ගෙවුණු පස් මාසයට ඩෙංගු රෝගියෝ 25,000ක්

ගෙවී ගිය මාස පහක කාලය තුළ ඩෙංගු රෝගීන් 25,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ බවත් එම කාලය තුළ ඩෙංගු වැලඳුණු 9 දෙනකු මරණයට පත් වූ බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඊයේ (6) පැවසීය.

පවතින ජල ගැලීම් තත්ත්වය හමුවේ ඩෙංගු රෝගය වසංගතයක් දක්වා වර්ධනය විය හැකි බැවින් ඩෙංගු මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළට පූර්ණ මහජන සහය අත්‍යවශ්‍ය බවත් හෙතෙම කීවේය. මෙය හුදෙක් සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොව ආර්ථික හා සමාජීය ප්‍රශ්නයක් වන අතර මහජන සහය නැතිව සෞඛ්‍ය අමාත්‍යංශයට පමණක් ඩෙංගු රෝගය මර්දනය කළ නොහැකි බවත් ඒ මහතා කීවේය.

විශේෂයෙන් කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, මහනුවර, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල රෝගීන් වාර්තා වීමේ වැඩි වීමක් පෙන්නුම් කෙරෙන බව මෙහිදී පැවසූ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය ඩෙංගු රෝගය වළක්වා ගත හැකි මූලිකම ක්‍රමය වන්නේ මදුරුවා බෝවීම වැළැක්වීම බවත්, ඒ සඳහා ජනතාවගේ වගකීම වන්නේ නිවෙසේ, පාසලේ හෝ සේවා ස්ථානයේ මදුරුවන් බෝ වන ස්ථාන ඉවත් කිරීම බවත් පැවසුවාය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, ජාතික බෝ වන රෝග ආයතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කීවේ මේ කාලය තුළ අධික උණ, ඇඟපත වේදනාව, වමනය, අධික හිසරදය, පාචන තත්ත්වය වැනි ලක්ෂණ තිබේ නම් එය ඩෙංගු රෝගය ලෙස සිතීම වඩාත් වැදගත් බවයි. මේ රෝග ලක්ෂණ තිබේ නම් මුලින්ම ශාරීරකව විවේක ගැනීම අත්‍යවශ්‍ය බවද පැරසිටමෝල් හැර වෙනත් වේදනා නාශක හෝ වෙනත් ඖෂධ නොගත යුතු බවද ඔහු වැඩි දුරටත් කීවේය. රෝග ලක්ෂණ දින දෙකකට වඩා පවතිනවා නම් සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් (FBC) සිදු කර රජයේ රෝහලකින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවත්, කැඳ, ජීවනී, තැඹිලි, දෙහි වැනි ලවණ සහිත දියර වර්ග පානය කිරීමට වග බලා ගත යුතු බවත් කී විශේෂඥ වෛද්‍යවරයා රතු පැහැති හෝ කෘත්‍රිම රසායනික අඩංගු දියර වර්ග නොගෙන සිටීම වැදගත් බවද කීය.

කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ උපදේශක ප්‍රජා වෛද්‍ය/ ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය බුද්ධික මහේෂ් මහතාද මෙහිදී අදහස් පළ කළ අතර, කීට විද්‍යාඥ සකුන්තලා ජානකී, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය එන්. අරිෆ්, වෛද්‍ය සුනිත් කුමාරප්පෙරුම, ආර්.කේ.එස්.ඊ. රණවීර මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….