උතුරේ රාජ්‍ය සේවකයන්ට ජාතියේ ප්‍රණාමය

වැඩ වර්ජන වෙනුවට ජනතා අවශ්‍යතා ඉටු කිරීමට මුල් තැන දුන් උතුරේ රජයේ සේවකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ, යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඉකුත්දා (12) පැවති උතුරු පළාතේ පළාත් පාලන ආයතනවල සේවකයන්ට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ අගමැතිවරයා‍:

“අපේ ජීවිත කාලය තුළ පෙර නොවූ විරූ ආර්ථික, මූල්‍ය අර්බුදයකට අප මුහුණ දුන්නා. මූල්‍ය අර්බුදය ජය ගැනීමේ කර්තව්‍යයට සහ අභියෝගයට ජනාධිපතිවරයාත් ඇමැති මණ්ඩලය ඇතුළු මමත් මුහුණ දුන්නා. බොහෝ මහජන නියෝජිතන් රට ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ගෙන ඒමට මූලික වීම අර්බුදය විසඳමට ඉහළ ශක්තියක් වුණා.

“එදා අපි මුහුණ දුන් දුෂ්කරතා යාපනේ කම්කරුවන් දන්නවා. ඔවුන් පියවරෙන් පියවර ඒ අර්බුදය විසඳීමට සහාය වුණා.පසුගිය මාස 24 තුළ ආර්ථික අභියෝගය ජය ගැනීමට රටවැසියන්ගෙන් ලැබුණු සහය නිසයි ජාත්‍යන්තරව මේ විශ්වාසය ඇති වී සාධනීය වර්ධනයක් අත් කරගත්තේ. වැඩි යමක් සාක්ෂාත් කරගැනීම සඳහා අප යම් රාමුවකට අවනත විය යුතුයි.

“පසුගිය දින කීපයේ කොළඹ යම් යම් තත්ත්වයන් ඇති වුණා. එහෙත් යාපනේ මිනිස්සු ඒවාට සම්බන්ධ වුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් උතුරු පළාතේ ආණ්ඩුකාරවරයාට වගේම ගුරුවරුන් ඇතුළු සියලු රාජ්‍ය සේවකයන්ට ස්තුතිවන්ත වෙනවා. ඔවුන් සුපුරුදු පරිදි රාජකාරියට ගොස්, දෛනික රාජකාරි ඉටු කොට සමාජය ඉදිරියට ගෙන යෑමට කටයුතු කළා. අප පත්වීමක් භාර ගන්නා විට වගකීමකට බැඳෙනවා. ඒ සම්බන්ධයෙන් අපට යුතුකමක් තියෙනවා. අප අපේ අයිතිවාසිකම් ඉල්ලා සිටිය යුතුයි. එහෙත් සාමකාමිව, අපගේ අයිතිවාසිකම් ගැන සාකච්ඡා කිරීමට අපට පුළුවන්. එදා ඩග්ලස් දේවානන්දා මැතිතුමාගේ පියා සමඟ මගේ පියා පිලිප් ගුණවර්ධන මැතිතුමා සහ ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා ඉතා සමීපව කටයුතු කළා. යාපනේ නායකයන් ආශ්‍රය කරලා, පස්සේ කාලෙක මැති ඇමැතිවරුන් වුණා. හිතවතුන්ගේ සහයෝගයෙන් අයිතීන් රැකගෙන අධ්‍යාපන ක්‍රමය ගොඩනැඟුවේ කොහොමද කියලා එදා ඉතිහාසයේ ලියැවිලා තියෙනවා.”

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, යදාමිණී ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහත්ම මහත්මීන් සහ උතුරු පළාත් සභා ප්‍රධාන ලේකම් ඇතුළු නිලධාරීහු සහ පත්වීම්ලාභීහු මේ අවස්ථාවට සහභාගි වූහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….