water

පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් පානිය ජල සැපයුමට දැඩි බලපෑම් එල්ලවී තිබේ.

හෙට (18) සිට යළි දැනුම්දෙන තුරු කුරුණෑගල නගරයට ජලය සැපයීම සීමා කිරීමට සිදුවන බව දැනුම්දී තිබේ.

වියළි කාලගුණය හමුවේ පසුගිය මාස එකහමාරක කාලය තුළ පවුල් 52,435ක් සහ පුද්ගලයින් 181,671 දෙනෙකුට පානීය ජලය සැපයීම සිදුකර ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ සමස්ථ දෛනික පිරිසිදු පානීජ ජල සැපයුම් ධාරිතාව සියයට 9 කින් අඩුවී ඇති බවයි.

එබැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසටයි ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 15 ක ජනතාවට පානීය ජලය බෙදාහැරීමට තීරණය කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී වසන්තා ඉලංගසිංහ පැවසුවේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අම්පාර, මඩකලපුව, බදුල්ල, ගම්පහ, හම්බන්තොට, යාපනය, කුරුණෑගල, මන්නාරම,මාතලේ, මොනරාගල, මුලතිව්, පුත්තලම, රත්නපුරය,වව්නියාව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට පානීය ජලය බෙදාහැරීම සිදුකෙරෙන බවය.

Similar Posts