USAID අරමුදල් නැවැත්වීම සම්බන්ධව සාකච්ඡාවකට සූදානම්

usaid money of Kuwait modern money theory money control

මෙරට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සමඟ සාකච්ඡාවකට සූදානම් වන බවට වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවලට එක්සත් ජනපද නියෝජිතායතනය විසින් අරමුදල් සැපයීම නැවැත්වීමට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයෙන් මෙරටට ඇති විය හැකි බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම එහි මූලික අරමුණ වී තිබේ.

සිවිල් සමාජ සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන සාමූහික සම කැඳවුම්කරු පිලිප් දිසානායක මහතා

philpමෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළකරමින් සිවිල් සමාජ සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන සාමූහික සම කැඳවුම්කරු පිලිප් දිසානායක මහතා පෙන්වාදෙන්නේ අමෙරිකාවේ මෙම තීරණය පැමිණ ඇත්තේ, ශ්‍රී ලංකාවට අරමුදල් සැපයූ ප්‍රධාන ආයතන කිහිපයක් මුදල් ලබාදීමෙන් වැළකී සිටින හෝ පසුගිය කාල වකවානුවේ ලබාදුන් අරමුදල් ප්‍රමාණය අඩුකර ඇති පසුබිමක බවයි.

එවැනි ආයතන ඉවත්වීමෙන් අනතුරුව ඇති වූ අතිරික්තකය පුරවා ඇත්තේ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සහ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැනි අරමුදල් සපයන ආයතන මගින් වුවත් වර්තමානයේ දී එම ආයතන ද ඉවත්වීමේ අවදානමට ලක්ව ඇති බව ඔහු වැඩිදුරත් පෙන්වාදෙයි.

එක්සත් ජනපද නියෝජිතායතනය USAID මගින් අරමුදල් සපයන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන රාජ්‍ය නොවන සංවිධානවලට මාස තුනක කාලයක් එනම් ජනවාරි 24 වනදා සිට අප්‍රේල් 23 දක්වා සියලු වැඩ තාවකාලිකව නවත්වන ලෙස අමෙරිකානු රජය මගින් දැනුම් දී තිබේ.

අරමුදල් සැපයීමේ තත්ත්වය සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් නොමැති බවට කනස්සල්ල මතුව තිබුණ ද, මෙම කාලය අවසන් වන විට යම් සහනයක් ලැබෙනු ඇතැයි රාජ්‍ය නොවන සංවිධාන බලාපොරොත්තු වන බව ද පිලිප් දිසානායක මහතා තවදුරටත් සඳහන් කරයි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….