කාන්තාවන් ඉදිරියට ගැනිමට පියවර ගත යුතුයි – සරන්නියා මාරිඅප්පන්

මේ වන විට වතුකරයේ සමහර කාන්තාවන්ට ඉදිරියට ඒමට ඉඩ නොදිම තුලින් එම කාන්තාවන් මුලු ගැන්විලා ඉන්නේ එම කාන්තාවන් ඉදිරියට ගැනිමට පියවර ගත යුතු බව ප්‍රිඩෝ ආයතනයේ සම්බන්ධිකාර නිලධාරිනි සරන්නියා මාරිඅප්පන් මහත්මිය පවසයි.
දේශපාලන දැනුමෙන් ඉහළ කාන්තාවන් තුලින් මලයගම්හි නව යුගයක් නිර්මාණය කිරීම යන තේමාව යටතේ හැටන් ශ්‍රි මාණික්කපිල්ලේයාර් දේවස්ථාන ශාලාවේදි ප්‍රිඩෝ ආයතනය මගින් සංවිධානය කරන ලද කාන්තා හමුවකදි මේ බව පැවසු සරන්නියා මාරිඅප්පන් මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

අද සමහර වතුවල කෝවිල් කමිටුවලට කාන්තාවන් බදවා ගන්නේ නැහැ එත් කෝවිල්වල පවතින විවිධ ආගමික වතාවත්වලට වැඩි පුරම සහභාගිවන්නේ කාන්තාවන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරය ගත් විට මෙහි බොහෝ වැඩ සටහන් සදහා කාන්තා සහාභාගිත්වය අඩු වශයෙන් පවතින්නේ දේශපාලනය ගත්තත් සමාජ ක්‍රියාකාරකම් ගත්තත් කාන්තා නියෝජනය අඩුයි මෙම කාන්තාවන් ගෙදරටම මුලු ගැන්විලා ඉන්නේ එය වෙනස් කල යුතුයි.
අද සමහර අවස්ථාවලදි කාන්තාවන් තුල පවතින ප්‍රශ්නවත් නිසි ලෙස කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ප්‍රිඩෝ ආයතනය ලෙස අපි උත්සහා ගන්නේ මෙම කාන්තාවන්ගේ පවතින විවිධ ප්‍රශ්න කතා කරන්න වේදිකාවක් සකසා දීමටයි.

ප්‍රිඩෝ ආයතනයේ අපි මෙම කාන්තාවන් සමග කතා කරන විටදි මෙම කාන්තාවන් තුල පවතින විවිධ දෂ්කම් හදුනා ගත්තා එම දෂ්කම් මත ප්‍රිඩෝ ආයතනය ලබා දුන් සහය මත මේ වන විට සමහර කාන්තාවන් මල් මාලා හදලා විකුණනවා තවත් සමහර අය කුඩාවට ඇදුම් මැසිම සිදු කරනවා තවත් සමහර අය වඩේ මුරුක්කු හැදිම සිදු කරනවා එවන් තත්වයන් මත එම අය තම පවුලේ ආර්ථිකය නගා සිටුවිමටත් දායකත්වය ලබා දෙනවා.
පසු ගිය මැතිවරණවලදි අපි දුටු දෙයක් තමයි මේ වතුකරයේ කාන්තාවන්ගේ ඡන්දය ප්‍රකාශ කිරිම අඩු මට්ටමක පැවතිම මේ පිලිබදව සොයා බැලිමේදි නිරික්ෂණය වුනේ මේ වතුකරයේ බොහෝ කාන්තාවන් පිට පළාත්වල ගෙවල්වල හෝටල්වල රැකියා සදහා පිටව යාම මෙයත් වෙනස් විය යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….