මස්කෙළියෙන් පැහැර ගෙන යනු ලැබු ඩොල්පින් රථය වව්නියාවෙන් සොයා ගනියි

මස්කෙළිය ප්‍රාදේශිය සභා කාර්යාලය අසල නවතා තිබුයදි පසු ගිය 09වන දින පැහැර ගෙන යනු ලැබු ඩොල්පින් වර්ගයට අයත් වැන් රථය වව්නියාව ප්‍රදේශයේ නිවසක් තුල සගවා තිබියදි හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින් පිරිසක් විසින් සොයා ගෙන ඇත.
කහවත්ත ප්‍රදේශයේ පිරිසක් මස්කෙළිය ප්‍රදේශයේ උත්සවයක් සදහා පිරිසක් රැගෙන පැමිනි අංක SPGU8857 දරණ ඩොල්පින් වර්ගයට අයත් වැන් රථය මස්කෙළිය ප්‍රාදේශීය සභා කාර්යාලය අසල නවතා තිබියදි පසු ගිය 09වන දින අලුයම් කාලයේදි යම් කිසි පිරිසක් විසින් පැහැර ගෙන ගොස් තිබුනි.
එම වැන් රථය එසේ පැහැර ගෙන යාමත් සමග ඒ පිලිබදව මස්කෙළිය පොලිසියට පැමිනිලි කිරිමෙන් අනතුරුව මස්කෙළිය පොලිසිය විසින් මේ පිලිබදව හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා වෙත වාර්තා කිරිමට පියවර ගන්නා ලදි.
එම දැනුම්දිම මත හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා විසින් මේ පිලිබදව පරික්ෂන මෙහෙය විම සදහා කොට්ඨාශ අපරාධ විමර්ශණ කාර්යාංශට බාර දිමෙන් පසුව මේ පිලිබදව පරික්ෂ මෙහෙය වන ලදි.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂණ කාර්යාංශයේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ටි. වි. ලක්ෂිත මහතා පවසන ලද්දේ පසු ගිය 09වන දින මස්ටෙකළිය ප්‍රාදේශීය සභා කාර්යාලය අසලදි පැහැර ගෙන යාමට ලක්වු වැන් රථය පිලිබදව පරික්ෂන මෙහෙය විම සදහා හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා විසින් උපදෙස් ලබා දුන් බවත්ය.
එම උපදෙස් මත කරන ලද පරික්ෂනවල ප්‍රථිපලයක් ලෙස මෙම වැන් රථය පැහැර ගෙන යාමට සම්බන්ද බවට සැකපිට කහවත්ත ප්‍රදේශයේදි එක් අයකු අත් අඩංගුවට ගත් බවත්ය.
එසේ අත් අඩංගුවට ගන්නා ලද සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරිමේදි මෙම වැන් රථය වව්නියාව මාන්කුලම් මල්ලාවිය ප්‍රදේශයේ නිවසක සගවා තිබියදි අත් අඩංගුවට ගත් බවත්ය.
හැටන් කොට්ඨාශ අපරාධ විමර්ශණ කාර්යාංශයේ දුෂණ මර්ධණ අංශයේ දුෂණ මර්ධණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ටි. වි. ලක්ෂිත, පොලිස් සැරයන් 54607 කමල්, පොලිස් කොස්ථාපල්වරුන් වන 505 චාමර, 94058 නිරංජන්, 29734 ලක්ෂාන්, 10-0766 දර්ශන්, 105059 ප්‍රසාන්ත්, 100757 රජිබන්, පොලිස් කොස්ථාපල් රියදුරු වීජේකුමාර් යන නිලධාරින් විසින් මෙම වැටලිම කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….