ගතවූ වසර 5 තුළ තීරු බදු රහිත වාහන බලපත්‍ර 20,000ක් දීලා

වාහන ආනයනය නතර කළ 2020 වසරේ සිට මේ දක්වා වූ වසර පහක කාල සීමාව තුළදී රජයේ විධායක මට්ටමේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර 20,000 ක් නිකුත් කර ඇති නමුත්, එම බලපත්‍රවලට අදාළව වාහන ගෙන්වීමට අවසර ලබාදීම සම්බන්ධව රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

ආර්ථික අර්බුද තත්ත්වය හේතුවෙන් රජය ඉකුත් 2020 වසරේ දී වාහන ආනයනය නතර කිරීමට කටයුතු කළද, රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම මේ දක්වා අඛණ්ඩව සිදු කෙරෙන බව ද මුදල් අමාත්‍යාංශය කියයි. ඒ අනුව, 2020 වසරේ සිට මේ දක්වා කාලය තුළදී තීරු බදු රහිත වාහන බලපත්‍ර 20,000 කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කර ඇතැයි ද එම අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

රජය වාහන බලපත්‍ර නිකුත් කිරීම කාණ්ඩ කීපයක් යටතේ සිදුකරයි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට නිකුත් කරන වාහන බලපත්‍රය පහසුකම් රැසකින් සමන්විත වේ. මීට අමතරව, අමාත්‍යාංශ ලේකම්වරුන්ට, විධායක ශ්‍රේණියේ ආයතන ප්‍රධානීන්ට හා රජයේ සේවකයන්ට, විධායක ශ්‍රේණියේ විශ්‍රාමික රජයේ සේවකයන්ට මෙම වාහන බලපත්‍ර නිකුත් කෙරේ. අදාළ වාහනයේ බදු ගණනය කර, එම බද්දෙන් රුපියල් ලක්ෂ 36 ක් දක්වා වූ මුදලක් වාහන බලපත්‍රලාභීන් වාහනයක් මිලදී ගැනීමේ දී අඩු කෙරේ.

මේ වසරේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා වාහන ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. බලපත්‍ර යටතේ වාහන ආනයනයට අවස්ථාව ලබාදීම මගින් රජයට ලැබෙන බදු ආදායම අඩුවන බව මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි. වාහන ආනයනය කිරීමට අවස්ථාව ලබාදීම මගින් දළ දේශීය නිෂ්පාදිතයට සියයට එකකට (1%) වැඩි බදු ආදායම් ලැබේයැයි මුදල් අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

පසුගිය කාලයේ විදෙස්ගත ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන 924 ක් ආනයනය කිරීමට අවස්ථාව ලබාදුන් බවත්, එහිදී රුපියල් මිලියන හයක බදු සහනයක් ලබාදුන් බවත් මුදල් අමාත්‍යාංශය කියයි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….