නුගේගොඩින් ගංජා පැළ තවානක් අල්ලයි

මිරිහාන තලපත්පිටිය ප්‍රදේශයේ  දෙමහල් නිවසක උඩුමහලේ පවත්වාගෙන ගිය ගංජා පැල තවානක්  සහ මෙරට තහනම් කර ඇති නීති විරෝධී දුම්වැටි සමග  පුද්ගලයෙක්  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසී.

අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන වෙඩි පිටියේ  කොට දයා නැමැත්තා ගේ ඥාතියෙක් වන බවත් කොට දයා නැමැති පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස ක්‍රියා කරන්නේ මෙම පුද්ගලයා බවත් මොහු වෙඩි පිටියේ සුදත් නැමැති නාමයෙන් හඳුන්වන බවත් විශේෂ කාර්ය බලකාය පැවසීය.
එම සැකකරු සමඟ ගංජා පැල විසිහතරක්, විදේශීය දුම්වැටි 25 ක්,හා හෑෂ් මත්ද්‍රව්‍ය මිලි ගෑම් 600ක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත් බවද පැවසීය.
එම නිවසේ මත්ද්‍රව්‍ය සාදයක්  පවත්වන බවට පොලිස් විශේෂ කාර්යය  ලද තොරතුරක් අනුව සංවිධානාත්මක  අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂක රන්ජන දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් වැටලීම සිදු කර ඇත.
ගංජා පැල  ඉටි කවර වල බහා නිවසේ උඩු මහලේ කොන්ක්‍රීට් තට්ටුව මත තවානක් ආකාරයෙන් සකස් කර තිබූ බවත් අනෙකුත් මත්ද්‍රව්‍ය නිවස තුල තිබී  අත්අඩංගුවට ගත් බව වැටලීම සිදු කළ  පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරු වැඩිදුර විමර්ශන  සඳහා මිරිහාන පොලිසිය වෙත භාර දී ඇත.
පොලිස් විශේෂ කාර්යය බලකා  අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර,බුද්ධි හා විශේෂ මෙහෙයුම් සහකාර පොලිස් අධිකාරී ඩි යු පි කොඩිතුවක්කු ,මහත්වරුන්ගේ උපදෙස් මත  වැටලීම සිදු කරනු ලැබුවේ  පොලිස් පරීක්ෂක රංජන දිසානායක මහතා විසිනි.
සමීර  අබේසිංහ – බොරලැස්ගමුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….