පළාතම හඬවමින් ගල්ගමුවේ “ආදරණීය චණ්ඩියා” අවසන් ගමන් යයි

ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වන ලදුව ප්‍රදේශවාසීන් ගේ නොමඳ දයානුකම්පාවට ලක් වෙමින් සිටියදී ඇහැටුවැව කදුරුවැවේ දී තවත් වන ඇතකු ගේ ප්‍රහාරයකට ලක් ව මියගිය චණ්ඩි හෙවත් තනි දළයා නම් වන හස්තියාගේ අවසන් කටයුතු ප්‍රදේශවාසීන් විශාල පිරිසක ගේ සෝ සුසුම් මැද අද(06) පෙ.ව10 ට කදුරුවැව වැව් පරිශ්‍රයේ දී සිදු කෙරිණ.මෙහි දී වන ජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව චණ්ඩි උදෙසා භික්ෂූන් වහන්සේලා උදෙසා මතක වස්ත්‍ර පූජාවක් ද සිදු කරන ලදී.තම ජීවිතයේ තරුණ වියේ දී විවිධ මුරණ්ඩුකම් පෑම නිසා චණ්ඩි නමින් ප්‍රකටව සිටි මෙම වන හස්තියා ගල්ගමුව ආශ්‍රිත මානව ජනාවාස වලින් ඉවත් කොට හොරොව්පතාන සහ මාදුරුඔය ආදී ප්‍රදේශවල වලට ගෙන ගොස් දැමීමට පසුගිය කාලයේ වන ජීවී නිලධාරීන් කටයුතු කොට තිබිණ.

එහෙත් සැවොම විස්මයට පත් කරමින් දින කිහිපයකින් චණ්ඩි තම නිජබිම වෙත ගල්ගමුවටම පැමිණ හිඳිනු දක්නා ලදී.එමෙන්ම පසුකාලීනව එම ප්‍රදේශවල චණ්ඩි විවිධ පුද්ගලයන් හොර සුරා නිෂ්පාදනය කිරීම සඳහා වනගතව සඟවා තබන ගෝඩා බැරල් සොයාගෙන ගොස් බීමට ඇබ්බැහි වීම නිසා ඔහු ප්‍රදේශයේ හොර සුරා නිෂ්පාදකයන්ට ද හිසරදයක් බවට පත් ව සිටියේ ය.නමුත් එමඟින් සීනි අධික ප්‍රමාණයක් ශරීර ගත වීම නිසා වරින් වර රෝගීව දුබල වූ චණ්ඩිට කිහිප අවස්ථාවකම ප්‍රතිකාර ලබා දෙන්නට පවා වන ජීවී නිලධාරීන්ට සිදු විය.එමෙන්ම පසු කාලීනව චණ්ඩි ගේ එක් ඇසක් අන්ධව අනෙක් ඇසේ පෙනීම ද බොහෝ දුරට දුර්වල වීම මත ඔහු කිසිවකුටත් හානියක් සිදු නොකළ අතර දිවා කාලයේ පවා නිදහසේ ගම් බිම් වල නිදැල්ලේ සැරිසරනු දක්නා ලදී.එමෙන්ම චණ්ඩි ගේ මෙම අසරණ බව වටහා ගත් ගල්ගමුව ප්‍රදේශයේ ජනතාව ද ඔහු ගේ දිවි පැවැත්ම සඳහා උපරිම සහායක් පළ කිරීම ඉතා පැහැදිලිව දැක ගත හැකි විය.මේ වන විට පනස් විය පසු කරමින් සිටි චණ්ඩි ඇහැටුවැව කදුරුවැව වන කලාපයට අලුතින් ආ ගැමියන් රට්ටා නමින් හඳුන්වන තරුණ ඇතකු ගේ ප්‍රහාරයට ලක් වනුයේ ඉකුත් 04 වන දා රාත්‍රියේ ය.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ ඇහැටුවැව,කදුරුගම ගැමියකු වන හිටපු ගල්ගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්ලියු.එම් අප්පුහාමි මහතා කීයේ චණ්ඩි වෙත එල්ල වී ඇති බරපතල මරණීය ප්‍රහාරයන් ඔහුගේ අන්ධ ඇස දෙසින් එල්ල වීම මත චණ්ඩිට තම සතුරා හා සටන් වදින්නට නොහැකි වන්නට ඇති බවකි.එමෙන්ම ගල්ගමුව ආශ්‍රිතව දිවි ගෙවනු ලදුව 2010 සහ 2018 යන වසර වල ඛේදනීය අකල් මරණ වලට ලක් වූ සියඹලංගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යන ඇතුන් දෙදෙනා ගේ වියෝවන් හැරුණු කොට ප්‍රදේශවාසීන් ගේ වැඩිම දු දොම්නසට හේතු වූයේ මෙම චණ්ඩි හෙවත් තනි දළයාගේ මරණය බව ප්‍රදේශ වාසීන් ගේ පොදු පිළිගැනීම වී තිබේ.ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ ගල්ගමුව සියඹලංගමුවේ පදිංචි චිත්‍ර කලා ගුරු උපදේශක ජේ රත්නායක මහතා පවසා සිටියේ පසුගිය කාලයේ ඇතැම් උදය කාල වල දී ගල්ගමුව සියඹලංගමුව මාර්ගයේ තමන්ගේ පාඩුවේ නිසංසලේ ගමන් කරන චණ්ඩි ගේ දර්ශනය ප්‍රදේශවාසීන්ට ප්‍රිය දසුනක් වූ අතර අඩුම තරමින් එම මාර්ගයේ ගමන් කරන වාහන වල රියැදුරකු වත් නලා ශබ්දයකින් වත් ඒ අසරණ සද්දන්තයාට බාධාවක් නොකොට ඔහුට ඒ සඳහා පූර්ණ ඉඩක් ලබා දුන් බව ය.චණ්ඩි ගේ දේහය වන ජීවී නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් අද පෙරවරුවේ කදුරුවැව වැව් රක්ෂිතයේම භූමදානය කරන ලදී.

හේමන්ත රන්බණ්ඩාර

vinivida.lk

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….