රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රට තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි

dailyreporter

රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රට තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොපමණ සකස් කළත් ඊට අදාළ ලෙස මානව සම්පත කළමනාකරණය නොකළහොත් එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ප්‍රයෝජනයක් ගත නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ මාතර කොටපොල, ඉලුක්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ උත්සවයට ඊයේ (25) එක්වෙමිනි.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ 1981 කණ්ඩායමේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් 12 වන යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ ශ්‍රම දායකත්වයෙන් මෙම නව ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

පාසල වෙත පැමිණි සාගල රත්නායක මහතාව සිසු දරුවන් විසින් හරසරින් පිළිගනු ලැබීය.

පාසල් සිසුන්ගේ කලාත්මක හැකියාවන් විදහා දක්වන කලා අංග කිහිපයක්ද ඉදිරිපත් කෙරිණි.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා මෙසේද පැවසීය,

මෙම දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මාස හයක් වැනි කෙටි කාලයක් ගත වුණේ. මෙම පාසලේ භෞතික සම්පත් පමණක් නොව දූ දරුවන්ගේ අධ්‍යාපනයත් මේ වන වනවිට වෙනස් වෙමින් තිබෙනවා. මෙම කටයුතුවලදී විදුහල්පතිවරයා සිදු කරන කැපවීම ප්‍රශංසනයයි. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම්වලදි යුද හමුදාව විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.

රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රට තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතුයි. සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් නැති රටක් සාර්ථක වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට අධ්‍යාපන වැඩසටහන් සකස් කරන්න පුළුවන්. නමුත් එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මානව සම්පත කළමනාකරණය කළ යුතුයි. පසුගිය කාලයේ රටේ ආර්ථිකය කඩාවැටී තෙල් පෝලිම්, ගෑස් පෝලිම් තිබුණා. එම අවස්ථාවේ රටේ නායකත්වය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර මෙරට ආර්ථික තත්ත්වය යම් තැනකට ගෙන ඒමට කටයුතු කළා.

එතනින් එහාට ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට නව වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා මේ වන විට ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කරමින් සිටිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීම මේ වන විට සිදු කර තිබෙනවා. දැන් මහ බැංකුව රටට, ජනතාවට වගකිවයුතුයි. ඒ වගේම සෑම ආයතනයක්ම රටට හා ජනතාවට වගකිව යුතුයි. ඊට අදාළ නීති මේ වන විට සකස් කර තිබෙනවා. එසේ නොකරන ආයතන ප්‍රධානීන්ට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට මෙමඟින් හැකියාව ලැබෙනවා.

ඒ වගේම රටේ සෑම පළාතක්ම සංවර්ධනය කිරීම සඳහා ආර්ථික වැඩපිළිවෙළක් නිර්මාණය කර තිබෙනවා. ඒ ඒ පළාතට ආවේණික ක්‍රමවේද මගින් එම පළාතේ ආර්ථිකය දියුණු කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. රටේ ආර්ථිකය ගොඩනැගිමේ ක්‍රියාවලියේදී දෙනියායටත් විශේෂ ස්ථානයක් හිමි වෙනවා. තේ ඇතුළු වැවිලි කර්මාන්තය මෙන්ම සංචාරක කර්මාන්තයේදීත් දෙනියායට වැඩි අවස්ථාවක් ලැබී තිබෙන බව කිවයුතුයි. ඒ අනුව මේ ප්‍රදේශයේ ජනතාවටත් වියදමට සරිලන ආදායමක් ලබා ගැනීමට හැකි පසුබිමක් අප සකස් කරනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ද, කොළඹ රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ 1981 කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජික අමන්ද වීරසිංහ මහතා ඇතුළු සාමාජිකයන් සහ කොටපොල, ඉලුක්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ඒ.ජී.එන්.සී. ලක්මාල් මහතා සහ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….