ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා වූ යෝජනා කිසිඳු අපේක්ෂකයෙකු ඉදිරිපත් කර නෑ

ජනාධිපති අපේක්ෂකයන් තමන්ගේ ප්‍රතිපත්ති පැහැදිලිව ජනතාවට ඉදිරිපත් කළ යුතුයි. එවිට එය ජනතාව වෙත ගෙන යාමට ජනමාධ්‍යවේදීන් හැකියාව ලැබේ. එමෙන්ම ඔවුන් විසින් ජනාධිපති මැතිවරණ වේදිකාවන් වල සහ ජනමාධ්‍ය තුළින් ජනතාවට ලබා දෙන පොරොන්දු යථාර්තවාදී තර්කානුකූලව ඒවා විය යුතුයි. ඡන්ද ලබා ගැනීමට ජනප්‍රිය වීමේ වුවමානව ඇතිව ලබා දෙන ජනප්‍රිය පොරොන්දු ඉදිරිපත් නොකළ යුතුයි. සත්‍ය පමණක් ජනතාවට ඉදිරිපත් කළ යුතුයි.

දැඩි ආර්ථික අර්බුදයක සිට එයින් ගොඩඑමින් පවතින මෙවැනි අවස්ථාවක ඊට කිසි ලෙසකින් බාධා නොකළ යුතුයි. මෙවර මැතිවරණයේ දී ජනවාර්ගික අර්බුදයට විසඳුම් ගෙන ඒමේ සාකච්ඡාවක් මැතිවරණ වේදිකාව තුළ දැකීමට හැකියාවක් නැත. බලය බෙදිම ගැන හෝ ඒ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවරයන් ගැන ස‍ඳහනක් නැත. ඒ ගැන සඳහන් කරන අදහස් පවා නොගැඹුරු, දුර්වල ඒවා.

අජිත් පැරකුම් ජයසිංහ 

සමහර ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තෝරාගත් අපේක්ෂකයන්ට පමණයි

දැනට නාමයෝජනා ලබා දී ඇති 39 ක් වූ ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් සියල්ලන්ම ජනමාධ්‍ය භාවිතා කරනවා. නමුත් සමහර ගුවන් විදුලි නාලිකා, රූපවාහිනී නාලිකා, ෆේස්බුක් ගිණුම් හිමියන්, වට්ස්ඇප් ඇතුළු මාධ්‍ය තෝරාගත් අපේක්ෂකයන් වෙනුවෙන් පමණක් භාවිතා කරනවා පමණක් නොව සමහර අපේක්ෂයන් අනෙක් අපේක්ෂයන්ට අපහාස කිරීමට භාවිතා කරනවා. මේ සමහර විද්යුත් නාලිකා සහ සමාජ මාධ්‍ය මෙවැනි ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ මුදලට. ඒ අය මේ සඳහා කොන්ත්‍රාත් ලබාගෙන තිබෙනවා.

ඒ නිසා අපේක්ෂකයන්ගෙන් සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ මැතිවරණ කාල සීමාවේ දී ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හැසිරවීමේ දී වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වන ලෙසයි.

ජනූර් කිචිලාන්

2022 දී ගිනිගොඩක් මැද තිබුණු ආර්ථිකය

2022 දී ගිනිගොඩක් මැද තිබුණු ආර්ථිකය අර්බුද මැදින් ගොඩනැගෙමින් තිබෙන අවස්ථාවක තමයි ජනාධිපතිවරණය පවත්වන්නේ. තවමත් අපි ඉතා අසීරු තත්ත්වයකයි අපි ඉන්නේ. පොරොන්දු දේහපාලනයෙන් මේ සංකිර්ණ ආර්ථික ගැටළුවට විසඳුම් නැහැ. දැනට රජය එකඟවී ඇති IMF කොන්දේසි සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයන් විසින් ගනු ලබන පියවර පැහැදිලි කිරීමක් කළ යුතුය. එහෙම නැතුව පඩි වැඩි කරනවා, වැට් නැති කරනවා කියලා හරියන්නේ නෑ. ඒවා කොහොමද කරන්නේ කියලා පැහැදිලි කළ යුතුයි.

සොරුන් ඇල්ලීම ගැන දැන් වේදිකාවල සඳහන් වෙනවා. හොරුන් ඇල්ලීම කෙතරම් සංකීර්ණ, කල්ගත වෙන ක්‍රියාවලියක් ද කියලා ඒ ගැන අධ්‍යයනය කළ විශේෂඥයින් දන්නවා. ඒ නිසා එවැනි ජනප්‍රිය ජනතාව මුලාවෙන පණිවිඩ දේශපාලන වේදිකාවෙන් නොසිදුවිය යුතුයි.

තෙල්, විදුලි මිළ සූත්‍රයට කාලයක් විරෝධය පළ කලා. අපහාස කළා. දැන් හැමෝම පිළිගන්නවා එවැනි ක්‍රමවේදයක් අවශ්‍යයි කියලා. මෙවැනි ආර්ථික ක්‍රමවේදයන් ගැන ජනාධිපතිවරණ අපේක්ෂකයන් තමන්ගේ මතය ප්‍රකාශ කළ යුතුයි.

විමල් වීරවංශ සත්‍ය සෙවීමේ කොමිසම මගින් රණවිරුවන් දඩයම් කරනවා කියලා කියනවා. එවැනි සිද්ධීන් අවස්ථාවන් ඇත්නම් ඒ ගැන නීතිපති දැනුවත් කරලා අවශ්‍ය නම් නඩු පවරන්න පුළුවන්. එවැනි දේ ජනගත කරලා ජාතිවාදය අවුස්සන එක වැරදියි.

ජනාධිපතිවරණය සම්බන්ධ මාධ්‍ය උපමාන සාධාරණ අන්දමින් ක්‍රියාත්මක කරනු, ජනාධිපති අපේක්ෂකයන් නාම මාත්‍රික ප්‍රතිපත්ති ප්‍රකාශන වෙනුවට අර්බුදයට ප්‍රායෝගික විසඳුම් හා ඉදිරි වැඩපිළිවෙළවල් ප්‍රකාශයට පත් කරනු, ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය ගොඩනගමින් තිරසරභාවය නිර්මාණය කරනු, ජාතික ප්‍රශ්නයට විසඳුම් අමතක නොකරනු යන තේමාවන් ඔස්සේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ යන මැයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් 2024 අගෝස්තු 22 වෙනි දින ප.ව. 1.30 ට කොළඹ ජානකී හෝටලයේ දී පැවැත්වුනි.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එහි සභාපති අජිත් පැරකුම් ජයසිංහ සහ ලේකම් නීතිඥ දුලාන් දසනායක ඇතුළු ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් පිරිසක් සහභාගි විය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….