පෞද්ගලික අංශයේ ආයෝජන සමඟ ලෝප්‍රකට වාහන සන්නාම රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රි ලංකාවේ එකලස් කෙරේ

මෝටර් රථ ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමත් සමඟ දේශීයව එකලස් කරන ලද වාහන සඳහා ඉල්ලුම ඉහළ ගොස් පවතින අවස්ථාවක, ශ්‍රී ලංකාවේ ආයෝජනයට නව මාවතක් විවර කරමින් ලෝ ප්‍රකට වාහන සන්නාම කීපයක් මෙරට එකලස් කිරීමට තීරණය කර ඇති බව කර්මාන්ත අමාත්‍යාංශයේ මෝටර් රථ අංශ උපදේශක කමිටුව පවසයි. ඒ අනුව Hyundai, Proton, BAIC, DFSK, Wuling, Cherry, Mahindra, TATA, Bajaj, TVS, JMC සහ Lanka Ashok Leyland යන සන්නාමවල වාහන මෙරටදී එකලස් කිරීමට තීරණය කර තිබේ. මේ අනුව පාරිභෝජන අවශ්‍යතාවය මත SUV, කාර්, යතුරු පැදි, ඩබල් කැබ්, ට්‍රක් රථ හා බස් වැනි වාහන පරාසයක් එකලස් කිරීමට අනුමැතිය හිමි වී ඇත. එමෙන්ම Nwow විදුලි යතුරු පැදි සහ KD Rize, Dyno සහ Senaro යන යතුරු පැදි සන්නාම ද එකලස් කෙරේ. JAC සහ FOTON ඇතුළුව තවත් ආයතන හතරක් ද ළඟදීම එකලස් කිරීම් ආරම්භ කිරීමට නියමිත වේ. මේ අනුව කර්මාන්ත තිහකට අධික ප්‍රමාණයක් මේ වසර අවසානය වන විට දේශීය එකලස් කිරීමේ කර්මාන්තයට එකතු වීමට නියමිතව ඇත.

කර්මාන්ත අමාත්‍යාංශයේ මෝටර් රථ අංශයේ උපදේශක කමිටුවේ සභාපති වන දිමන්ත ජයවර්ධන මහතාට අනුව ඩොලර් මිලියන 200 සිට ඩොලර් බිලියන 1 දක්වා අපනයනය වර්ධනය කිරීමට සැලසුමක් ඇත. මෝටර් රථ එකලස් කිරීම සඳහා මෝටර් රථ කර්මාන්ත කවුන්සිලය (AIC) විසින් තාක්ෂණික හා වෘත්තිය අධ්‍යාපනය සඳහා විෂය මාලාව සකසමින් පවතින අතර කර්මාන්ත අමාත්‍යංශ විසින් IATF සහතිකය එනම් ජාත්‍යන්තර සන්නාම සඳහා උපාංග නිෂ්පාදනය කිරීමේ දී අවශ්‍ය වන දේශීය මෝටර් රථ උපාංග නිෂ්පාදකයින් සඳහා වන මෙම සහතිකය සඳහා යන වියදමෙන් 50%ක ප්‍රමාණයක් සඳහා අනුග්‍රහය දක්වනු ඇත.

දේශීයව එකලස් කරන ලද වාහන සඳහා වැඩි පරිභෝගික කැමැත්තක් පවතින හෙයින් මෙම වාහන එකලස් කිරීම තුළින් ඉංජිනේරු සහ තාක්ෂණික රැකියා උත්පාදනය වන බව ජයවර්ධන මහතා ප්‍රකාශ කළ අතර මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය සඳහා විසි වසරක ප්‍රධාන සැලැස්මට අනුව වසර 2037 වන විට ශ්‍රී ලංකාව ගෝලීය මෝටර් රථ නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයක් බවට මෙන්ම වාහන එකලස් කිරිමේ අංශය ආශ්‍රිතව රැකියා 45,000 දක්වා ඉහළ නැංවීමටත් අවශ්‍ය කටයතු කර්මාන්ත අමත්‍යංශයේ අංශ උපදේශක කමිටුව සොයා බලන බව දිමන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….