තවමත් පාර්ලිමේන්තුව නිදි

parliment
ඊයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හැසිරීම දිහා බැලුවාම පේන දෙයක් තමයි කාලය සියල්ලටම විසඳුම් ගෙනත් දේවී කියලා ඔවුන් හිතාගෙන ඉන්නවා කියන දේ. අනික් පැත්තෙන් සමහර මන්ත්රීවරුන්ට තිබුණේ මේක මර්දනය කරන්නේ නෑ කියන අඬෝවැඩියාව.
ඒ අස්සේ යුද්ධ හමුදාවේ විශේෂ බලකායේ යතුරු පැදිකරුවන් සරුංගල් වගේ පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂකයන්ගේ රෙද්ද අස්සේ ඉගිල්ලෙනවා අපි දැක්කා. මේ වෙලාවේ පොලිස් හැසිරීම දිහා බැලුවාම පේනවා රාජපක්ෂලාට තමන්ගේ දඩ බල්ලන් මුදාහරින එක හිතන තරම් ලේසි නෑ කියලා.
කොහොම වුණත් මේ වෙනකොට කොළඹ පුරවලා තියෙන්නේ හමුදාව ගෙනල්ලා. ඊයේ කොළඹ වරායට ඇතුල්වෙන සීමාවේ සිය ගණනින් හමුදාව කැරළි මර්දනයට ලක ලෑස්තිවෙලා හිටියේ. ඇයි කියන්නනම් අපි දන්නේ නෑ. උද්ඝෝෂකයන්ගේ සැළසුමක් තිබෙනවා වරාය අල්ලගන්න කියලා, බුද්ධි තොරතුරක් ආවද දන්නේ නෑ..
කොහොම වුණත් මර්දනයට ආසයි බයයි වගේ එකක් තමයි දැන් පේන්න තියෙන්නේ. මේ වෙලාවේ උද්ඝෝෂකයෝත් 225ම එපා කියමින් පාර්ලිමේන්තු මන්ත්රීවරු පස්සේ දුවන එක නතර කරන්න ඕනෑ. ගෙවල්වලට පනින ගෙවල් කුඩු කරන එක නතර කරන්න ඕනී.
ගෙවල් ඉස්සරහා උද්ඝෝෂණය කරන එකයි ගෙවල් කුඩු කරන එකයි දෙකක්. මර්දනය කැන්දාගන්නේ නැතුව මේක ජයග්රාහී මාවතට නැවත සැරයක් පීලිගත කරන්න ඕනී කියලයි මට හිතෙන්නේ.
මේ උද්ඝෝෂණ ව්යාපාරය අයිතිකරගෙන ඉන්නේ වර්තමාන තරුණ පරපුර. ඔවුන්ට 225 පිළිබඳවම සාධාරණ වෛරයක් තිබෙන්න පුලුවන්, ඒක ඇත්ත. ඒත් මේ තරුණ ප්රජාව තමන්ගේ ප්රධාන ඉල්ලීම වෙන ‘ගෝඨා ගෙදර පළ’ කියන එක කරවාගන්න පුලුවන් තැනකට දැන් මේ සටන අරගෙන එන්න ඕනී.
ඒ අස්සේ අපි පාර්ලිමේන්තුවට බලකරන්න ඕනී කතා සාප්පුව වහලා දාලා මේ පැය 24ම වැඩකරලා හරි, වැඩකරන විරුවයි ඌගේ සනුහරෙයි පාරට දාලා මේ අර්බුදයට සාධාරණ විසඳුමක් දීලා රට අරාජික වීම වළක්වා ගන්න කියලා.
වර්තමානයේ අපිට ඉන්නේ මෝඩ නාකි අවලස්සන කතානායකවරයෙක්. මේයකාටනම් මේ අර්බුදයේ දිග පළල කිසිදෙයක් පේන්නේ නෑ. ඒ හින්දා පාර්ලිමේන්තුවේ ඉන්න ජේෂඨයන් මේ වඟකීම තමන්ගේ කර උඩට ගන්න ඕනී. පාර්ලිමේන්තුව එක ඉලක්කයට ගන්න ඕනී.
ව්යවස්ථා සංශෝධනය කරලා හරි මේ යකා සහ ඌගේ පවුල් රොත්ත මේ තනතුරුවලින් එළියට දාලා භාරකාර ආණ්ඩුවක් හදන වැඩේ පාර්ලිමේන්තුව අදම පටන් ගන්න ඕනී. ඒක කරන්න තව තවත් පරක්කු උනොත් පාර්ලිමේන්තුව ඇරිලා ගෙදර යන්න ඔය කාටවත් හම්බවෙන එකක් නෑ.
ඒ නිසා මේක බැරෑරුම් විදිහට පාර්ලිමේන්තුව භාරගන්න ඕනී රාජපක්ෂ පවුලට කුදගහගන්න කියලා.
ඒත් තවමත් පාර්ලිමේන්තුව නිදි ඒකයි අවුල..!
සංජීව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….