මාධ්‍ය උපමාන සමාජ මාධ්‍යයන්ට ද අදාළයි – නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්

mathiwarana komisin sabawa

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහාද අදාළ වන බවත් මැතිවරණ කාල සීමාව තුළ මෙම උපමානවලට අනුව සමාජ මාධ්‍ය කටයුතු කළ යුතු බවත් ඉදිරියේදී මාධ්‍ය ආචාර ධර්ම ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන බවත් මැතිවරණ නියොජ්‍ය කොමසාරිස් පියුමි ආටිගල මෙනවිය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (9) පැවති ජනාධිපතිවරණය පිළිබඳ මැතිවරණ කොමිසමේ විශේෂ කරුණු දැක්වීමට එක්වෙමින් ඇය මේ පිළිබඳව සඳහන් කරනලදි.

සමාජ මාධ්‍ය නියාමනය සඳහා මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමක් යොදා ඇති අතර මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් , ස්වේච්ඡා කණ්ඩායම් ලබා දෙන තොරතුරු සමාජ මාධ්‍ය නියාමන කමිටුව වෙත යොමු කර අනතුරුව සුදුසු උපාය මාර්ග උපමාන සමග ගළපා සෘජුව සමාජ මාධ්‍ය මාධ්‍ය පරිපාලකයන් සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කරයි.

සෑම විටම මැතිවණ කොමිසන් සභාව නිකුත් කරන ලද විධානයන්ට සහ උපමානවලට අනුව කටයුතු සමාජ මාධ්‍යයන්ද කටයුතු කළ යුතු බව පෙන්වා දෙන කොමසාරිස්වරිය ඡන්ද විමසීම් කාල සීමාවේදී දුස් තොරතුරු සංසරණය සිදු වන බැවින් මේ පිළිබඳව සූක්ෂ්මව සොයා බැලීමට කණ්ඩායමක් යොදවා ඇති බවද ඒ සඳහා වගකිව යුතු ආයතතනවල සහයෝගය ලබා ගන්නා බවද ඇය කියා සිටියේය.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේදී වෙනත් පක්ෂයකට හෝ අපක්ෂකයකුට හානි සිදු කරන අයුරින් කටයුතු කරන බවට හෝ වැරදි තොරතුරු විකෘති තොරතුරු භාවත කරන බවට නිරීක්ෂණය වන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාව මේ සම්බන්ධව සෘජුව මැදිහත් වීමක් සිදු කෙරෙන බවද ඇය පෙන්වා දෙනලදි.

මේ වන විට තරුණ පිරිස් tik-tok සහ Instagram වැඩිවශයෙන් භාවිත කරන බැවින් පළමු වරට ඡන්දය භාවිත කරන තරුණ ප්‍රජාවගේ ඡන්ද භාවිතාව සමාජ මාධ්‍ය සමග බැඳී ඇති බැවින් මේ සම්බන්ධව කොමිසම විශේෂ අවධානයක් යොමු කර ඇති බවද කොමසාරිස්වරිය සඳහන් කරනලදි.

එසේම මැතිවරණ කොමිෂන් සභාව නිහඬ කාලයක් ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී සමාජ මාධ්‍ය නිහඬ කිරිම අසීරු බව පෙන්වා දෙන කොමසාරිස්වරිය මෙම කාලයේ සිදු කෙරන ප්‍රචාරණයෙන් අනිසි බලපෑමක් සිදුවන බව පෙන්වා දුන් අතර චක්‍ර ලේඛ සහ අණ පනත් මගින් ප්‍රචාරණ කටයුතු සීමා කිරීමට ක්‍රියා කර ඇති බවත් ඇය පෙන්වා දෙනලදි.

තවද වෛරී ප්‍රකාශනයන්, දුස් තොරතුරු සංසරණය වන්නේ නම් ඒ් පිළිබඳව කටයුතු කිරීමටද කොමිසම සූදානම් බව පෙන්වා දෙන කොමසාරිස්වරය මැතිවරණ කාල සීමාවව තුළ මාධ්‍ය උපමානවලට අනුව කටයුතු කරන ලෙසද ඉල්ලීමක් කරනලදි.

මෙවර මැතිවරණයේදී කෘත්‍රිම බුද්ධිය භාවිත කෙරෙනු ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය සහයෝගය සහ උපදෙස් ලබා දීමට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කර ඇති බවද සමාජ මාධ්‍ය මගින් යම් අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් අගතියට පත් නොවන ලෙස කටයුතු කරන ලෙසද ඇය මෙහිදී ඉල්ලීමක් කරනලදි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….