ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට හෘද ප්‍රතිකාර සඳහා Cath Lab අංශයක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල් වල පවතින අඩුපාඩු සොයාබලා ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිළධාරීන් කණ්ඩායමක් විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ලබාදී ඇති උපදෙස් පරිදි එය සිවෙී තිබේ.

මෙම නිරීක්ෂණ චාරිකාවේදි පළමුවෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල නිරීක්ෂණයට ලක් කරන ලද අතර එම රෝහලේ වාට්ටු, ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකකය, හදිසි ප්‍රතිකාර ඒකකය, හදිසි අනතුරු ඒකකය, සි.ටී ස්කෑන් අංශය, රක්තවේද සායනය, රසායනාගාරය, විකලාංග ශල්‍ය වෛද්‍ය ඒකකය, හෘද රෝග ප්‍රතිකාර අංශය ඇතුළු ඒකක නිරීක්ෂණය කර තිබුණි.

රෝහල නිරීක්ෂණයෙන් අනතුරුව රෝහල් කාර්යමණ්ඩලය සමඟ විශේෂ සාකච්ඡාවකද ලේකම්වරයා ඇතුළු නිළධාරීන් කණ්ඩායම නිරත විය.

එහිදී ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහලේ නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 70ක මුදල් ප්‍රතිපාදන ද, රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීම සඳහා රුපියල් මිලියන 75ක මුදල් ප්‍රතිපාදන සහ වෛද්‍ය නිල නිවාස අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 50ක මුදල් ප්‍රතිපාදන ද ලබාදීමට සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදි නිළධාරීන්ට උපදෙස් ලබාදෙන ලද අතර රෝහලට අවශ්‍ය හිඟ කාර්යමණ්ඩලය පියවීම සඳහා ඉදිරියේදි සෞඛ්‍ය සේවාවට බඳවා ගන්නා කාර්යමණ්ඩල වලින් යම්කිසි ප්‍රමාණයක් රෝහල අනුයුක්ත කිරීමට පියවර ගන්නා මෙන් උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම JAICA වයාපෘතිය හරහා රුපියල් මිලියන 1000ක වටිනාකමකින් යුත් හෘද රෝග ප්‍රතිකාර සඳහා භාවිතා කරන Cath Lab (කැත් ලැබ්) අංශයක් සහිත සය මහල් ගොඩනැගිල්ලක් දිස්ත්‍රික් මහ රෝහල තුළ ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත් එහි මූලික වැඩකටයුතු කඩිනමින් ආරම්භ කර ඉදිකිරීම් කඩිනම් කරන ලෙසද සෞඛ්‍ය ලේකම්වරයා රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය දිල්කා සරණසිරි මහත්මියට මෙහිදී උපදෙස් ලබා දී ඇත.

රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් පදවි ශ්‍රීපුර ප්‍රාදේශිය රෝහලේ ඉදි කරන ලද බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල විවෘත කිරීමද ඊයේ දින සිදුවිය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දීල් තොණ්ඩමන්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල යන මහත්වරුන්ද එම අවස්ථාවට එක්විය.

මේ සඳහා මුදල් ප්‍රතිපාදන ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය විසින් ලබාදී තිබේ.

කන්තලේ මූලික රෝහල විශේෂ නිරීක්ෂණයට ලක් කරමින් එම රෝහලේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා රුපියල් මිලියන 40ක මුදල් ප්‍රතිපාදන ද, රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීම සඳහා රුපියල් මිලියන 30ක මුදල් ප්‍රතිපාදන ද ලබාදීමට පියවර ගන්නා ලදී.

එම මුදල් කඩිනමින් රෝහලට ලබාදීමට කටයුතු කරන මෙන් අදාළ නිළධාරීන් සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී උපදෙස් ලබාදුන් අතර රෝහල් කාර්යමණ්ඩලයේ හිඟය පියවීමට ඉදිරියේදි බඳවා ගන්නා කාර්යමණ්ඩල වලින් අවශ්‍යතාවය මත යම්කිසි පිරිසක් අනුයුක්ත කිරීමට කටයුතු කරන මෙන් උපදෙස් ලබාදී තිබේ.

මෙම රෝහල් නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ පිහිටි සියලුම රජයේ රෝහල් වල පවතින තත්වය හා එම රෝහල් සංවර්ධනය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක්ද ත්‍රිකුණාමලය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විනි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ලක්ෂ 5 කට ආසන්න ජනගහණයක් ජීවත්වන අතර එම ජනතාවට එක් මහ රෝහලකින් , මූළික රෝහල් හතරකින් , දිසා රෝහල් 14 කින්, ප්‍රාදේශීය රෝහල් 17 කින් , ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 12 කින් සුව සේවාව සපයනු ලබයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉංජිනේරු) සාලින්ද බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරුන් වන විශේෂඥ වෛද්‍ය එස්, ශ්‍රීධරන්, දිනිප්‍රිය හේරත්, ජනප්‍රිය කරුණාතිලක, අධ්‍යක්ෂවරුන් වන වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න, වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, ත්‍රිකුණාමල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැදන්ගමුව යන මහත්වරුන්ද, රෝහල් අධ්‍යක්ෂවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ පිරිසක්ද සහභාගී වීය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….