බදු පනත් උල්ලංඝනය කරමින් බදු ලිපිගොනු විවෘත කරයි

news updates sri lanka sri lanka news lk

රජයේ ඉල්ලීම පරිදි “බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය“ (TIN) ලබා ගැනීම සඳහා පමණක් ලියාපදිංචිවූ මිලියනයකට අධික පිරිසකට බදු පනත් උල්ලංඝනය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ දිනවල බදු ලිපිගොනු විවෘත කර ඇතැයිද, ඔවුන්ට වහාම බදු ගෙවන ලෙස එම දෙපාර්තමේන්තුව විසින් ලිඛිතව දැනුම්දී ඇතැයිද අනාවරණය වේ.

මෙම පිරිස අතර දැනටමත් සිය වැටුපෙන් බදු ගෙවන පිරිස සහ රුපියල් ලක්ෂයකට වඩා අඩු අදායමක් ලබන එහෙත් වෙනත් ආදායමක් නොලබන බහුතරයක් සිටින බවද පැවසේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය බදු ඉලක්ක සපුරා ගැනීමේ අරමුණින් “බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය“ (TIN) සඳහා ලියාපදිංචිවූ මිලියනයකට අධික පිරිසකට මෙලෙස බදු ලිපිගොනු විවෘත කරන බවට තොරතුරු අනාවරණය වේ.

බදු ගෙවන්නන් හඳුනා ගැනීම සඳහා පමණක් වයස අවුරුදු 18 ට වැඩි අයවලුන්ට ටින් අංකය නිකුත් කරන බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගිය කාලයේදී මාධ්‍ය මගින් දැනුම් දුන්නේය. එමෙන්ම, ටින් අංකය ලබා ගන්නා සියලු දෙනාට බදු ගෙවීමට සිදු නොවන බවද එම නිවේදන මගින් සඳහන් කෙරිණි.

කෙසේ වුවද, මේ වනවිට ටින් අංකය ලබාගත් සියලු දෙනාටම අදාළ බදු ගෙවන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලිපි සහ කෙටි පණිවුඩයක්ද යවා ඇත.

2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනතේ 94 වගන්තිය අනුව ආදායම් බදු වාර්තා ඉදිරිපත් නොකළ යුතු පුද්ගලයන් කාණ්ඩ කර තිබේ. ඒ අනුව, යම් සේවා ආදායමක් උපයන අයෙක් එම ආදායමට අදාළ බද්ද ඔහුගේ වැටුපෙන්ම අය කරන්නේ නම් හෝ ඔහුට වෙනත් ආදායමක් නැතිනම් ආදායම් බදු වාර්තාවක් ලබාදීම අවශ්‍ය නොවන බව බදු පනතේ සඳහන්කර තිබේ. එමෙන්ම, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් විසින් 2023 වසරේ මාර්තු මස 29 වැනිදා නිකුත් කරන ලද මාර්ගෝපදේශ මාලාවේ 11 වැනි වගන්තියේද මේ බව සඳහන් කර තිබේ.

නීතිමය තත්ත්වය එය වූවත්, ටින් අංකය ලබාගත් සේවා ආදායම පමණක් තිබෙන, ඊට අදාළව බදු ගෙවන මෙන්ම වෙනත් ආදායමක් නොමැති මෙම පිරිසට බදු ලිපිගොනු විවෘත කිරීම ගැටලුවට තුඩුදෙන කාරණයකි.

ටින් අංකය ලබා ගැනීම සඳහා පමණක් ලියාපදිංචිවූ පිරිසට බදු ගෙවන ලෙස දැනුම්දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නීත්‍යනුකූල අයිතියක් නොමැති බවත්, පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද දේශීය ආදායම් බදු පනතේ කරුණු පවා උල්ලංඝනය කරමින් මෙලෙස බදු අයකෙරෙන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….