නුවරඑළියේ මන්දපෝෂණ තත්වය සහ අධ්‍යපාන මට්ටමද ඉහල දැමිය යුතුයි – වෛද්‍ය ආරුමුගම් ජෙයරාජන්

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පවතින දැඩි මන්දපෝෂණ තත්වයන් දුරලිම සදහා මෙහි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්නාසේම අධ්‍යපාන මට්ටමද ඉහල දැමිය යුතු බව ජාතිත ජනබල වේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපෙක්ෂක වෛද්‍ය ආරුමුගම් ජෙයරාජන් මහතා පවසයි.
හැටන්හි පිහිටි ඒ මහතාගේ නිවසේදි මාධ්‍ය වෙත මේ බව පැවසු වෛද්‍ය ආරුමුගම් ජේයරාජන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
පසු ගිය කාලයේදි මෙම දිස්ත්‍රික්කයෙන් පාර්ලීමේන්තුවට තේරි පත්වු සමහර දේශපාලකයන් මේ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවයන් පිලිබදව නිසි අවදානයක් යොමු කර නැහැ.
එම තත්වයන් මත අද වන විට මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමහර වතුවල සමහර ගම්මානවල නිසි ලෙස මාර්ග පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපක පහසුකම් ඉතාමත් අවම මට්ටමකයි පවතින්නේ එම තත්වයන් මත ලංකාවේ අනිකුත් පලාත් සමග සංසන්දනය කරන විට මේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පවතින්නේ ඉතාමඅඩු පහසුකම්.
එමෙන්ම මේ වන විට නුවරඑළිය දිස්ත්‍රිකය තුල මන්දපෝෂන තත්වයන් වැඩි වශයෙන් පවතිනවා එමෙන්ම අඩුබර දරු උපත්ද මෙම දිස්ත්‍රිකයේ වැඩියි මම වසර 15 පමන කාලයක් වෛද්‍යවරයකු ලෙස මෙම ප්‍රදේශයේ සේවය කරපු නිසා මේ බව මම දන්නවා මෙම තත්වයන් වෙනස් කිරිමට අවශ්‍ය උපදෙස් අපි නිතර නිතර ලබා දුන්නත් මෙම දිස්ත්‍රික්කයේ වීශේෂයෙන් වතුකරයේ ජනතාව තුල පවතින ආර්ථික තත්වයන් මත එම දරුවන්ට ගර්භනි මවුවරුන්ට අවශ්‍ය පෝෂදායක ආහාර ලබා දිමට නොහැකි තත්වයක් පවතිනවා.
මෙම තත්වයන් වෙනස් කිරිමට නම් මේ ජනතාවගේආර්ථික තත්වයන් වර්දනය කල යුතුයි එමෙන්ම ලබා දෙන සෞඛ්‍ය උපදෙස් හෝ ජිවිතය ගොඩ නගාගැනිමට ලබා දෙන වෙනත් උපදෙස් පිලිබදව දැනුවත් වෙන ආකාරයට මේ අයගේ අධ්‍යාපන තත්වයන් නගා සිටු විමටත් පියවර ගත යුතුයි.
එම තත්වයන් ඇති කිරිම සදහා ලංකාවේ අනිකුත් පලාත් තුල සිදුවන විවිධ සංවර්ධන යෝජනාවන්ට සරිලන ලෙස මෙම දිස්ත්‍රික්කය තුලද එවැනි සංවර්ධන කටයුතු ආරම්භ කල යුතුයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල සදහන් වෙනවා ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවලට එක සමානව කටයුතු කරන බව.
එම තත්වයන් මත ඉදිරියේදි මෙම නුවරඑළිය දිස්ත්‍රික්කය තුලද සිදු කරනු ලබන විවිධ සංවර්ධණ යෝජනා තුලින් මෙම දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආර්ථිකය නගා සිටුවිමට පියවර ගැනිමෙන් මෙම දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජිවන තත්වයන් නගා සිටුවිමටත් අපිට හැකි වෙනවා එය කිරිම සදහා මෙවර මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ බලයද ජාතික ජනබල වේගයට ලබා දිමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….