දරු පර­පුරේ නිර්මා­ණ­ශීලී බව හා ඉව­සී­මත් නැති කරන ආන­ය­නික වෙසක් සැරසිලි

රට තුළ විකි­ණෙන ආන­ය­නික ප්ලාස්ටික් සහ කාඩ්බෝඩ් වෙසක් කූඩු නිසා­වෙන් දේශීය වෙසක් කූඩු නිර්මා­ණ­ක­රු­වන්ගේ නිෂ්පා­දන විකුණා ගැනී­මට දැඩි අප­හ­සු­තා­ව­යක් පව­තින බවත්, එම­ඟින් රට තුළ සිටින දරු පර­පුරේ නිර්මා­ණ­ශී­ලී­තා­වය, ඉව­සීම සහ අව­බෝ­ධය වැනිදේ ඔවුන්ගේ සිත්ව­ලින් මැකී ගොස් ඇති බව වෙසක් කූඩු නිෂ්පා­ද­කයෝ පව­සති.

උණ බට කපා­ගෙන ඇවිත් ඒවා ක්‍රම­වත් ලෙස සකස් කර­ගෙන වෙසක් කූඩු නිර්මා­ණය කිරීම තුළින් ඉව­සීම, ජීවි­තය පිළි­බඳ අව­බෝ­ධය, නිර්මා­ණ­ශීලී බව හා සහ­යෝ­ගී­ත්වය වැඩි දියුණු කර ගැනී­මට දරු­වන් සහ වැඩි­හි­ටි­යන් සිය­ලුම දෙනාට උප­කාරී වන බවද ප්ලාස්ටික් වෙසක් කූඩුව තුළින් එම කිසි­වක් නිසි­යා­කා­රව ලබා ගැනී­මට නොහැකි බව වෙසක් කූඩු නිර්මා­ණ­ක­රු­වන් මෙහිදී පෙන්වා දුන්හ.

රජයේ අවශ්‍ය බල­ධා­රීන් මැදි­හත් වී පිට­ර­ටින් ගෙන්වන මෙම වෙසක් කූඩු නව­තා­ලී­මට කට­යුතු කරන ලෙසද ඔවුහු මෙහිදී ඉල්ලී­මක් කර සිටි­යහ.

මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ පණ්ඩු­ල­ගම ප්‍රදේ­ශයේ පදිංචි 64 හැවි­රිදි කේ.බී. ගාමිණී සිල්වා මහතා මෙසේ පැව­සීය. මම දැන් වසර 20කට වැඩි කාල­යක් තිස්සේ උණ බට­ව­ලින් වෙසක් කූඩු නිෂ්පා­ද­නය කරනු ලබ­නවා, මම මෝට­ර්මැ­කෑ­නික් රස්සාව තමයි කළේ. දැන් අස­නීප තත්ත්වය හේතු­වෙන් තමයි මේ කූඩු හදන්නේ. දැන් අමු­ද්‍රව්‍ය හොයා ගන්න ලේසි නැහැ. සාලි­ය­පුර පැත්තේ ගිහිල්ලා තමයි ඇළ මාර්ග­වල ගමන් කරලා කඩන් වැටුණු උණ බට තමයි හොයා ගෙන එන්නේ. ඒවා මැරිලා කඩන් වැටිලා දිරච්ච ගස්. ඒවා අරන් එන්නේ ලොරි කුලී දීලා. අරන් ආවට පස්සේ කම්බි­ව­ලට රබ­ර්ව­ලට වෙනම මුද­ලක් වැය වෙනවා. ඒ බට කෑලි­ව­ලට කපා ගන්නේ වඩු මැෂින් එක­කින්. එත­න­ටත් කුලි­යක් දෙන්න ඕනේ. මොකද මං අවු­රු­ද්ද­කට කූඩු 5000කට වැඩිය හද­නවා. අතින් කපන්න ගියොත් වෙනම කාල­යක් ගත වෙනවා. හැබැයි දැන් නම් කූඩු පන්දා­හක් විකුණ ගන්න බෑ. ඒ කාලේ තමයි විකි­ණුවේ.

ඉස්සර නම් කොළ අල­වලා තමයි විකු­ණන්නෙ. දැන් ඕඩ­ර­යක් දුන්නොත් විත­රයි සවු­කොළ අල­වන්නෙ. මොකද ඉස්සර අපි ටිෂූ කොළ­යක් මිලදී ගත්තේ සත පන­හයි, රුපි­ය­ලයි, එකයි පන­හක මුද­ල­කට දැන් කොළ­යක් රුපි­යල් දහ­යයි, දොළ­හයි. එහෙම අල­වලා මිලක් නියම කරන්න බැහැ. අපේ මහ­න්සි­යට පම­ණක් සුළු මුද­ලක් තියා­ගෙන විකු­ණ­න­කොට ඊට දෙගු­ණ­ය­ක­ටත් වඩා අඩු මුද­ල­කින් වෙළෙඳ පොළේ ප්ලාස්ටික්, ආන­ය­නික කූඩු වර්ග බොහෝ­ම­යක් විකු­ණන්න තියෙ­නවා.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….