අග්බෝ නැවතත් නිවාස කඩා දැමීම අරඹයි

ඉදිරි වම් පාදයට බදින තුවක්කුවක් පත්තු වීමෙන් බරපතල ලෙස තුවාලවී සිටි අග්බෝ ඇතාට මේ වන විට මස 4 කට අධික කාලයක් ප්‍රතිකාර ලබාදෙමින් වනජීවි අධීක්ෂණ යටතේ සිටින අතර පාදයේ තුවාල අඩු වී අග්බෝ අතු සුව අතට හැරී තිබෙනවා. අග්බෝ සුවපත් කරගැනීමට වනජීවි නිලදාරීන් හා වනජීවී පශුවෛද්‍ය වරුන් ඇතුලු කණ්ඩායම ඉතාමත් වෙහෙසක් දරමින් දින 86ක් අඛණ්ඩව ප්‍රතිකාර කිරීමටයි කටයුතු කලේය.

ඒ අග්බෝ ඇතාට කිහිපවරක්ම ශල්‍්‍යකර්මයන් සිදු කරමින්, ස්කෑන් පරීක්ෂණ , රුධිර පරීක්ෂණ හා දෛනිකව ඖෂධ ගැල්වූ ආහාර ලබා දෙමින්ය. වෛද්‍්‍ය නිර්දෙශ අනුව ඇතාට අවශ්‍ය ආහාර එලවලු, පලතුරු , ගොයම් හා තෘණ වර්ග දිනකට කිලෝග්‍රෑම් 250-300ත් අතර ප්‍රමාණයක් දින 85ක පමණ කාලයක් ලබා දීමටයි වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරණු ලැබීී.ය පසුව වෛද්‍ය වරුන්ගේ නිර්දේශය මත ආහාර ලබා දීම නවත්වා තිබෙනවා. ඒ අග්බො ඇතා යම් මට්ටමකට සුවය ලැබීම නිසාවෙන්, ඇතා නැවත වනයට හුරු කිරීම අරමුනෙනි. වෙනදාට වඩා ශක්ති සම්පන්න ලෙස ඇතා මේ වන විට 10km පමණ දුරක් එක් රාත්‍රියකට ඇවිදිමින් වාස භූමි වෙනස කරමින් අහාර සොයාගැනීම දැන් ආරම්භ තිබෙනවා. එසේ සැරිසරණ අග්බෝ ඇතා , සැරිසරන ප්‍රදේශයන් වල වගා හා දේපල හානි සිදු කරම්න් අහාර සපයා ගැනීමටයි මේ වන විට හුරු වී තිබෙනවා. එමගින් එම ප්‍රදේශයන් වෙසෙන ජනතාවට හා අග්බෝ ඇතාට තරමක ආරක්ෂාව පිලිබදව යම් ගැටලුකාරී ස්භාවයක් නිර්මාණ වී තිබෙනවා.

මේ පිලිබදව තිරප්පනේ වනජීවි කාර්‍යාලය මගින් වනජීවි ඉහල නිලධාරීන්ද ලිඛිතව දැනුවත් කර තිබෙනවා. කෙසේ නමුත් ඊයේ දිනයේ රාත්‍රියේ කාලයේදී තිරප්පනේ දිවුල්වැව ගම්මානයට අග්බෝ ඇතා ඇතුලු වී නිවාසයක මුලුතැන්ගෙය කඩා දමා තිබෙන අතර ප්‍රදේශයේ නිවාස ආසන්නයම ගොස් වගා හා ස්තීර බෝග විනාශ කර තිබෙනවා. පසුව ප්‍රදේශවාසීන් මේ පිලිබදව තිරප්පනේ වනජීවි නිලධාරීන් දුරකතන මාරගයෙන් සම්බන්ධවී මේ පිලිබදව දැනුම් දී තිබුනද වනජීවි නිලධාරීන් පැමිණ නැති බවටයි ඔහුන් චෝදනා නගන්නෙ.

අප මේ පිලිබදව තිරප්පනේ වනජීවි කාර්යාලයෙන් විමසීමක් සිදු කරණ ලැබූ අතර ඔහුන් පැවසූවේ මාස 5කට ආසන්න කාලයක් අග්බො ඇතා පිලිබදව පූර්ණ අවදානයෙන් හා මුර සංචාර අඛණ්ඩව සිදුකලද , ඊයේ දිනයේ දී ඔහුන්ට එම ස්තානයට ලගා වීමට නොහැකි වීමට හේතුව වීඇත්තේ රාජකාරී නිළ රථය දින කිහිපයක සිට යම් කාර්මික දෝශයකට ලක්ව නඩත්තු සදහා යොමු කර ඇති නිසාවෙන් බවයි.

මේ වන විට අග්බෝ ඇතා පලවාහැරීමට නොහැකි වීම නිසාවෙන් වනජීවි නිලදාරීන් හා ප්‍රදේශ වාසීන් අතර ගැටුම් කාරී තත්වයක් නිර්මාණ වෙමින් පතින අතර ,අග්බෝ ඇතාටද ආරක්ෂාව පිලිබදවටද යම් තර්ජනයක් එල්ල වී ඇති බවත් සලකා ප්‍රදේශ වාසීන් ඉල්ලා සිටින්නෙ හැකි ඉක්මනින් මෙම ඇතා අල්ලා සුදුසු ස්තානයකට රැගෙනගොස් මුදාහරින ලෙසයි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….