ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය හේතුවෙන් බැට කන ලාංකේය ආදිවාසීන්

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යනු ස්වාධීන දේශපාලන පක්ෂවාදිත්වයෙන් තොර සංවිධානයක් වන අතර මූලික වශයෙන් රාජ්‍යකරණය සහ ගැටුම් නිරාකරණය හා සබැඳි ගැටලු කෙරෙහි අවධානය යොමු කරයි. යහපත් දේශපාලන සංස්කෘතියක් සහ සමාජ වට පිටාවක් ගොඩ නගා ගැනීම සඳහා මහජන ප්‍රතිපත්තීන් විවේචනාත්මක විමර්ශනයට භාජනය කරන, විකල්පයන් හඳුනා ගන්නා හා ඒවා ව්‍යාප්ත කරන පර්යේෂණ හා බලපෑම් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් අප කැපවී සිටිමු.
ලාංකේය ආදිවාසී ප්‍රජාව යනු ස්වාධීන අනන්‍යතාවක් සහිත, සියලු අයිතිවාසිකම් සහ වරප්‍රසාද හිමිවිය යුතු ගෞරවාන්විත පුරවැසි කණ්ඩායමකි. නමුත් අද වනවිට දිවයින පුරා ජීවත්වන ආදිවාසී ප්‍රජාව බොහෝ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පා සිටිති. එකී බොහෝ ප්‍රශ්න ගැටලු අතරින් මේ වන විට දැඩි අර්බුදයක් වී තිබෙන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයයි.
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම සහ එකී ණය ලබාදෙන ආයතන අප කිසිසේත් ප්‍රතික්ෂේප නොකරන අතර එය අඩුආදායම්ලාභී දුගී ප්‍රජාව වෙනුවෙන් වඩාත් සාධනීය අවස්ථාවක් වශයෙන් දකිමු. නමුත් ණය ලබාදීම, ණය අයකර ගැනීම පොලී අනුපාතය ආදී කාරණයන්ගේ සිට නිසි ක්‍රමවේදයක් නොවීම සහ එය ක්‍රියාත්මකවීමේ තිබෙන අවිධිමත් බව, නීති විරෝධී තත්වයන් හා නියාමනය නොකළ ක්‍රම නිසා ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් පුරවැසියන් දිනෙන් දින අර්බුදවලට ලක්වන බැව් පෙනේ. ඒ අතරින් ආදිවාසී ප්‍රජාව ප්‍රමුඛ තැනක් ගනී.
විශේෂයෙන් ම ආදිවාසී ප්‍රජාව යනු සුවිශේෂී භාෂා අන්‍යතාවක් සහිත පුරවැසි කණ්ඩායමකි. ඔවුන් කථනයේදී ‘වැදි භාෂාව’ භාවිත කළ ද ලිඛිත භාෂාව වශයෙන් කටයුතු කරන්නේ සිංහල භාෂාව ය. බොහෝ දෙනෙක්ට සිංහල භාෂා ලිවීමේ හෝ කියැවීමේ සාක්ෂරතාවය නොමැති ය. එසේ ම වාකරේ සහ මූතූර් වෙසෙන මුහුදු ආදිවාසී කණ්ඩායම් භාවිත කරන්නේ ඔවුන්ටම අනන්‍ය දෙමළ භාෂාවකි. ඔවුන්ට සම්මත දෙමළ භාෂාව සම්බන්ධයෙන් සාක්ෂරතාවක් නොමැත.
මෙකී භාෂා ගැටලු හමුවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගනුදෙනුවලදී පුරවැසියන් සහ අදාළ ආයතන අතර හුවමාරු කර ගන්නා ගිවිසුම් (Agreement) බොහෝ විට ඇත්තේ ඔවුන්ට නොතේරෙන භාෂාවෙනි. අතළොස්සක් ආයතන මේ වන විට සිංහල සහ දෙමළ භාෂාවෙන් ද අදාළ ලේඛන නිකුත් කරන නමුත් ඒවායේ අන්තර්ගතය ගැන අවබෝධයක් ඉහත කී ආදිවාසී ප්‍රජාවට නොමැතිය. ඔවුන් නිසි අවබෝධයකින් තොරව අදාළ ගිවිසුම්වලට අත්සන් තබන අතර ඉන් පසු නීති ප්‍රකාරවම මේ උගුලේ පැටලේ.
ඌව, නැගෙනහිර, උතුරු මැද යන පළාත් වල විහිදී ජිවත්වන ආදී වාසී ප්‍රජාව බොහෝ ප්‍රමාණයක් ජීවත් වේ. දඹාන, රතුගල, පොල්ලෙබැද්ද, දළුකාන, දිඹුලාගල, වාකරේ, මූතූර් ආදි ප්‍රදේශවල ප්‍රාදේශීය වශයෙන් ජීවත් වෙති. වනාන්තරය ද අහිමිව මහා සමාජයට පිවිස තිබෙන ඔවුන් ආර්ථීක, සමාජීය සහ සංස්කෘතික වශයෙන් පීඩාවන් රැසකට මුහුණ පා සිටින මොහොතක මේ ණය උගුලට සිරවීම තව තවත් ඔවුන්ගේ ජීවිත අමාරුවේ දමන තත්වයකි.
මේ වන විට ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිල ඇත්තන් ප්‍රමුඛ ප්‍රාදේශීය නායකයින් තම ප්‍රජාව මුහුණපාන ක්ෂ්‍රදු මූල්‍ය ණය ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට, මහබැංකුවේ අධිපතිතුමන්ට ලිඛිතව දැනුම් දී තිබෙන අතර ඔවුන්ගේ මූලික ඉල්ලීම වන්නේ තම ප්‍රජාව මුහුණපාන මෙම ණය ගැටලුවට සහන ලබාදීම සහ ණය ලබාදීමේ සහ අය කරගැනීමේ ක්‍රමවේදය විධිමත් කරන හැටියට ය.

Letter to the President-Adivasi Leader

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….