පාහියන්ගල ආනන්දසාගර ස්ථවිරයන් වෙත කරුණාවෙනි

ඔබ වහන්සේ විසින් පසුගිය දිනක සිදුකර ඇති ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ දකින්නට ලැබුණි. සමාජ තත්වයන් පිළිබඳව භික්ෂුවක් විසින් පළකරන අදහස් තුළ අන්තර්ගත විය යුතු කරුණු කාරණා සැලකීමේදී ඔබගේ ප්‍රකාශය ගැන අප තුළ ඇති වූයේ බලවත් කණගාටුවකි. එමෙන් ම භික්ෂුන් වහන්සේ නමක් ලෙස ඔබගේ චරිතයට කරගත් විශාල හානියකි.
එහිදී විශේෂයෙන්ම කරු ජයසූරිය මැතිතුමා ගැන සිදුකරන ලද කරුණු අප කිසිවිටක අනුමත නොකරන බව සලකන්න. කරු ජයසූරිය මැතිතුමා බෞද්ධ සාශනයට මහත් වූ සේවයක් කරමින් සිටින මහා සංඝරත්නයේ ප්‍රසාදය දිනාගත් වැදගත් මහත්මයෙකු බව අප අමුතුවෙන් සිහිපත් කරදිය යුතු නැත. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය මේ රටේ හිටපු රාජ්‍ය නායිකාවකි. පාඨලී චම්පික රණවක මැතිතුමා බුද්ධ සමාජය නියෝජනය කරන ප්‍රමුඛ දේශපාලන නායකයෙකි. ඒ කිසිවක් ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වමින් ඔබ කර ඇති ප්‍රකාශ මගින් වඩාත්ම අපහසුතාවයට පත්වන්නේ මේ රටේ මහා සංඝරත්නය බව සිහියට ගැනීම වැදගත්ය.
සැලකිල්ලට ගත යුතු අනෙක් වැදගත් කරුණ වන්නේ මේ රටේ වැඩිහිටි පරපුර ගැන ඔබවහන්සේ දරා ඇති ආකල්පයයි. එම පිරිස අදාළ කරගනිමින් ඔබ සඳහන් කර ඇති වචන කෙතරම් යෝග්‍යදැයි දැන්වත් කල්පනා කරන්නේ නම් මැනවි. ඒ මගින් අපහාස කර ඇත්තේ සමස්ථ වැඩිහිටි පරපුරටය. අපගේ හා ඔබගේ වැඩිහිටි දෙමාපියන්ද ඇතුළු ගුරු හිමිවරුන් ගැන හෝ කල්පනාවට නොගැනීම බලවත් වැරද්දකි.
ඉහත කරුණු ගැන වැඩිදුරටත් කිසිවක් නොකියමු. ඒ ගැන කල්පනා කිරීම මගින් අප තුළ ඇතිකරන්නේ වේදනාවකි. මෙය අප විසින් සිදුකරන බරපතල අවවාදයක් ලෙස සලකා ඉදිරියේදී සිහි නුවණින් කටයුතු කරනු ඇතයි අපි අපේක්ෂා කරන්නෙමු.

මෙයට,

මුගුණුවටවන සිද්ධත්ත ස්ථවිර
කැඳවුම්කරු,
සාධාරණ සමාජයක් සඳහා වන භික්ෂු සංසදය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….