ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කිරීමට කටයුතු සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

සංචාරක කර්මාන්තයේ සිදුවන වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කිරීමට සැළසුම් කර තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරයි.

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය

මෙරට සංචාරකයින්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් විවිධ පැමිණිලි ලැබෙනවා. මම පසුගිය කාලයේ මේ ගැන හඬ නැගුවා. සංචාරකයින්ට වැඩි මිලට ආහාර ද්‍රව්‍ය විකිණීම, සංචාරක ගමනාන්ත වෙත අධික මිලට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීම සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන ප්‍රචාරක වීඩියෝ පට විකාශය කරමින් සිටි සංචාරකයකුට ලිංගික අතවර කිරීම වැනි විවිධ පැමිණිලි ලැබී තිබෙනවා. මෙම කටයුතු වැළැක්වීමට අප පියවර ගන්නවා. වැරදි කරන කිහිප දෙනෙකු නිසා අප රටේ කීර්ති නාමයට හානියක් වීමට ඉඩ නොදිය යුතුයි.

දුම්රිය ප්‍රවේශපත්‍ර වැඩි මිලට අලෙවි කිරීමේදී බොහෝ විට ඒවාට අනුබල දී ඇත්තේ දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකු බව පැවසිය යුතුයි. මෙම තත්ත්වය වලක්වා ගැනීම සඳහා අප මාර්ගගත ටිකට්පත් මිලදී ගැනීම ක්‍රමවත් කරමින් සිටිනවා. මෙම ක්‍රමය තවදුරටත් වැඩිදියුණු කිරීමට අප පියවර ගන්නවා. මෙවැනි උපක්‍රම හරහා දූෂණ වංචා පාලනය කළ හැකියි.

ඒ වගේම නීති විරෝධී මත්පැන් අලෙවිය නිසා අපේ රටට කෝටි ගණනක බදු ආදායමක් අහිමි වෙනවා. අපේ රට බෞද්ධ රටක් නිසා බුදු දහමට ගෞරවයක් ලෙස පොහොය දිනට සුරාසැල් වසා දැමිය යුතුයි. නමුත් ඒ දිනවලත් අපේ රටේ අය නීති විරෝධීව මත්පැන් විකුණනවා. ඒවා වළක්වන්න සිටින ඇතැම් නිලධාරීන් අල්ලස් ගන්න තැනට පත් වී සිටිනවා. කිහිප දෙනෙකුගේ දූෂිත ක්‍රියා නිසා මේ රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක කරන්න බැහැ. එවැනි වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කරන ලෙස මා යෝජනා කර තිබෙනවා.

එමෙන්ම සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා අප තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන තිබෙනවා. ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට අප කටයුතු කරනවා. මේ හරහා අපේ රටට එන සංචාරකයන් ප්‍රමාණය තවත් වැඩිකර ගැනීමට බලාපොරොත්තු වෙනවා

මෙරට ක්‍රියාත්මක වන SPA සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ විවේචන එල්ල වුණා. එවැනි ස්ථාන වෙනත් රටවල සුවතා මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වනවා. එහිදී රටේ ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව ගැන අවධානය යොමු කළ යුතුයි. ඒවා විධිමත් කිරීමට සහ අධීක්ෂණ යාන්ත්‍රණ සංවර්ධනය කිරීමට අප සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටිනවා.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….