ඇල්කඩුව  පහළ රත්වත්ත වතු අධිකාරිවරයාගේ කෙරුවාව

dailyreporter

මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්ලාන්ටේෂන් වතු සමාගමට අයිති පහළ රත්වත්ත වතු යායේ පසුගිය 19 වෙනිදා සිදු වූයේ ඉතාමත් අශිෂ්ථ සහ අමනුෂ්‍ය ක්‍රියාවකි. අඩි දහයයි දහයේ ලැයිම් කාමරයක පවුලේ සාමාජිකයන් 14 දෙනෙකුට ජීවිකාව ගෙනයෑමට අපහසු නිසාවෙන් ඇල්කඩුව වතු යායේ සේවය කළ පවුලක් කලක් තිස්සේම එවකට එල්කඩුව වතු යායේ වතු අධිකාරිවරයාගෙන් ඉල්ලීම් කරමින් දිගින් දිගටම පවසා ඇත්තේ තම පවුලට ඉඩමක් ලබා දෙනවානම් ඔවුන්ට එහි නිවසක් තනා ගැනීමට හැකි බවයි. අවුරුදු දෙකකට ඉහතදී මෙසේ ඔවුන් කළ ඉල්ලීමට වතු අධිකාරිවරයා අවධානය යොමු කළද පර්චස් 10ට ආසන්න ඉඩමක් ලබා දී ඇත්තේ කට වචනයට මිස කිසිඳු නීතිමය ලියකියවිල්ලක් මත පදනම් ව නොවේ. කෙසේ වෙතත් ඔවුන් පවුලේ අයට ජීවත් විය හැකි පමණින් හිසට තාවකාලික සෙවනක් අටවාගෙන පෙරේදා වෙන තුරු ජීවත් වූයේ අඩු තරමින් නිදා වැටෙන්නට ඉඩකඩක් හෝ ලැබී ඇති හෙයිනි.

පසුගිය සෙනසුරාදා දින (19) එම පවුලට තමන්ගේ නිවස අහිම් විය. ඒ එල්කඩුව වතු යායට පත් වූ නව වතු අධිකාරිවරයා ගේ සහ සහකාර වතු අධිකාරිවරයා ගේ වුවමනාවටය. එදින දහවලේ සහකාර වතු අධිකාරිවරයා සහ තවත් පිරිසක් මෙම පවුල පදිංචි ව සිටින ඉඩමට කඩා වැදී තහඩු සෙවිලි කර තිබූ නිවස ගලවා දමා ඔවුන්ගේ දහවල් ආහරය සඳහා පිළියෙල කර තිබූ දේවල් ද විනාශ කර ඇත. එය ඉතාමත් අසික්කිත සහ නින්දිත ක්‍රියාවකි.

එම පවුලට සිදු වූ මෙම අසාධාරණය පිළිබඳව පැමිණිලි කිරීමට කන්දෙ නුවර පොලිසිය වෙත ඔවුන් ගිය පසුව එහි සිටි නිලධාරීන් පවසා ඇත්තේ වතු අධිකාරිවරයාට ඔවුන්ව වත්තෙන් නෙරපා හැරීමට රාජකාරි බලතල ඇති බවත් ඒ නිසාවෙන් මෙම සිදුවීම ඒ හැටි වද විය යුතු කාරණාවක් නොවන බවත් ය. අගතියට පත් ඒ දමිළ පවුල ඔවුන්ට සිදු වූ අලාභහානියේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ යැයි පැවසූ විට පොලිසිය ඒ පිළිබඳ සැලකිල්ලක් නොදැක් වූ බවක් දැනගැනිමට ඇත. කෙසේ හෝ කන්දේ නුවර පොලිසිය විසින් මෙම පවුල තවත් පහතට ඇද දමා ඇති අතර ඔවුනට සාධාරණයක් ඉටු කිරීමට මැලි වී තිබිණි.

මෙම සිදුවීම මුල් කරගෙන අදාල වතු අධිකාරිවරයාගේ කාර්යාලය ඉදිරිපිට ඊයේ දින වතු යායේ තරුණයින් උද්ඝෝෂණයක නිරත වී ඇති අතර ඒ අතරතූරේ දී අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඒ ස්ථානයට පැමිණ තිබිණි. අමාත්‍යවරයා එම වතු යායේ වතු අධිකාරිවරයා සමඟ ඇති වූ බහින් බස් වීමකින් තත්වය තරමක් උණුසුම් වී ඇත. ජීවන් අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙවැනි පවුල් 11 මෙම වතු යායේ ජිවත් වන බවත් ඔවුනට අමාත්‍යාංශය විසින් නිවෙස් ඉදි කර දීමට ඉඩම් ලබාදෙන ලෙසයි. ඒ වගේම මෙම පවුල ජීවත් වූ නිවස කඩා බිඳ දැමූ වතු අධිකාරිවරයා ගේ වැඩ තහනම් කරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා ඇති බවත් ආරංචි මාර්ග ඔස්සේ අයිතියට වාර්තා වී තිබේ.

වතුකරයේ ජනතාව ගේ නිවාස ප්‍රශ්න තවමත් එතැනමය. පරම්පරා ගණනකට එකම නිවසක ජීවත් වීම හැර ඔවුනට අන් විකල්පයක් නැත. අඩි දහයි දහයේ ලැයිම් කාමරයක පවුලේ සාමජිකයන් 10 – 15 සමඟ ජීවත් වීම ඉතාමත් දුෂ්කර ක්‍රියාවකි. ඔවුන්ට සුවපහසු ජීවිතයක් අත් කර ගැනීමට මඟ ඇහිරෙන තවත් එක් කාරණාවක් වන්නේ තවමත් ඔවුන් වහල් සේවයට කැප වී ඇතැයි සිතන සමාජ සිතුවිල්ල නිසාවෙනි. දේශපාලනයෙන් මෙතෙක් සිදු වී ඇත්තේ ඔවුන්ව රවටා බලය ලබාගැනීම පමණි. නමුත් ඔවුන්ට ඇති දහසකුත් ගැටළු වලට ද අවශ්‍ය වන්නේ දේශපාලනික විසඳුම් මිස සීනි තැවරූ බලාපොරොත්තු නොවේ. දේශපාලනික විසඳුම් ලබා ගැනීමට නම් කළ යුත්තේ කුමක්ද කියා අපට අදහසක් තිබෙනවාද යන්න සමාජය දෙසට යොමු කළ යුතු පැනයකි. එසේ නැතිනම් ඔබට ඔවුන් මේ රටේ සුළුතරයක් ලෙස දැක ඔවුන් ජීවත් වන ආකාරය ඕනෑවටත් වඩා වැඩිය යනුවෙන් සිතා අහක බලා ගැනීමට ද හැකියාවක් ඇත. නමුත් ඔබේ හෘද සාක්ෂිය ඔබව කොනිත්තන්නට පටන්ගන්නේ එතැන් සිටය.

-සමුදු බස්නායක-

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….