ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් ත්‍යාග පිරිනමන බව පවසා හුවමාරු වන ව්‍යාජ පණිවිඩ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස පවසන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මේ ව්‍යාජ පණිවිඩ මඟින් ඕනෑම අවස්ථාවක දුරකතන ග්රාහකයන්ගේ පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයන්ට අත්පත් කරගත හැකි බව පෙන්වා දෙයි. එවැනි ව්‍යාජ පණිවිඩ ඔස්සේ අනිෂ්ට මෘදුකාංග සිය ජංගම දුරකතනයට ස්ථාපනය වීමද සිදු විය හැකි බව පෙන්වා දෙන එම සංගමය එබැවින් එවැනි පණිවුඩ විවෘත කිරීමෙන් වළකින ලෙසද පවසයි. මේ සම්බන්ධයෙන් පැමිණිලි විශාල ගණනාවක් ලැබී ඇතැයිද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් දක්වා සිටී.
Similar Posts
සුපිරි වෙළෙදසැල්වල රාක්කවලට ආ අලුත්ම සුපිරිම දේ
ගැස් හිගය සහ අර්බුධය හමුවේ මැටි ලිප් , දර සහ භුමිතෙල් සදහා විශාල ඉල්ලුමක් පවතින බව වෙලදපොලේ දක්නට ලැබුණි. මේ දිනවල පවතින ගෑස් හිගය හේතුවෙන් සහ ගෑස් හේතුවෙන් දර සහ දර ලිප් සදහා විශාල ඉල්ලුමක් මතුව තිබේ. ඒ අනුව සුපිරි වෙළෙදසැල්වල රාක්කවලද මෙසේ දර සහ දර ලිප් විකිණිමට තබා ඇත්තේ මෙසේය. මේ අතර ජනාධිපති ගෝ්ඨාභය…
කළුතර දිස්ත්‍රික්කයේ තවත් ප්රාග් ඵෙතිහාසික ලෙනක්
ප්රාග් ඵෙතිහාසික යුගයට අයත් යැයි සැලකෙන ආදී මානව ජනාවාසයක පුරා විද්‍යා සාධක ඇති ඉපැරණි ගල් ලෙනක් කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, ගුලවිට ප්‍රදේශයෙන් හමුවු බවත්, එම ස්ථානයේ ගල් වැඩපලක් සදහා දී තිබු අවසරය වහාම තාවකාලික නතර කර ඒ පිළිබද පරීක්ෂණයක් කිරීමට නිළධාරීන්ට උපදෙස් ලබාදුන් බව ගුදම් සහසුකම්, වරාය බහාලුම් අංගන, වරාය පහසුකම් හා නැව් බෝට්ටු කර්මාන්ත සංවර්ධන…
යක්ෂ දෝෂ රිමාන්ඞ් බන්ධනාගාරයෙන් නවතී
සිරුරට වැළඳී ඇති දෝෂ ඉවත් කිරීමට යැයි පවසා දහසය හැවිරිදි බාල වයස්කාර දැරියකට අතවර සිදු කරන ලද කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයකු අගෝස්තු මස 4 වන දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජිවනී පතිරණ මහත්මිය නියෝග කළාය. මෙසේ රිමාන්ඞ් බන්ධනාගාරගත කරනු ලැබුවේ 50 හැවිරිදි අස්ගිරිය මුදියන්සේලාගේ වණිගරත්න නමැති සැකකරුවෙකි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින්…
තුඩුගල ඇල්ල දැයෙන් සමුගන්න සැරසෙයි
ලංකාවේ දිය ඇළි අතරින් මෙරටට ආවේනික ශාඛ හා සත්ව ප්‍රජාවක් වෙසෙන, සංචාරක ආකර්ශණය දිනා ගත් මහා සාගරයට ආසන්නම දිය ඇල්ල දොඩන්ගොඩ, තුඩුගල ඇල්ලය. මේ වන විට බරපතල පාරිසරික තර්ජනයකට ලක්ව තිබෙන තුඩුගල ඇල්ල ආශ්රිත ප්‍රදේශයේ පරිසරය සංරක්ෂණය කර ජල පෝෂක ආරක්ෂා කිරීමට පියවර නොගත හොත් ඉතා මෑත කාලිනවම ලංකාවේ දිය ඇලි 382 අතුරින් 268 වන…