මේ රට බංකොලොත් රාජ්‍යක් බවට ලෝකයට ප්‍රකාශ කල අවස්ථාවේ රට බාර ගත් එකම නායකයා

මේ රට බංකොලොත් රාජ්‍යක් බවට ලෝකයට ප්‍රකාශ කල අවස්ථාවේ පාර්ලීමේන්තුවේ මංත්‍රිවරුන් 54 දෙනකු සිටි විපක්ෂ නායකවරයා මේ රට බාර ගන්න බාර නොගත් අවස්ථාවේදි  වත්මන් ජනාධිපති මේ රට බාර ගෙන නැවත සංවර්ධනය කරා ගෙන ගිය බව එක්සත් ජාතික පක්ෂ ආගරපතන සංවිධායිකා කල්‍යාණි සතරසිංහ මහත්මිය පවසයි.

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරිමේ රැස්විමක් අමතමින් මේ බව පැවසු කල්‍යාණි සතරසිංහ මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පැවසිය.

අද දක්ෂ පිරිසක් ඉන්න බව කියන විපක්ෂය එදා මේ රටේ ආර්ථිකය කඩා වැටිලා නිතිය වල්වැදිලා තියෙන කොට මේ රට බාර ගන්න කියද්දි මේ විපක්ෂයේ සිට අද රට බාර ගන්න ඉල්ල දෙගොල්ම මේ රට බාර ගත්තේ නැහැ.

එදා ඒ අය වේවුල වේවුලා හිටියේ මේ කඩා වැටුන රට බාර ගත්තොත් තම දේශපාලන ගමන වල පල්ලට වැටෙයි කියලා බයට එදා මහ දවල් මංත්‍රිවරයකු මහ පාරේ මරද්දි මැති ඇමතිවරුන්ගේ ගෙවල් ගිනි තියද්දි පාර්ලිමේන්තුව ගිනි තියන්න හදද්දි මේ රටට මෙහෙම වෙන්න දෙන්න බැහැ මේ රට බේර ගන්න ඕන කියන මතය මත මේ රට බාර ගත්තේ එදා පාර්ලීමේන්තුවේ තනිව සිටි රනිල් වික්‍රමිංහ මහතායි.

එදා පැවති අසිරු තත්වය මත මේ රට බාර ගෙන ආන්ඩු පක්ෂයේ අයගේ සහයෝගය මත අයි.එම් .එෆ්. එක සමග කතා කරමින් ඔවුන්ගේ සහායෝගය ලබා ගෙන තෙල් පොලිම් ගැස් පොලිම් නැති කරන්න හදන විටත් සමහර කුහක පිරිස් මේ රටට ඩොලර් එවන්න එපා කියද්දි මේ රට අද පවතින මේ තත්වයට ගෙන ආවේ රනිල් වික්‍රමසිංහ මහතායි.

එදා රනිල් වික්‍රමසිංහ මහතා මේ රට බාර ගත්තේ නැතිනම් මේ රට බංගලිදේශයට වඩා හපන් වෙනවා එත් මේ රටේ පොදු ජනතාවගේ නිති ගරුක ජනතාගේ වසනාවට රනිල් වික්‍රමසිංහ මහතා මේ රට බාර ගෙන ගැස් පොලිම් තෙල් පොලිම් කිරි පිටි පොලිම් නැති කරලා මේ රට යම් තත්වයකට ගෙන ආවා.

එම නිසා මේ රට තව දුරටත් සංවර්ධනය කිරිමට තවත් අවුරුදු පහකට මේ රට රනිල් වික්‍රමසිංහ මහතාට බාර දිමට මේ රටේ ජිවත්වන සියලුම දෙනා පියවර ගත යුතුයි මොකද මේ රට වෙනත් අයකුට ගියෝත් සිදු වන්නේ මේ රට නැවත විනාශයට පත් විමයි.

එම විනාශය වලක්වා ගෙන මේ රට තවත් සංවර්ධන කිරිම සදහා මෙවර ජනාධිපති මැතිවරණයේදි ඔබලාගේ වටිනා ඡන්ද ගෑස් සිලින්ඩරයට ලබා දිලා රනිල් වික්‍රමසිංහ මහතා නැවත මේ රටේ ජනාධිපති ලෙස පත් කිරිමට පියවර ගන්නා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….