මුඛ පිළිකා වැඩි වෙයි!

muka-pilika

ලෝකයේ දෙවන තැනට මුඛ පිළිකා වාර්තා වන්නේ ශ්‍රි ලංකාවෙන් බව ජාතික පිළිකා මර්දන ඒ්කකය පවසයි.

වසරකට මෙරටින් පිළිකා රෝගීන් 31,800 ක් පමණ වාර්තා වන අතර ඉන් 2700 ක් පමණ මුඛ පිළිකා රෝගීන්ය. දිනකට මුඛ පිළිකා ආශ්‍රිත මරණ 2-3 ක් පමණ සිදු වන බවද එම ඒ්කකය පවසයි.

දැනට වාර්තාවී ඇති රෝගීන්ගෙන් සියයට 60ක් පමණ පසු අවදියේ ( III හා IV අවධිවල) පසු වන අතර අවසන් අවධියේ පිළිකාවලට ප්‍රතිකාර කිරීමෙන් පසුව ජීවත්වීමේ හැකියාව අඩුවන බව ජාතික පිළිකා මර්දන ඒකකය පෙන්වාදෙයි. එමෙන්ම මුඛ පිළිකා පිරිමි පුද්ගලයන් අතර බහුල වන අතර කාන්තාවන් අතර බහුලතම පිළිකාවන් 10 අතරට එය අයත් වේ.

ජාතික පිළිකා මර්දන ඒ්කකය මේ බව සඳහන් කර සිටින්නේ හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනය ජූලි (27) ට යෙදීම නිමිත්තෙනි.

එම ඒ්කකය පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේ පසුගිය වසර 20 ඇතුළත මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රොසියා රෝගීන් 9 ගුණයකින් වැඩිවී ඇත.

පුවක් භාවිතය මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී තිබේ. ජාතික පිළිකා මර්දන ඒකකය පෙන්වාදෙන ආකාරයට අනාදිමත් කාලයක සිට දකුණු ගිනිකොනදිග ආසියාව සහ පැසිපික් කලාපවල පුවක් භාවිතාකර ඇත. ලෝකය පුරා පුවක් හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදන භාවිතා කරන්‍නන් මිලියන 600ක් පමණ ජීවත්වේ. 2004 වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පුවක් පිළිකා කාරකයක් බවට ප්‍රකාශයට පත්කර ඇත. පුවක් ආශ්‍රිත නිෂ්පාදන දීර්ඝ කාලීනව භාවිතා කිරීමෙන් මුඛ පටක ආපසු හැසිරවිය නොහැකි පරිදි වෙනස්වීමකට භාජනය වන අතර එය මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රොසියා ලෙස හැඳින්වේ.

දුම්කොල සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ වර්ෂ 2006 අංක 27 දරණ පනතට අනුව සියලුම දුම්කොල නිෂ්පාදන අඩංගු පුවක් නිෂ්පාදන ආනයනය, නිෂ්පාදනය, විකිණීම හෝ විකිණීමට ඉදිරිපත් කිරීම තහනම්කර ඇත. සියලුම සපන පුවක් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පිළිකාකාරක වන බැවින් එම නිෂ්පාදන භාවිතය ආරම්භ කිරීමෙන් වළකින ලෙසත් පුවත් ආශ්‍රිත නිෂ්පාදන භාවිතා කර ඇත්නම් හෝ දැනටමත් භාවිතා කරන්නේනම් නොපමාව වෛද්‍යවරයෙකු ලවා සායනික මුඛ පරීක්ෂාවක් සිදුකර ගන්නා ලෙසත් ජාතික පිළිකා මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මුල් අවස්ථා‍වේ හඳුනාගැනීමෙන් ප්‍රතිකාර කිරීම මඟින් රෝගය උත්සන්න වීම වලක්වාගත හැකිය. පසු අවධිවලදී මුඛ පටකවල වෙනස්වීම් යථා තත්ත්වයට පත් කළ නොහැකි නිසා ජීවිත කාලය පුරාම ආහාර අනුභවය, ගිලීම සහ කථනය වැනි එදිනෙදා ක්‍රියාකාරකම් සීමා වේ. මුඛය තුළ පවත්නා දැවිල්ල, මිරිස් සහිත ආහාර ගැනීමට අපහසුවීම, මුඛ ශ්ලේෂමලයේ දැක්නට ලැබෙන සුදුමැලි ස්වභාවය සහ තොල්වල දක්නට ලැබෙන සුදුමැලි ස්වභාවය මුඛ පිළිකාවක මූලික රෝග ලක්ෂණ වේ.

මෙවැනි ලක්ෂණ ඇතිවුහොත් ඕනෑම දන්ත ශල්‍යාගාරයින් කලින් හඳුනාගැනීම සිදුකර ගැනීමට හැකියාව ලැබේ. මේ සඳහා වැඩිදුර ප්‍රතිකාර මූලික රෝහල් දිස්ත්‍රික් මහ රෝහල්, පළාත් මහ රෝහල් සහ ශික්ෂණ රෝහලවල ස්ථාපිත මුඛ හනුක හා වක්ත්‍ර ශල්‍ය ඒකක මඟින් ලබාගත හැකි බව ද ජාතික පිළිකා මර්දන ඒකකය පවසයි.

ශානිකා

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….