අතුරුදන් වූ ශිෂ්‍ය නායකයා ගැන දැන ගන්න වෛද්‍ය සිසුවෝ අංජනමක් බලන්න යති

vinivida

මාතර නගරයේ කීර්තිමත් බටහිර වෛද්‍යවරයකුගේ එකම පුතු වන නාමල් කරාපිටිය වෛද්‍ය පීඨයට ඇතුළු වූයේ 1990 වසරේ ය. 1988, 1989 යන දෙවසර පුරා රට තුළ පැවැති භීෂණ සමයේ මෙරට තරුණ තරුණියන් හැට දහසක් පමණ ඝාතනයට හෝ අතුරුදන්වීමට ලක්වී තිබීම හේතුවෙන් හටගත් සමාජමය කැළඹීම ඒ වන විට නිමා වී නොතිබිණ. නාමල්ගේ මිතුරු මිතුරියන්ගේ ඥාතීන් සහ දන්නා කියන පවුල්වල තරුණ තරුණියන් කිහිප දෙනෙකු ද අතුරුදන්ව සිටි අතර ඔවුනට කුමකින් කුමක් විනිදැයි කිසිවෙකුත් නොදත්හ.

මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ කැපී පෙනුණු ශිෂ්‍ය නායකයකු ද හිටිහැටියේ අතුරුදන්ව සිටි අතර ඔහු ජීවත්ව සිටිතැයි එහි සිසුවන් කොටසක් කියා සිටි අතර තවත් කොටසක් කියා සිටියේ ඔහු ඝාතනයට ලක්වන්නට ඇතැයි කියා ය.
“ඇත්තෙන්ම අපිට මොනම ක්‍රමයක්වත් නැද්ද මේ අතුරුදන් වෙලා ඉන්න අය අඩුම තරමින් ජීවත්වෙලා ඉන්නවද නැත්නම් මැරිලද කියලා දැන ගන්නවත්?” තරුණ තරුණියන්ගේ අතුරුදන්වීම් පිළිබඳව මිස ඉන්පසු ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් කිසිවකුටත් දැනගත නොහැකි වූ පසුබිමක් තුළ නාමල් තම මිතුරන්ගෙන් ඇසීය.
“හැබැයි ඉතින් දැන් හැමතැනම ඔය සාත්තර පේන, නිමිති වලින් වගේම මළවුන් ගෙන්වන තැන්වලිනුත් ඒ වගේ අතුරුදන් වුණු අය ගැන තොරතුරු දැනගන්න පුළුවන් කියලයි හුඟදෙනෙක් කියන්නේ නම්” එවන් අවස්ථාවක එක් මිතුරෙක් කීය.
“මොන පිස්සුද මම නම් ඕවා සතපහකට විශ්වාස කරන්නේ නැහැ. ඕවා මෝඩයො රවට්ටන ඇස් බැන්දුම්නේ” නාමල් උපහාසයෙන් සිනාසුණි.
“හැබැයි අකුරැස්සේ නම් තියනවලු අංජනම් එළි බලන තැනක්. එතැන අංජනම් එළිය බලන්න දෙන්නේ අංජනම් එළිය බලන්න යන කෙනාටමලු. එතකොට නම් ඉතින් ඒක හොරයක් බොරුවක් කියන්න බෑ නේද?” සරසවියේ දෙවන වසරේ දී නාමල්ගේ හිතමිතුරු වෛද්‍ය ශිෂ්‍යයකු දුන් ඒ හෝඩුඩාවෙන් මිතුරු පිරිස ප්‍රමුදිත වූහ. ඒ අනුව ඔවුහු ඊළඟ සතිඅන්තයේ එම අංජනම් එළි බලන ස්ථානය සොයා ගියේ ඉන් තම ජීවිතවල කුමක් හෝ නවතම අත්දැකීමක් ලබාගැනීමේ අටියෙනි.
“දැන් මොකක් දැනගන්නද මේ අංජනම් බලන්න ආවේ?” ඒ අංජනම් බලන ස්ථානයට ගිය වෛද්‍ය සිසු පිරිසගෙන් ඇදුරා ඇසීය.
“මීට අවුරුදු තුනකට විතර කලින් අපේ යාළුවෙක් හිටිහැටියේ අතුරුදන් වුණා. අපිට ඕනේ එයා ගැන තොරතුරක් දැනගන්න”. නාමල් කීයේ 1989 අතුරුදන් වූ බව පැවසෙන තම සරසවියේ ශිෂ්‍ය නායකයා සම්බන්ධයෙනි.
“එහෙනම් එන්න ඇතුළට” අංජනම් බලන ස්ථානයේ අඳුරු කුටියට නාමල් කැඳවමින් අංජනම් ඇදුරා කීය. ඒ ඇදුරු කුටිය තුළ දේව රූප විස්සක් තිහක් දක්නට තිබූ අතර එහි පූජාසනය මත පොල්තෙල් පහනක් දැල්වෙමින් තිබිණ. ඉන් ඔබ්බෙහි පීරිසියක් වැනි තැටියක්ද දැකිය හැකි විය.
“දැන් මෙතැනින් වාඩිවෙලා වෙන කිසිම දෙයක් ගැන නොහිතා බලාපොරොත්තු වෙන කාරණේ විතරක් තදින්ම හිතේ තියාගන්න.ඊට පස්සේ ඔය පහන් දැල්ලෙන් එක එක රූප මතුවේවි. ඒ පෙන්නන රූප මොනවද කියලා මට කියන්න” එසේ කී ඇදුරා නාමල් පූජාසනය ඉදිරියේ වූ අසුන මත වාඩිකොට සිහින් හඬ නංවන සීනුවක් නාද කරමින් මොනවාදෝ හෑල්ලක් කියාගෙන ගියේය.
“ හොඳට බලන්න මුකුත් පෙන්නුම් කරනවද?” විනාඩි දහයක් පමණ එසේ යමක් කී ඇදුරා නාමල්ගේ කණට මුව ළංකොට ඇසීය. “නැහැනේ” නාමල් පිළිතුරු දුනි.
“ළඟකදී ඌරුමස් කෑවද?” ඒ සමඟම ඇදුරා නාමල්ගෙන් ඇසීය. “නැහැ; ඇයි?”. නාමල් ඇසීය. “එහෙනම් ළඟදී ඉලව් ගෙදරක ගියාද? මළගෙදරක?” ඇදුරා ගේ පැනය එය විය. “ඔව් සති දෙකකට වගේ කලින්” මඳක් කල්පනා කළ නාමල් පිළිතුරු දුන්නේය.“එහෙනම් මේ අංජනම් කීයටවත් පෙන්නේ නැහැ. මොකද මළ කිල්ලට අංජනම් දේවි වඩින්නෙම නෑ.” ඇදුරා ගත්කටටම කීය.
පසුව එම අංජනම බැලීම සඳහා නාමල් සමඟ ගිය මිතුරකුට අවස්ථාව සලසා දුන් අතර එහිදී ද තම සුපුරුදු හෑල්ල කී ඇදුරා ඒ මිතුරාගෙන්ද එවැනිම ප්‍රශ්න මාලාවක් ඇසීය.“කවදාහරි බල්ලෙක් හපා කාලා තියෙනවද? ඒ ප්‍රශ්න අතුරින් ඇදුරා ඇසූ ප්‍රශ්නයට මිතුරා දුන් පිළිතුර වූයේ “පුංචි කාලේ නම් බල්ලෙක් හපලා තියෙනවා තමයි” යන්න ය.
“පුංචි කාලේ කියලා හරියන්නේ නෑ කවදාහරි බල්ලෙක් හපලා තියෙනවා නම් මේ අංජනම කොහොමත් පේන්නේ නෑම තමයි” නාමල්ගේ මිතුරා ද ඒ අසුනින් ඉවත් කරමින් ඇදුරා කීය.

ඊළඟට අංජනම බැලීමට තෝරාගත් මිතුරා හමුවේ ඇදුරා තම මන්ත්‍රය ජප කරත්ම මිතුරා නිදිබර හඬින් යමක් මුමුණනූ ඇසිණ. “මට වෙලක් පේනවා…. ඒ වෙල කෙළවරේ ඇළ පාරකුත් පේනවා… එතැන ගහක් තියෙනවා …. අර ගහ යට සොහොන් කොතකුත් තියෙනවා…” මේ ආදී වශයෙන් ඔහු තමන්ට දර්ශනය වන යම් යම් දේ පැවසුවද අපේක්ෂිත කරුණ සම්බන්ධ කිසිදු හෝඩුවාවක් නොපෙනිණ.
“මේ අංජනමට පෙන්නේ මේ ලෝකේ තියෙන දේවල් විතරයි. දැනට මේ ලෝකේ නැති කිසිම දෙයක් මේකට පෙන්නේ නැහැ. ඔතන තමයි ඔය කියන ප්‍රාණ කාරයා මේ ලෝකේ හැරලා ගිය තැන” අවසානයේ ඇදුරා කීයේ නාමල් ඇතුළු පිරිස අන්දමන්ද කරමිනි.

කෙසේ හෝ ඊළඟට අංජනම බැලීමට තෝරාගත් මිතුරා හමුවේ ඇදුරා තම මන්ත්‍රය ජප කරත්ම මිතුරා නිදිබර හඬින් යමක් මුමුණනූ ඇසිණ. “මට වෙලක් පේනවා…. ඒ වෙල කෙළවරේ ඇළ පාරකුත් පේනවා… එතැන ගහක් තියෙනවා …. අර ගහ යට සොහොන් කොතකුත් තියෙනවා…” මේ ආදී වශයෙන් ඔහු තමන්ට දර්ශනය වන යම් යම් දේ පැවසුවද අපේක්ෂිත කරුණ සම්බන්ධ කිසිදු හෝඩුවාවක් නොපෙනිණ.
“මේ අංජනමට පෙන්නේ මේ ලෝකේ තියෙන දේවල් විතරයි. දැනට මේ ලෝකේ නැති කිසිම දෙයක් මේකට පෙන්නේ නැහැ. ඔතන තමයි ඔය කියන ප්‍රාණ කාරයා මේ ලෝකේ හැරලා ගිය තැන” අවසානයේ ඇදුරා කීයේ නාමල් ඇතුළු පිරිස අන්දමන්ද කරමිනි. “මට ඒ වෙලාවේ තද නිදිමතක් වගේ දැනුණා. ඊට පස්සේ මට මොනවා වුණාද දන්නේ නැහැ” එම අංජනම බලා ආපහු එන ගමනේදී එම මිතුරු පිරිස බසයක් එනතුරු පාර අයිනේ බෝක්කුවක් උඩ වාඩි වී සිටින අතරවාරයේ ඒ අංජනම බැලූ මිතුරා සෙස්සන්ට කීය. ඔහු ඒ සමඟම යළි කතා කළේය.

“හැබැයි මචං මෙහෙම දෙයක් නම් තියෙනවා. මම පෙරේදා ඌරු මස් කෑවා. ගිය සතියේ මළගෙවල් දෙකකටම ගියා. පුංචි කාලේ මාව බල්ලොත් කාලා තියෙනවා එලෝ කෝටියට;මොකද මං ඒ කාලෙ උන්ට පයින් ගහනවනේ”
පසුව වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යා විෂය හදාරන සමයේ එවක එහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පදවියක් හෙබවූ විශේෂඥ මනෝ වෛද්‍ය ඩී. ටී. ජේ. හරිශ්චන්ද්‍රයන්ගෙන් ඒ පැනය විමසා සිටි නාමල් ඇතුළු සිසු පිරිසට අංජනම් බැලීම යනු හුදු උප විඥානය පුබුදුවා ගැනීමක් හෙවත් නොනිඳා සිහින දැකීමේ අවස්ථාවක් උදා කර ගැනීමක් පමණක් බව දැනගත හැකි විය.

“හැබැයි මචං මෙහෙම දෙයක් නම් තියෙනවා. මම පෙරේදා ඌරු මස් කෑවා. ගිය සතියේ මළගෙවල් දෙකකටම ගියා. පුංචි කාලේ මාව බල්ලොත් කාලා තියෙනවා එලෝ කෝටියට;මොකද මං ඒ කාලෙ උන්ට පයින් හහනවනේ”
පසුව වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යා විෂය හදාරන සමයේ එවක එහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පදවියක් හෙබවූ විශේෂඥ මනෝ වෛද්‍ය ඩී. ටී. ජේ. හරිශ්චන්ද්‍රයන්ගෙන් ඒ පැනය විමසා සිටි නාමල් ඇතුළු සිසු පිරිසට අංජනම් බැලීම යනු හුදු උප විඥානය පුබුදුවා ගැනීමක් හෙවත් නොනිඳා සිහින දැකීමේ අවස්ථාවක් උදා කර ගැනීමක් පමණක් බව දැනගත හැකි විය.
තම ජීවිතයේ තරුණ වියේ ලත් එම රසවත් අත්දැකීම මා හා කියා සිටි එවක වෛද්‍ය සිසු නාමල් මේ වන විට හෘදවේද පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි. එමෙන්ම ශ්‍රීමත් අජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයා ය.

තිලක් සේනාසිංහ

www.vinivida.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….