කොවිඩ් සම්බන්ධ ගැටලු, නිරෝධායන මධ්‍යස්ථාන වල / කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල මතුවන ගැටලු ගැන දැනුම් දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දුරකථන අංක දෙකක් හඳුන්වා දී ඇත.
එසේම විද්්‍යුත් තැපැල් ලිපිනයක්ද හඳුන්වා දී තිබෙන අතර මේ සඳහා මහජනතාවට, සෞඛ්‍ය අංශයේ කෙනෙතුට හෝ ඕනෑම අයෙකුට මේ දුරකථන අංක හා සම්බන්ධ වී ගැටලු ඉදිරිපත් කළ හැකිය.
එමෙන්ම මේ අවස්ථාවේ යම් පරිත්‍යාගශිලින් වේ නම් ඔවුන්ටද මේ අංක හරහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා එක් වී අදාල පරිත්‍යාග කිරිම් සිදු කළ හැකිය .
එම දුරකථන අංක වන්නේ 070-6326363 / 070-6326364 ය. විද්්‍යුත් තැපැල් ලිපිනය වන්නේ covidcentergmoa@gmail.com ය.
ශානි






