රට දියුණු කිරීමට නම් දේශපාලකයා මෙන්ම ජනතාව ද බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි

රට දියුණු කිරීමට නම් දේශපාලකයා මෙන්ම ජනතාවත් බුද්ධිමත්ව කටයුතු කළ යුතු යැයි එක්සත් මහජන පක්ෂයේ නායක, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ නුවරඑළිය නගර ශාලාවේ පැවති එක්සත් මහජන පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“ලොකුම අභියෝගය තමා කුඩු සහ පාතාලය තුරන් කර, රටේ තරුණ ප්‍රජාව ආරක්ෂා කර යහපත් තරුණ ප්‍රජාවක් නිර්මාණය කිරීම. අපි දැන් ඒක සාර්ථකව කරගෙන යනවා. එදා තිබූ කුඩු ප්‍රමාණය අද නෑ. එදා හැමදාම වෙඩි තැබීම් වාර්තා වුණා. ඒත් දැන් එහෙම නෑ. ඒ ඔක්කොම යහපත් අතට හැරුණේ යුක්තිය මෙහෙයුම හරි විදිහට කර වැරදිකරුවන් අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කළ නිසයි. නව දේශපාලන ක්‍රමවේදයක් හරහා ජාති, ආගම් භේදවලින් තොරව ප්‍රතිපත්තියක් ඇතිව රට ගොඩදාන්න තමා එක්සත් මහජන පක්ෂය එක්ක අපි කරන්න යන්නේ.

සමහර දේශපාලන පක්ෂ අනිසි ලෙස මහජනතාව පාවිච්චි කළාට ජනතාවට කිසිම හොඳක් වෙන්නේ නෑ. මහජනයා රවට්ටලා ඡන්දෙ අරන් දේශපාලකයන් වැජඹෙනවා. අපි පක්ෂයක් හැටියට කවදාවත් එහෙම කරන්නේ නෑ. මහජනතාවට යහපතක් කිරීම තමයි අපේ පක්ෂයේ මූලික අරමුණ. කා එක්කද වැඩ කරන්නේ කියලා මම සහ අපේ පක්ෂය තීරණය කරන්නේ එයා දූෂණයෙන් තොර එක්කෙනෙක් නම් සහ වැඩක් කරන්න පුළුවන් කෙනෙක් නම් විතරයි. මම මහජනතාවගෙන් ඉල්ලන්නේ අපත් එක්ක එකතු වෙන්න කියලයි.”

එක්සත් මහජන පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුවට එහි දේශපාලන කටයුතු ලේකම් හේමප්‍රිය කවිරත්න, පක්ෂ පාලක කමිටු සාමාජිකයෝ, නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක පද්මනාදන් රාජේන්දන් සහ දිස්ත්‍රික් සංවිධායිකා නදීකා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….