දිපවාලි උත්සවය ඉලක්ක කරමින් වෙළදසැල් පරික්ෂාවක්

හැටන් නගරයේ වෙළද සැල් පරික්ෂාවට ලක් කිරිමේ සෝදිසි මෙහෙයුමක් 04වන දින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ක්‍රියාත්මක කරන ලදි.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම මෙහෙයුමට එක්වු මහජන සෞඛ්‍යවරයකු පවසන ලද්දේ හැටන් නගරයේ සමහර වෙලදුන් කල් ඉකුත්වු ආහාර වර්ග මෙන්ම මිනිස් ආහාරයට නොසුදුසු ආහාර වර්ග විකිනිම සිදු කරන බවට ලැබෙන චෝදනා මත මෙම මෙහෙයුම ආරම්භ කිරිමට පියවර ගත් බවත්ය.
දිපවාලි උත්සවය ඉලක්ක කරමින් සමහර වෙලදුන් කල් ඉකුත්වු ආහාර වර්ග විකිනිමේ සුදානමක් පවතින බවටද තොරතුරු ලැබුන බවත් එම සියලු කරුනු පිලිබදව අවදානය යොමු කර මෙසේ මෙම වෙලද සැල් පරික්ෂාව සිදු කල බවද එම නිලධාරියා පැවසිය.
මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් 28 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම මෙහෙයුමට එක්වු බවත් මෙම මෙහෙයුමේදි කල් ඉකුත්වු ආහාර වර්ග ලග තබා ගැනිම, කල් ඉකුත්වන දිනයන් හා නිස්පාදිත දිනයන් සටහන් ලේබල් නොමැතිව විවිධ භාන්ඩ ලග තබා ගැනිම, අපිරිසිදු ලෙස ආහාර වර්ග ලග තබා ගැනිම යන චෝදනා මත වෙලදුන් කිප දෙනකුටම අධිකරනයේ නඩු පැවරිමට පියවර ගත් බවත් තවත් වෙලදුන් පිරිසකට දැඩි ලෙස අවවාද කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මේ අතර දිපවාලි උත්සව සමය තුලදි මගින්ගේ ගමන් පහසුව සදහා විශේෂිත බස් රථ සේවාවන් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව හැටන් ලංගම ඩිපෝවේ කළමණාකාර ඩබ්ලිව්. ජි. ජේ. කේ. කිර්තිරත්න මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු කිර්තිරත්න මහතා පවසන ලද්දේ ද්‍රවිඩ ජනතාවගේ වීශේෂ උත්සවයක් වන දිපවාලි උත්සවය මේ මස 12වන දිනට යෙදි ඇති බවත් එම උත්සවය සදහා පැමිනෙන ජනතාවගේ ගමන් පහසුව සදහා හැටන් ලංගම ඩිපෝව මගින් වීශේෂ බස් රථ සේවාවන් යෙදවිමට පියවර ගන්නා බවත්ය.

ඒ අනුව කොළඹ මහනුවර වැනි ප්‍රදේශවල සිට මෙන්ම වතු කරය නියෝජනය කරන ප්‍රදේශවල සිට හැටන් නගරය දක්වා වීශේෂ බස් රථ සේවාවන් යෙදවිමට පියවර ගෙන ඇති බවද ඔහු පැවසිය.

දිපවාලි උත්සව සමය තුලදි මගින්ගේ ගමන් පහසුව සදහා අවශ්‍ය බස් රථ ධාවනය කරවිමට අවශ්‍ය බැවින් මෙම ඩිපෝවේ සේවය කරන රියදුරු කොන්දොස්තර මහත්වරුන්ගේ නිවාඩුද මෙ මස 12වන දින දක්වා අත් හිටුවිමට පියවර ගෙන ඇති බවද කීර්තිරත්න  මහතා වැඩි දුරටත් පවසන ලදි.

දිපවාලි උත්සව සමය තුලදි හැටන් නගරයට පැමිනෙන ජනතාවගේ ආරක්ෂාව සදහා නගරය තුල වීශේෂිත ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇති බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු රංජිත් ජයසේන මහතා පවසන ලද්දේ දිපවාලි උත්සවය සදහා අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිම සදහා හැටන් නගරයට පැමිනෙන ජනතාවගේ ආරක්ෂාව සදහා විශේෂ ආරක්ෂක වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බවත්ය.

ඒ අනුව මෙම උත්සව සමය තුලදි නගරය තුල  නිල ඇදුමින් හා සිවිල් ඇදුමින් සැරසුන අතිරේක පොලිස් නිලධාරින් යෙදවිමටත් හැටන් නගරයට පැමිනෙන මාර්ගවල ක්ෂනික මාර්ග බාධක යෙදවිමටත් පිටස්තර ප්‍රදේශවල සිට පැමිනෙන රථ වාහන පරික්ෂාවට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු පවසන ලදි.

නගරයේ වීශේෂි ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කලද නගරයට පැමිනෙන සියලුම දෙනා තම මුදල් පසුම්බි හා තමන් පැලද සිට රන් ආභරන පරිස්සම් කර ගැනිමට තම තමන් පියවර ගත යුතු බවත් යම් සිදුවිමක් සිදුවුවහොත් වහාම 119 හෝ 051 2222222, 051 2222520 යන දුරකථන අංකවලට හෝ ලගම සිටින පොලිස් නිලධාරියකුට දැනුම් දෙන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද රංජිත් ජයසේන මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….