දෙළුම් වගාවෙන් රු.මිලියන 3.5ක ආදායමක් ඉපැයූ මඩකලපුවේ ගොවි මහත්තයා

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය මත මඩකලපුවේ චෙන්කලඩි හි සිදු කරන ලද දෙළුම් වගාව අතිශයින්ම සාර්ථක වී තිබේ.

මින් පෙර කිසිදු අවස්ථාවක මඩකලපුව දිස්ත්‍රික්කය තුළ වගාවක් ලෙස දෙළුම් වගා කිරීමට පියවර ගෙන නැත. නමුත් මඩකලපුවේ මුහුදු සුළඟ සමග දෙළුම් වගා කිරීමට සුදුසු පරිසරයක් ඇති බවට තහවුරු කර ගැනීමෙන් පසුව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා විසින් චෙන්කලඩි පළවායි ප්‍රදේශයේ අක්කර 10ක නියාමණ ව්‍යාපෘතියක් ලෙස දෙළුම් වගාව ආරම්භ කළේය.

මෙම දෙළුම් විශේෂය ඉන්දියාවේ වගා කරන භගවාන් නැමැති සුප්‍රකට දෙළුම් විශේෂය වේ.

අධි ඝනත්ව දෙපේළි ක්‍රමයට (High Density Double Raw System) මෙම වගාව සිදු කළ අතර ඊට අවශ්‍ය තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ලබා දුන්නේය.

මෙම දෙළුම් වගාවේ ගොවීන් කිහිප දෙනෙක් අක්කර භාගයක් බැගින් වගා කරනු ලැබූ අතර අස්වනු නෙළීම මේ වනවිට සිදු වන අතර එම දෙළුම් වගාවේ.

මෙම ගොවීන් සියලු දෙනාම වගාවේ අස්වනු නෙලීම අරඹා මාස 06ක් තුළ මේ වනවිට ඉහළ ආදායමක් උපයා ඇති අතර පළවායි ප්‍රදේශයේ දෙළුම් වගා කළ උදයකුමාර් මහතා මේ වනවිට රුපියල් මිලියන 3.5ක් අක්කර භාගයක දෙළුම් වගාවෙන් වැඩිම ආදායමක් උපයාගෙන ඇතැයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ඊයේ (12) දැනුම් දුන්නේය.

මඩකලපුවේ දෙළුම් වගාවෙන් පළමු අස්වැන්නෙන් මෙම මුදල උපයා ගැනීමට හැකි වී ඇති අතර තවත් වසර 20ක් පමණ මෙම වගාවෙන් ආදායම් උපයා ගැනීමට හැකි අතර වගාව අවසන් වන විට රුපියල් මිලියන 60ක් එක් ගොවි මහතෙකුට ආදායම් උපයා ගත හැකි බවද කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පවසයි.

දැනට දෙළුම් රටට අවශ්‍ය ප්‍රමාණය මෙරට නිෂ්පාදනය නොවෙන නිසා විශාල ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි. ඒ සඳහා විදේශ වීනිමය විශාල ප්‍රමාණයක් විදේශ රටවලට ඇදී යයි. නමුත් මේ වනවිට දෙළුම් වගාව මෙරට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පැවතීමද ඉදිරි කාලය තුළ මෙරටටඅ වශ්‍ය දෙළුම් ප්‍රමාණය මෙරට දීම නිපදවා ගැනීමට හැකි වනු ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලද නව දෙළුම් ප්‍රභේද දෙකක් මලී Pink සහ ලංකා Red යනුවෙන් හඳුන්වා දී ඇති අතර මේ වනවිට එම ප්‍රභේද දෙක කල්පිටිය ප්‍රදේශයේ සාර්ථක ලෙස වගා කර ඇත. ඊට අමතරව මඩකලපුව දෙළුම් වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියට උපදෙස් දුන්නේය.

ඒ අනුව මේ වනවිට තවත් ගොවීන් විසි දෙනෙක් තෝරා ගැනීමට කටයුතු යොදා ඇත.

තිස්සමහාරාම ප්‍රදේශයේ පුද්ගලික අංශයේ ගොවි මහතෙක් ද දැනට සාර්ථක ලෙස දෙළුම් වගාව සිදු කරමින් පවතී.

රසයෙන් හා ගුණාත්මකභාවයෙන් ඉහළ මෙම දෙළුම් ආනයනික දෙළුම්වලට නොදෙවෙනිව පැවැතීම ද විශේෂ කාරණයක් බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පවසයි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….