මේ රටේ යුක්තිය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක්!

ජාවාරම්කාර ව්‍යාපාරික පැලැන්තිය සිටින්නේ රටේ පාර්ලිමේන්තුවට, මුදල් අමාත්‍යාංශයට ඉහළින් නම් එය මේ රටේ යුක්තිය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පාර්ලිමේන්තුව අමතමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ තමන් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බව ය.

“පළමු ව සහල් මිල අඩු වෙලා තියෙන නිසා, වී මිල දී ගැනීමේ මිල අඩු වෙලා තියෙන නිසා මේ තිරිඟු පිටි මිල පාලනය කරලා, ඒක ඉහලට ගන්න. අරගෙන, ඒකට බදු පනවලා, සහල් ගොවියා ආරක්ෂා කරන්න ඕනෙයි කියලා කිව්වා. ඊළඟට, මේ රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලබා දෙන්න ඕනෙයි කියලා කිව්වා. එතකොට මේ මිල ස්ථායි කරණයේ අරමුණ තමයි රට ඇතුළේ තියෙන තිරිඟු පිටි තොගවල ප්‍රමාණය අඩු කිරීම. ඒක තමයි මුදල් අමාත්‍යාංශයේ ස්ථාවරය. ඒක නම් ස්ථාවරය මේ ගැසට් නිවේදනය ගහපු ජූනි දාහතර වෙනිදා තිරිඟු පිටි තොග කොපමණ තිබුණා ද කියන එක පිළිබඳ ගණන් බැලීමක් කරලා ඉන්න තිබුණා. එහෙම කිසිම ගණන් බැලීමක් කරලා නැහැ. ඒ අනුව මේ මාස දෙක ඇතුළත මේ තොග ප්‍රමාණය අඩු වුනා ද, වැඩි වුනා ද කියලා මුදල් අමාත්‍යාංශයට කිසිම අවබෝධයක් නැහැ.

අගෝස්තු මාසේ 11 වෙනිදා වෙන කොට තිරිඟු සහ තිරිඟු පිටිත් එකතුව ටොන් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් තොග තිබෙන බව, වෙළඳ අමාත්‍යාංශය දැනුම් දීලා තියෙනවා. ඒ අනුව මාසෙකට හැටදාහක් යන්නේ. මාස හතරකට අවශ්‍ය කරන තොග දැනට තිබෙනවා. ඒ නිසා අඩු වුන අය, ඒ අඩුවීම නිසා ඇතිවෙන තත්වය වාසිය ලැබෙනවද කියන එක ගැන කිසිම ගණනය කිරීමක් කරන්න බෑ. ඒ වගේම මේ තුළින් අයථා ලාභයක් මේ ආයතනයට හා ප්‍රීමා ආයතනයට ලැබෙනවාය කියන චෝදනාව ගැන සලකා බලන්න වෙන්නේ, අනිවාර්යයෙන්ම මේ බදු වැඩි කිරීමක් සිද්ධ වුනොත් එහෙම, මේ ටොන් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයට කොපමණ අයථා ලාභයක් මේ ආයතනවලට ලැබෙනවාද කියන එක. ඒ ගැන අපි විස්තරයක් වෙළඳ අමාත්‍යාංශයෙන් ඉල්ලුවත්, එම විස්තරය මුදල් කාරක සභාවට ලබා දීලා නැහැ.

තොග අඩු කිරීම නම් අරමුණ මේ සමාගම් දෙක තමයි රටේ තිරිඟු වෙළඳාමෙන් 80% කට වැඩි ප්‍රමාණයක් උපයන්නේ. එතකොට අනිත් 20 නවත්තලා මේ 80 ට විතරක් ඉඩදීමෙන් පුළුවන්ද තොග අඩු කරන්න කියන ගැටලුව එනවා. තිරිඟු පිටි කිලෝව රු.200 ට තියෙනවයි කිව්වා. නමුත් මම ගිහින් බත්තරමුල්ලේ කඩේකට අද තිරිඟු පිටි තියෙන්නේ කිලෝව රු. 225 යි. මුදල් අමාත්‍යාංශයේ ගණනය කිරීම අනුව සෘජුව තිරිඟු පිටි ගෙනාවනම් සියලුම ලාභ අපේක්ෂා දීලා පාරිභෝගිකයාට දෙන්න පුළුවන් රු. 184.44 කට. ඒක මේ වාර්තාවේ තියෙනවා.

එතකොට මෙතන ඉඳන් මේ රු. 40ක පමණ වාසියක් කවුද ලබාගන්නේ කියන ප්‍රශ්නය. ටොන් හැටදාහකට අනුව මාසයකට රුපියල් බිලියන දෙකයි දශම හතරක ලාභයක් කවුද උපයන්නේ කියන එක ගැටළුවක්. ධාන්‍ය හැටියට ගේන තිරිඟු පිටි පරිවර්තනය කරලා ගන්න ඒවා රු.207.50 කට අලෙවි කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපේ වෙළඳ ඇමතිතුමා පියවර ගන්න ඕනේ. මුදල් අමාත්‍යාංශයත් පියවර ගන්න ඕනේ. මේ අයථා ලාභය පාලනය කරලා අපි යෝජනා කරපු පරිද්දෙන් රු. 198 ට තිරිඟු පිටි අපේ ජනතාවට ලබා දෙන්න.

සීනි බදු වංචාවත් මේ මුදල් කාරක සභාවේ ගරු අනුර යාපා මැතිතුමා ඉන්න කාලේ මතුවෙච්ච දෙයක්. ඊට පස්සේ ඒක කෝපා ආයතනයෙන් මතු කරපු දෙයක්. මේක සිද්ධ වුණේ 2021 ජූනි මාසේ. ගාන රුපියල් බිලියන දාසයයි. මේක අය කරගන්න කියලා මේ පාර්ලිමේන්තු නියෝගයක් මුදල් අමාත්‍යාංශයට ගියා. ඒ අතරේ මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නැති හින්දා ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා ඒ නඩුව තාම යනවා. දැන් මොකක්ද උත්තරේ? මේ මුදල් කාරක සභාව මේ බදු අය කරගන්නේ නැති වීම ගැන අවුරුදු දෙකක් තිස්සේ මේ සීනි මුදලාලිලාට යටවෙලා ඉන්න එක ගැන උත්තරේ තමයි අර නඩුව නිසා මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ කියලා. ඒ අනුව මුදල් කාරක සභාවේ නඩුවට පෙනී සිටින නීතිඥයා වෙච්ච එම් ඒ සුමන්දිරන් මහත්තයා කිව්වා අපට දෙන්න නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපට දෙන්න මුදල් අමාත්‍යාංශයෙන් එකඟතාවයක්, එම එකඟතාවය අපි උසාවියට දැනුම් දෙන්නම්. එතකොට අපි නඩුව ඉවත් කරගන්නම්. ඒ අනුව බදු අයකරගන්න කියලා. මොකද නඩුව දාලා තියෙන්නෙත් බදු අයකරගන්න කියලා. දැන් කියලා තියෙනවා එවැනි එකඟතාවයක් අපට ලබා දෙන්න බෑ කියලා. මොකක්ද මේ තත්ත්වය?

මේ රටේ ජාවාරම්කාර පිරිසක් රුපියල් බිලියන දාසයක්, කෝටි එක්දාස් හයසීයක් වංචා කරලා නිදැල්ලේ ඉන්නවා අවුරුදු දෙකක්. මෙච්චර රටේ ආදායම් පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්න බැරි නම්, ඒ ව්‍යාපාරික පැලැන්තිය ඉන්නේ රටේ පාර්ලිමේන්තුවට, මුදල් අමාත්‍යාංශයට ඉහළින් නම්, ඒක මේ රටේ යුක්තිය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක්. මේ ගැන අනාගතයේදීත් අපි දිගටම ප්‍රශ්න කරනවා.

සිමෙන්ති වලට රු.100 ක සෙස් බද්දක් දානවා කියලා තියෙනවා. සිමෙන්ති සම්බන්ධයෙන් ඇති වූ වාර්තාව තමයි සිමෙන්ති වලින් රු. 700 ක පමණ ලාභයක් ලැබෙන බව. අපි මේ පිළිබඳත් ගණනය කිරීමක් කළා. රේගු දෙපාර්තමේන්තුව විසින් හා අපේ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව තිබෙන පර්යේෂණ අංශ විසින් අනිවාර්යෙන්ම කිලෝ පනහක සිමෙන්ති බෑග් එකක් රුපියල් 1859 කට දෙන්න පුළුවන්. මේක 2600 දක්වා තමයි මිල නියම කරලා තියෙන්නේ. දැන් මේක 2100 ට දෙනවා කියලා තියෙනවා. ඒ අනුව මං වෙළඳ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා අනිවාර්යෙන්ම රු. 2000 ට ඉහළින් සිමෙන්ති විකුණනවා කියන්නේ, අනිවාර්යෙන්ම බරපතල ලාභයක් මේ සිමෙන්ති සමාගම් දෙක, තුනකට හිමි වෙනවා කියන එක. ඒ වගේම මේ රටේ ඉදිකිරීම් කර්මාන්තය ගැන බැලුවොත් විශේෂයෙන්ම මේකත් එක්ක ගැටගැහිලා තියෙන යකඩ පිළිබඳ බැලුවත් මෙච්චරයි. ටොන් එකකට අති විශාල ලාභයක්, සමාගම් දෙක තුනක් විසින් උපයන බව අපේ ගණනය කිරීම්වලින් අපිට පෙන්නලා තිබෙනවා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, 2015 ඉඳන් 2019 දක්වා දුගී නිවාස හිමියන්ට දාලා තියෙන බිලියන හැටකට වැඩිය ණය දීලා තියෙන, ගෙවල් 92000 ක් සම්පූර්ණ කරලා නෑ. නාගරික සංවර්ධන අධිකාරිය, දුගී ජනතාවට හදන්න දීපු ගෙවල් වලින් තට්ටු නිවාස 3000 ක් හදලා නෑ. මධ්‍යම පාන්තික නිවාස 200 ක් හදලා නෑ. 2020 ඉඳන් 2022 ට තවත් 6000 ක් හදලා නෑ. අඩුම ගානේ වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ මේ සිමෙන්ති හා වෙනත් ගොඩනැගිලි ද්‍රව්‍යවල යුක්තිය ඉටු කරලා, මේ දුගී ජනතාවගේ අතරමග නවත්තලා තියෙන මේ ගෙවල් ලක්ෂෙවත් හදන්න අපි වැඩපිළිවෙලක් තියෙන්න ඕන. එහෙම නැත්නම් 2020 ඉඳන් 50% කට වඩා කඩා වැටිලා තියෙන ඉදිකිරීම් ක්ෂේත්‍රය මෙවැනි බදුවලින් වත් ගොඩනගන්න බෑ. මම වැදගත්ම කාරණය කියන්න ඕනේ. සිමෙන්ති වලින් දැනට කොට්ටයකට, ඒ කියන්නේ කිලෝ පනහකට, රුපියල් නමසීයකට ආසන්න බදු අය කරනවා.

2012 ඉඳන් ඇතිකරපු ටාටා ව්‍යාපෘතිය, ඉම්පීරියල් ව්‍යාපෘතිය, ඒ අයට මේ ඉඩම් ලබාදුන්නේ තඹ දොයිතුවක් අය කරන්නේ නැතුව කොළඹ නගරයේ වටිනා ඉඩම්. අද වෙනකන් තමන්ගේ ව්‍යාපෘතිය අවසන් කරලා නැහැ දැන් අවුරුදු දහයකට ආසන්න කාලයක්. ඒ ගැන අපි බී. ඕ. අයි. එකේ අවධානය යොමු කරනවා. වරාය නගරය ගැන ඉදිරිපත් කරලා තියෙනවා. වරාය නගරය ඉතාම වැදගත් සැලසුමක් අපි 2018 ගෙනාවා කියන වාස්තු විද් යාත්මක සමාගමෙන්. අද ඉතා කණගාටුයි කියන්න, පුංචි කඩ ගහලා තැඹිලි විකුණන තැනක් බවට වරාය නගරය පත්කරලා තියෙනවා. මේ රටේ මූල්‍ය නගරය හදන්න හිටපු තැන.”

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….