක්ෂමව භාවිතයට ගැනීමට ඉඩ සැලසෙන අතර, අතිරේක සංඛ්‍යාත භාවිතයට ගනිමින් රැහැන් රහිත පුළුල් පරාස (Broadband) සහිත අන්තර්ජාල පහසුකම් ග්‍රාමීය ජනතාවට ලබා දීමට හැකියාව ලැබීම රට ලැබූ විශාල ජයග්‍රහණයකි.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) විසින් ඉතා සරල කොන්දේසි යටතේ වසර දහයක සහන කාලයක් සහිතව වසර හතළිහකින් ගෙවා නිම කළ යුතු මූල්‍ය පහසුකමක් මෙරටට දෙමින් මෙම ව්‍යාපෘතිය බලගැන්වීමට කටයුතු කෙරේ.

ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සඳහා හුරුවීමට අවශ්‍ය විකේතන උපකරණ (STBs) පහසු මිලකට ජනතාවට ලබාදීමට ද ඒවා තරගකාරී වෙළෙඳපොළ තුළ අවශ්‍ය ප්‍රමාණයට සැපයීමක් ලෙස ඕනෑම කෙනෙකුට මිලදී ගැනීමට ද හැකි පහසුකම් වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා රජයත් ජපානයත් එකඟතාවකට පැමිණ ඇත.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….