කාංචනගේ ඉලක්කම් සහ රේගුවේ දත්ත අතර පරස්පරයක්

oilprice

ලංකාවට පෙට්‍රල් සහ ඩීසල් ගොඩබාන මිල ගැන තෙල් සංස්ථාවත්, ඛනිජ තෙල් අමාත්‍යාංශයත් කියන්නේ පට්ටපල් බොරුය. ලංකාවට පෙට්‍රල්/ඩීසල් ගොඩබාන මිල අතර රු. රු. 130 සිට රු. 150 ක් දක්වා අතර පරතරයක් ඇත.

මේ දත්ත ඇමති කාංචන විජේසේකර ගේ ටුවිට් එකේ ඉලක්කම් සහ රේගුවේ දත්ත අතර සංසන්ධනයකි.

ඛනිජ තෙල් ඇමතිගේ පණිවුඩයේ ‘Landing cost per liter in Rs.’ (ලීටරයක් ගොඩබාන මිල) යැයි තීරුවක් ඇත. එය, පෙට්‍රල් 92 රු. 363.51 ක් ද, පෙට්‍රල් 95 රු. 367.18 ක් ද, ඔටෝ ඩීසල් රු. 403.65 කි. ලංකාව තෙල් ගන්නේ මේ මිලට නොවන බව ලෝක තෙල් මිල ගැන අවබෝධයක් ඇති සියළු දෙනා දන්නේය. (වගුව බලන්න)

ඇමති කාංචන කියන මේ Landing cost per liter in Rs. සත්‍යයක් නොවේ. එය ශ්‍රී ලංකා රේගුව මගින් තහවුරු කර ගත හැකිය. තෙල් ගෙන්වන්නේ සංස්ථාවයි. මුදල් ගෙවන්නේ මහා භාණ්ඩාගාරය යි. රාජ්‍ය අංශයේ ආයතනයක් නිසා අඩුවෙන් මිලදැක්වීමට (Under Value) අවස්ථාවක් නැත. බදු මිල තීරණය කරන්නේ රේගුවයි.

ඇමතිට අනුව, 92 පෙට්‍රල් ලීටරයක් ගොඩබාන මිල, රු. 363.50 කි. ඇත්ත මිල රු. 228.26 කි. ඇමතිගේ ගාන රු. 135 ක් වැඩිය.

ඇමතිට අනුව, 95 පෙට්‍රල් ලීටරයක් ගොඩබාන මිල, රු. 367.18 කි. ඇත්ත මිල රු. 235.23 කි. ඇමතිගේ ගාන රු. 132 ක් වැඩිය.

ඇමතිට අනුව, ඔටෝ ඩීසල් ගොඩබාන මිල රු. 403 කි. ඇත්ත මිල, රු. 255 කි. ඇමතිගේ ගාන රු. 150 ක් වැඩිය.

ඉන්ධන මිල ඉහළ දැමීම සාධාරණීකරණය කරන්නට ඛනිජ තෙල් ඇමතිවරයා ඉදිරිපත් කර ඇති බදු පිළිබඳ සංඛ්‍යා ලේඛන ද සත්‍යය මිලට වඩා වැඩි මිලක් දක්වා ඇත.

ආණ්ඩුව පෙට්‍රල් 92 ට රු.59.26 ක් බදුගසන බව ඇමති කියයි. ඇත්ත ගාන රු. 49.12 කි.

පෙට්‍රල් 95 ට රු. 80.54 ක් බදු ගසන බව ඇමති කියයි. ඇත්ත ගාන රු. 49.64 කි.

ඔටෝ ඩීසල් බද්ද, රු. 36 ක් බව ඇමති කියයි. ඇත්ත ගාන රු. 19.19 කි.

මේ ආණ්ඩුව පෙට්‍රල් 92 ලීටරයකින් රු. 161 ක් ද, පෙට්‍රල් 95 ලීටරයකින් රු. 232 ක් ද, ඩීසල් ලීටරයකින් රු. 157 ක් ද ලාබ ලබයි. මෙය බදු ගෙවූ පසුව ලබන ලාභයකි.

කෝප් කමිටුව සහභාගි වූ මහින්ද අමරවීර අමාත්‍යවරයා ඇතුළු කිසිවෙකුට මේ කියන සරළ කතාව එක්කෝ තේරුණේ නැත. ඔවුන්ට අවශ්‍ය වූවේ, මහජන උපයෝගීතා කමිටුවේ සභාපතිවරයා බොරු කියන බව පෙන්වීම ය.

ඇමති කාංචන විජේසේකර කියන ගානට තෙල් තියෙන්නේ සිංගප්පුරු මිල දර්ශකයේ ය. ලංකාව තෙල් මිලදී ගෙන ඇත්තේ ඒ මුදලට නොව, එයට වඩා අඩු මුදලකටය. මේ සරළ කතාව කෝප් කමිටුවට පමණක් නොව තමන් මේ ගැන දන්නේ නැතැයි කියන ‘මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින්ට‘ පවා තේරී නැත. නැතිනම්, මේ කතාව හොඳින්ම දැන, මෙරට පාරිභෝගිකයා දැවැන්තම පික්පොකට් ගැසීමට ලක් කරන්නේය.

වැදගත්මක කරන නම්, දැන් සංස්ථා තෙල් මිලත්, ඉන්දියන් තෙල් මිලත් එක හා සමානය. ලංකාවේ ජනතාව රවටන්න හදන සුත්‍රය අනුව, ඉන්දියන් සමාගම ලාබ ලබයි.
සංස්ථාවට ඩොලර් තබා රුපියල්වත් නැති නිසා ආණ්ඩුව සල්ලි අච්චු ගසන බව මහ බැංකු අධිපති කියයි. එහි ප්‍රතිඑලය සෑම භාණ්ඩයකම මිල ඉහළ යාමය. ඛනිජ තෙල් මාෆියාව විසින් මේ රටේ පාරිභෝගිකයා හූරා කමින් තම මඩිය තර කර ගැනීම වැලැක්වීමට රටම එක් විය යුතුව ඇත.

(අමාත්‍යවරයා ගේ ටුවිට් පණිවුඩයේ දත්ත හා රේගු දත්ත අතර සංසන්නය ත්, ඇමතිවරයාගේ ටුවිට් පණිවුඩයත් මේ සමඟ අමුණා ඇත)

රජිත් කීර්ති තෙන්නකෝන්

දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….