අපට ආයෙත් ඉස්කෝලෙ යන්න උදවු කරන්න

මවුවරුන්ට දරු ප්‍රසූතියකදී වැලඳෙන වැදූගෙයි සන්නිය නමැති මානසික රෝගයක් නිසාවෙන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින දියණියන් දෙදෙනකු කිරිඅම්මා කෙනකු සහ දෙදරු මවක පිළිබඳ පුවතක් ගලේවෙල දැඹව ප්‍රදේශයෙන්  වාර්තා විය.

ආර්.එම්. ශිරාණි සේනානායක තිස්පස් හැවිරිදි දෙදරු මවක් මෙම දරුණු රෝගී තත්ත්වයට පත්ව සිටින්නීය. විවාහ වී සිටි යුද හමුදාවේ සෙබළකු බව ඇය කියයි. දෙවැනි දියණිය ඉපදී වසර එකහමාරක් ගතවෙද්දී සැමියා දරුවන් සහ තමන් අතහැර දමා ගිය බව ඇය කියයි. පළමු දරු ප්‍රසූතියේදී මෙම මව දරුණු ලෙස රෝගී තත්ත්වයට ලක්ව ඇත්තේ වැදූගේ සන්නිය නමැති රෝගය වැලඳීමෙන් බව ඇගේ මව ආර්.එම්.ටී. චන්ද්‍රලතා මහත්මිය පැවසුවාය.

පසුව දරුවන්ගේ පියා දෙවැනි දරුවකු ද ඇයට දායාද කොට අසනීප තත්ත්වය වැඩි වීමත් සමඟ ඔවුන් සියලු දෙනා දමා පිටව ගොස් තිබේ. මේ වන විට ඔහු හමුදාවේ විශ්‍රාමගෙන ඇති බව ද පවුලේ පිරිස කියයි. නිතර නිතර අසනීප වන ශිරාණි සේනානායක මාතලේ මහ රෝහලින් ප්‍රතිකාර ලබන්නීය. නිවෙසේ ක්‍රියාකාරකම්වලදී අන් අයට වඩා වෙනස් ආකාරයෙන් හැසිරෙන බවත් මේ වන විට දරුවන්ගේ සහ ඇගේ සියලු ඇඳුම් පුලුස්සා දමා දරුවන්ට පාසල් ගමන ද සම්පූර්ණයෙන්ම නැවතී ඇඳිවත පමණක් ඉතිරි වී ඇතැයි පවුලේ පිරිස කියති.

දිනකට එක වේලක් සරිකර ගන්නේ ගමේ ඇති කොස් දෙල් තම්බා ආහාරයට ගැනීමෙන් බවත් අප මෙම නිවෙසට යන අවස්ථාවේදී ද කොස් ගෙඩියක් තම්බා කුඩා දියණියන්ට ආහාර සඳහා සූදානම් කර තිබුණු අයුරු දැක ගැනීමට අපට ද හැකි විය.

දහවැනි වසරේ ඉගෙනුම ලබන වැඩිමල් දියණිය අයෝමි රසංගිකා 4 වැනි වසරේ අධ්‍යාපනය ලබන අයේශා ගයානි දියණියන් හැඬූ කඳුළින් තම මව සුව කර දෙන ලෙසත් තමන්ට පාසල් ගමන නැවත ආරම්භ කිරීම සඳහා උදවු කරන ලෙසත් ඉල්ලා සිටින්නීය.

මෙම දරුවන්ගේ පියා විශ්‍රාම වැටුපක් යුද හමුදාවෙන් ලබන බවත් අඩුම තරමේ එම වැටුපෙන් අඩක් දරුවන්ට ලබා ගැනීම සඳහා නීති ක්‍රියාත්මක කර දෙන්නයි එම මිත්තණිය යුද හමුදාපතිතුමාගෙන් ඉල්ලීමක් ද කර සිටින්නීය.

කවුරුන් හෝ මෙම දරුවන්ට උදවු උපකාර කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් ඔවුන්ගේ ලිපිනය ආර්.එම්.ටී. චන්ද්‍රලතා 249/5 දැඹව, මාදිපොළ, ගලේවෙල වන අතර දුරකතන අංකය 071-2916346 ලංකා බැංකුවේ ගලේවෙල ශාඛාවේ ඇගේ නමින් ඇති ගිණුම් අංකය 75818502 වෙත ආධාර යොමු කළ හැකිය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….