අධ්‍යාපන බලධාරීන් කරන්නේ නැති අර්බුද ඇති කිරීමක්

wal

‘උසස් පෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාද වීම ඇතුළු නිදහස් අධ්‍යාපනයේ අර්බුදය’ සම්බන්ධයෙන් වූ මාධ්‍ය හමුවක් නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සංවිධානය විසින් පවත්වනු ලැබිණ. මේ එහිදී පළ වූ අදහස්.

නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු බෝසෙත් කළෙහිපතිරණ මහතා;

වසර ගණනාවක් තිස්සේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ දහසක් ප්‍රශ්න මැදින් විභාගවලට මුහුණ දුන් දරුවන්ගේ ඊයෙ වෙනකොට උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. රජයක් විසින් මීට පෙර නිකුත් කළ යුතුව තිබූ ප්‍රතිඵල මොන හේතුවක් නිසා හෝ ඊයේ නිකුත් වුණා. ඊයෙ නිකුත් වූ ප්‍රතිඵල කියන්නෙ ගිය අවුරුද්දෙ අගෝස්තු මාසෙ විභාගයට මුහුණ දෙන්නට සිටිය යුතු දරුවන්ගෙ තමයි අපි ඊයෙ ප්‍රතිඵල වශයෙන් දකින්නෙ. මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මාසෙ පවත්වන්නට නියමිතව තිබුණත්, ඒක නොවැම්බර් මාසෙට කල්දාලා තිබෙනවා.

ඊයෙ ප්‍රතිඵල නිකුත් වුනායින් පස්සෙ යම් කිසි ප්‍රතිඵල ඌනතාවක් තියෙන දරුවො දෙවෙනි වර හෝ තෙවෙනි වර විභාගයට ඉදිරිපත් වන දරුවො නොවැම්බර් මාසෙ ඒ අය විභාගයට සූදානම් වෙන්න ඕනෙ. බොහොම කෙටි කාලයක් ඒ අයට තියෙන්නෙ.
විභාග කාලසටහන් නිශ්චිත පරිදි ස්ථාවර කරගන්න අවශ්‍යයි. විවිධ මට්ටමේ සමාජ දේශපාලන ක්‍රියාකාරකම් වලින් සිදුවන බලපෑම් නිසා විභාග කාල සටහන් වෙනස් කිරීමෙන් අපහසුතාවට පත්වන්නේ පාසලේ දරුවන් සහ ගුරුවරුන්.,
අධ්‍යාපන බලධාරීන් අලුත්ම යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා මේ අර්බුද හමුවේ. තියෙන අර්බුදවලට පිළියම් සපයා ගන්න කටයුතු කරනවා වෙනුවට නැති අර්බුද ඇති කිරීමක් මේ අධ්‍යාපන බලධාරීන් සිදු කර තිබෙනවා.

1. පාසල් පද්ධතියෙ කාල වෙලාව සවස 4. 00 තෙක් දීර්ඝ කිරීමේ යෝජනාව : දරුවන්ගෙ මනසට අධ්‍යාපනය ආවාට ගියාට දෙන්න බෑ.,ඒක බොහොම මනෝවිද්‍යාත්මකව සැලසුම් කරලා තියෙන්නෙ. මේකෙන් දරුවන්ගෙ මනසට විශාල බලපෑමක් ඇති වීම සහ දරුවන් අධ්‍යාපනයෙන් ඈත් වීම. ආර්ථික අතින් මිරිකිච්ච ගුරුවරයාට සවස 4 දක්වා පාසල තුළ රැඳිලා උගන්වන්න කියලා බලපෑම් කරන කිරීමෙන් ගුරුවරුන් පාසල් පද්ධතිය හැරයනවා.

2. සාමාන්‍ය පෙළ විභාගය 10 වෙනි ශ්‍රේණියට ගෙන ඒමටත්, උසස් පෙළ විභාගය 12 වෙනි ශ්‍රේණියටත් ගෙන ඒමේ යෝජනාව: අපේ රටේ ලොකු වයසක් අධ්‍යාපනය සඳහා ආයෝජනය කෙරෙනවා. මේක ආවට ගියාට කරන්න බෑ. විෂය සංකලනය පිළිබඳ අවධානය යොමු කරන්න ඕනෙ. අන්තර්ගතයට හානියක් නොවෙන්න යම්කිසි විෂය නිර්දේශවල පරිපාලනයේ මැදිහත්වීමක් ඇතුව කළමනාකරණයක් කරන්න ඕනෙ.

3. ලබන වසරේ සිට පෙළපොත් හා විභාග පටිපාටිය අත්හිටුවීමේ යෝජනාව: මේකෙ කියනවා ලබන වසරේ පටන් දරුවො එච්චර පෙළපොත් ගෙනියන්න ඕන නෑ. යම් මොඩියුලර් ක්‍රමවේදයක් යටතේ කාර්තුවක යම් පැවරුම් අභ්‍යාස යටතේ පන්ති කාමරයේ වැඩ කරන ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා. මේක එක අතකින් ඉතා අවදානම් සහගත තත්ත්වයක්. වර්තමානයේ පුස්තකාල පරිහරණයක් හරිහමන් විදියට සිද්ධ වෙන්නෙ නෑ. පාසල් පෙළ පොත තමයි යම් ප්‍රමාණයක එකතු වෙච්ච දැනුමේ ගබඩාවක් වෙලා තියෙන්නෙ. ඒකවත් අධ්‍යයනය කරන්න අඩුකමක් තිබෙන වකවානුවක මේ පොත ඉවත් කළොත් අපට බිහිවෙන්නෙ කෘත්‍රීම දරුවෙක්. කෘත්‍රීම දරුවෙක් බිහි කිරීමෙන් අවසානයේ අධ්‍යාපනයේ අරමුණ ඉෂ්ඨ වෙනවද? මේක කරන්නෙ අලුත් විද්‍යාත්මක අධ්‍යාපන ක්‍රමවේදයක් නිසා නෙමෙයි. රජය බංකොලොත්, රජයට සල්ලි නෑ ඒ නිසා ආණ්ඩුව පවත්වගෙන යන්න විදියක් නෑ පෙළපොත් ටික ගහන්න විදියක් නෑ ඒ නිසයි අපි මේ වගේ දෙයක් යෝජනා කරන්නෙ කිව්ව නම් හරිනෙ.

පිළිතුරුපත් පරීක්ෂක ගුරුවරුන්ට තවමත් අදාළ ගෙවීම් සිදු නොකිරීම, ගුරු උසස් වීම් සඳහා ක්‍රියාත්මක මොඩුයුලර් ක්‍රමවේදයේ ගැටලු, පෙළ පොත් නිසි පරිදි තවමත් බෙදා නොතිබීම යනාදී ගැටලු රැසක් මෙහිදී අනාවරණය කෙරුණු අතර, රජයේ අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් කඩිනමින් යොමු විය යුතු බව අවධාරණය විය.

මෙම මාධ්‍ය හමුවට රජයේ ගුරු සේවයේ නිරත මෙලනි අමරසිංහ, වසන්ත කුමාර, රංජිත් ප්‍රියංකර, විශ්වජිත් යශේරා යන මහත්ම මහත්මීන් ද, විශ්‍රාමික ගුරු නියෝජිත බී.කේ. සුමතිපාල මහතා ද එක්ව සිටියහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….