අලුත්ම තුරුම්බුව වතු, ගම්මාන බවට පත් කිරිමද?

රුපියල් 1700 වතු කම්කරු දෛනික වැටුප් වැඩිවිම මේ වන විට පුස්සක් බවට පත් වෙලා ඉවරයි ඒ සදහා ඉදිරිපත් කරපු ගැසට් නිවේදනයත් මේ වන විට රිවස් වෙලා දැන් අලුත්ම තුරුම්බුව බවට වතු ගම්මාන බවට පත් කිරිම බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි මෙසේද පවසන ලදි.
වතුකරය නියෝජනය කරන වතු කම්කරුවන් සමහර දේශපාලකයන් රැවටිමට ලක් කිරිම මේ වන විට පුරුද්දකට ගිහින් කම්කරු දිනයේදි වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව පැවසුවා ඒ වෙනුවෙන් ගැසට් නිවේදනයක්ද නිකුත් කලා.
එම නිවේදනයත් සමග වතුකරයේ එක්තරා වෘත්තිය සමිතියක් ඔවුන්ගේ සමාජිකයන් ලවා මාර්ගවල රතිඤ්ඤා පත්තු කර කිරි බත් උයලා කැවා එත් එම වැටුප් වැඩි කිරිමට එරෙහිව වතු සමාගම් අධිකරණයට ගියා එම තත්වයන් මත එම වැටුප් වැඩි විම ඇනහිටියා මේ වන විට එම ගැසට් නිවේදනයද රිවස් වෙලා තියෙන්නේ.
දැන් කියනවා වතුවල ලයින් කාමර ඉවත් කර එම වතු ගම්මාන බවට බවට පත් කරනවා කියලා මෙය නිසි ලෙස කරනවා නම් අපිත් සතුටුයි එත් මේ දේශපාලන කතා කවද්ද ඉටු වෙන්නේ.
මෙයට පෙරත් මැතිවරණ කිපයකදිම විවිධ දේශපාලකයන් පැවසුවා අපි බලයට පත්වු විට වතු කම්කරුවන්ට පර්චස් 10 ඉඩම් කොටසක් සින්නක්කර ඔප්පු සමග ලබා දෙන බව එසේ පොරෝන්දු දුන් අය බලයට පත් වුනත් එම ඉඩම් කොටස් හෝ සින්නක්කර ඔප්පු මේ වන තෙක් ලැබිලා නැහැ.
මේ සමහර දේශපාලකයන් මැතිවරණ ලංවන විට විවිධ පොරොන්දු ලබා දෙමින් වතු කම්කරුවන් රැවටිමට ලක් කිරිමයි සිදු කරන්නේ මේ වතු කම්කරුවන් රැවටිමට මේ වන විට එක එක නාට්‍ය පටන් අරං තියෙන්නේ මෙයින් සිදු වන්නේ මේ වතු කරයේ අහිංසක වතු කම්කරුවන් නැවත වරක් රැවටිමට ලක් විමයි.
අද වන විට වතු කම්කරුවන් ලැබෙන සොච්චම් වැටුපෙන් ජිවත් වෙන්න බැරිව දුක් විදිනවා එයට නිසි පිලියම් ලබා නොදි මේ බොහෝ දේශපාලකයන් කරන්නේ මේ වතු කම්කරු ජනතාව රවටා ඔවුන්ගේ ඡන්දයෙන් බලය ලබා ගන්න විතරයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….